Applicable Translations हिन्दी தமிழ் English Español ગુજરાતી عربي

මැවුම්කරුගේ පැවැත්ම පිළිබඳ සාධක මොනවාද?

මැවුම්කරු පිළිබඳ විශ්වාසය පදනම් වී ඇත්තේ හේතුවක් නොමැතිව දේවල් මතු නොවනු ඇත යන කාරණය මතය. විශාල ජනාවාස වූ මෙම භෞතික විශ්වය සහ එහි සිටින ජීවීන්ට ඉතා සියුම් විඥානයක් ඇති අතර ඒවා ගණිතයේ අභෞතික නියමයන්ට අවනත වේ. සීමිත භෞතික විශ්වයක පැවැත්ම පැහැදිලි කිරීම සඳහා, අපට ස්වාධීන මූලාශ්රයක්, අභෞතික හා සදාකාලික මූලාශ්රයක් අවශ්ය වේ.

අහම්බෙන් විශ්වය නිර්මාණය වීමට හැකියාවක් නැත. මන්ද අහඹු සිදුවීම ප්රධාන හේතුවක් නොව, අහඹු ලෙස මෙම සාධක වලින් යමක් සෑදීම සඳහා (කාලය, අවකාශය, පදාර්ථය සහ ශක්තියේ පැවැත්ම) යනාදි වෙනත් සාධක මත එය රඳා පවතින අතුරු ඵලයක් වන බැවිනි. "අහම්බෙන්" යන වචනය කිසිවක් පැහැදිලි කිරීම සඳහා භාවිතා කළ නොහැක. මන්ද එය කිසිසේත්ම කිසිවක් නොවන බැවිනි.

නිදසුනක් වශයෙන්, පුද්ගලයෙකු තම කාමරයට ඇතුළු වී ජනේල වීදුරුව කැඩී ඇති බව දුටු විට, ජනේල වීදුරුව කැඩුවේ කවුදැ?යි ඔහුගේ පවුලේ අයගෙන් ඔහු විමසනු ඇත. එවිට ඔවුහු: එය අහම්බෙන් කැඩී ඇත යැයි පිළිතුරු දෙති. මෙහි දී පිළිතුර වැරදිය. හේතුව ඔහු ජනේලය කැඩුනේ කොහොමදැයි විමසා සිටියේ නැත. ඔහු විමසා සිටියේ ජනේලය කැඩුවේ කවුදැයි යනුවෙනි. අහඹු සිදුවීම ක්රියාවේ විස්තරයක් මිස කළ අය ගැන නොවේ. ඔවුන් පැවසිය යුතු නිවැරදි පිළිතුර විය යුත්තේ: 'එය කඩා දැමුවේ මේ පුද්ගලයාය' යැයි පවසා පසුව එය කඩා දැමූ තැනැත්තා අතින් අහම්බෙන් හෝ හිතාමතා සිදු වූවක් යන්න පැහැදිලි කිරීමය. විශ්වයට සහ ජීවීන්ට ද එය අදාළ වේ.

විශ්වය සහ ජීවීන් නිර්මාණය කළේ කවුදැ?යි අප විමසා සිටි විට, ඒවා අහම්බෙන් සොයාගත් බව සමහරු පිළිතුරු දුන්නොත්, මෙහි පිළිතුර වැරදිය. මන්ද අප විශ්වය ඇති වූයේ කෙසේද යන්න විමසුවේ නැත. නමුත් අප විමසා සිටියේ විශ්වය නිර්මාණය කළේ කවුද යන්නය. ඒ අනුව, අහඹුව යනු සිදු කරන්නෙකු හෝ විශ්වයේ නිර්මාතෘවරයෙකු හෝ නොවේ.

මෙහිදී ප්රශ්නයක් පැන නැගෙයි: එනම් විශ්වයේ නිර්මාතෘ එය නිර්මාණය කළේ අහම්බෙන් ද එසේ නැතහොත් හිතාමතාම ද යන්නයි. ඇත්ත වශයෙන්ම, ක්රියාව සහ එහි ප්රතිවිපාකය අපට පිළිතුර ලබා දෙයි.

අපි නැවතත් ජනේලයේ උදාහරණය වෙත යොමු වුවහොත්, යමෙකු ඔහුගේ කාමරයට ඇතුළු වී ජනේල වීදුරුව කැඩී ඇති බව දැක ඔහු එය බිඳ දැමුවේ කවුදැ?යි ඔහුගේ පවුලේ අයගෙන් විමසූ විට, ඔවුන් ඔහුට 'මෙම පුද්ගලයා අතින් අහම්බෙන් එය කැඩී ගියේය.' යැයි පිළිතුරු දෙයි. මෙහි දී පිළිතුර පිළිගත හැකි සහ සාධාරණ වේ. මන්ද වීදුරු කැඩීම අහම්බෙන් සිදුවිය හැකි අහඹු සිදුවීමකි. නමුත් එම පුද්ගලයාම පසුදින ඔහුගේ කාමරයට ඇතුළු වී කැඩුනු ජනේල වීදුරුව අලුත්වැඩියා කරනු ලැබ පෙර තිබූ ආකාරයෙන්ම දැක ගන්නට ලැබූවහොත් ඔහු ඔහුගේ පවුලේ අයගෙන් එහි ආරම්භය ගැන විමසූ විටෙක, ඔවුන් ඔහුට: මෙය අහම්බෙන් අලුත් වැඩියා වී ඇතැයි පිළිතුරු දුන්නේ නම්, මෙහි පිළිතුර ද පිළිගත නොහැක්කකි. එපමණක් නොව එය තාර්කික ද විය නොහැකි ය, මන්ද වීදුරු අලුත්වැඩියා කිරීමේ ක්රියාව අහඹු ක්රියාවක් නොවන බැවිනි. එය සංවිධානාත්මක ක්රියාවක් වන අතර රීති මගින් නියාමනය වන්නකි. ඒ අනුව පළමුව හානියට පත් වීදුරු ඉවත් කිරීම, ජනේල රාමුව පිරිසිදු කිරීම, පසුව රාමුවට සුදුසු නිවැරදි ප්රමාණවලින් නව වීදුරු කපා, පසුව රබර් ද්රව්ය සමඟ රාමුව තුළ වීදුරුව ස්ථාපනය කිරීම, පසුව රාමුව එහි ස්ථානයේ සවි කිරීම යනාදී සියල්ල අවශ්ය වේ. මෙම ක්රියා අහම්බෙන් සිදු විය නොහැක. ඒවා හිතාමතාම සිදු විය යුතු වේ. තාර් කික රීතිය මෙසේ කියයි: ක්රියාව පද්ධතියකට යටත් නොවී, එය අහම්බෙන් සිදු වූවක් නම්, එය අහඹු සිදුවීමක් විය හැකිය. නමුත් එය සංවිධානාත්මක, අන්තර් සම්බන්ධිත ක්රියා සහ පද්ධතියක් හේතුවෙන් ඇති වූ ක්රියාවක් නම්, එය අහම්බෙන් සිදු විය නොහැක්කකි. එය හිතාමතාම සිදු කර තිබිය යුත්තකි.

අපි විශ්වය සහ ජීවීන් දෙස බැලුවහොත්, ඒවා සියුම් හා නිසි නීති පද්ධතියන්ට යටත් ව ගමන් කරනවාක් සේම, ඒවා දැඩි පද්ධතියකින් යුතුව සාදන ලද බව අපට පෙනී යනු ඇත. එබැවින් අප පවසා සිටිනුයේ: විශ්වය සහ ජීවීන් අහම්බෙන් නිර්මාණය වී තිබීම තර්කානුකූල විය නොහැකි බවයි. ඒවා හිතාමතාම නිර්මාණය කර තිබිය යුතුය. මේ සමග විශ්වයේ නිර්මාණය යන ගැටලුවෙන් එය අහම්බෙන් සිදු වූ බවට දරණ මතය ඉවත් කෙරේ. [10]. අදේවවාදය සහ ආගම්වාදය විවේචනය කිරීම සඳහා ස්ථාපිත නාලිකාව: https://www.youtube.com/watch?v=HHASgETgqxI

මැවුම්කරුවෙකුගේ පැවැත්ම පිළිබඳ සාක්ෂි අතරින්:

1- මැවීම හා පැවැත්ම පෙන්වා දෙන සාධක:

මින් අදහස් කරන්නේ විශ්වය කිසිවක් නොමැතිව නිර්මාණය කිරීමෙන්, මැවුම්කරු දෙවියන්ගේ පැවැත්ම පෙන්නුම් කරන බවයි.

"නියත වශයෙන් ම අහස් හා මහපොළොව මැවීමෙහි ද රාත්රිය හා දහවල මාරු වීමෙහි ද බුද්ධිමත් අයට පැහැදිලි සාධක ඇත." (11) (ආලු ඉම්රාන්: 190) (අල් කුර්ආන්:190)

2- අනිවාර්යය භාවය පෙන්වා දෙන සාධක:

සෑම දෙයකටම ප්රභවයක් ඇති බවත්, මෙම ප්රභවයට මූලාශ්රයක් ඇති බවත් අපි පවසන්නේ නම්, එසේ මෙම අනුපිළිවෙල සදහටම පවතින්නේ නම්, සැබැවින්ම අපි ආරම්භයකට හෝ අවසානයකට පැමිණීම තර්කානුකූල වේ. ප්රභවයක් නොමැති මූලාශ්රයකට අප ළඟා විය යුතු අතර, මෙය අපි "මූලික හේතුව" ලෙස හඳුන්වන්නෙමු. එය මූලික සිදුවීමෙන් වෙනස් වේ. උදාහරණයක් ලෙස, මහා පිපිරුම මූලික සිදුවීම යැයි අපි උපකල්පනය කරන්නේ නම්, මෙම සිදුවීමට හේතු වූ මූලික හේතුව නිර්මාතෘ ය.

3- පරිපූර්ණත්වය හා නිරවද්යතාව පෙන්වා දෙන සාධක:

මින් අදහස් කරන්නේ විශ්වයේ නිර්මාණය හා එහි පවතින සියුම් න්යායයන් මැවුම්කරු දෙවියන්ගේ පැවැත්ම පෙන්නුම් කරන බවයි.

"ඔහු වනාහි අහස් සතම (එකිනෙක උඩ පිහිටන සේ) තට්ටු වශයෙන් මැව්වේය. කරුණාවන්තයාගේ මැවීම්හි පරස්පරතාවයන් නුඹ නොදකිනු ඇත. එහෙයින් යම් පැලීමක් නුඹ දකින්නේ දැයි නෙත් යොමු කර බලනු." (12) (අල්-මුල්ක්: 3) (අල්-මුල්ක්: 3)

“සැබැවින්ම අපි සෑම දෙයක්ම මවා ඇත්තේ පෙර නියම කළ ප්රමාණයකට අනුවය.” (13) (අල්-කමර්: 49) (අල් කමර්: 49)

4- රැකවරණය පෙන්වා දෙන සාධක:

මිනිස් සම්භවය සඳහා සම්පූර්ණයෙන්ම සුදුසු පරිදි විශ්වය ගොඩනඟා තිබීම. මෙම සාක්ෂිය දිව්යමය දයාවේ හා සුන්දරත්වයේ ගුණාංග වෙත යොමු වේ.

"අල්ලාහ් වනාහි ඔහු අහස් හා මහපොළොව මැව්වේය. තවද අහසින් ජලය පහළ කළේය. එමගින් ඔහු නුඹලාට පෝෂණය වශයෙන් බවභෝග මතු කළේය. තවද ඔහුගේ අනුමැතියෙන් මුහුදේ ගමන් කරනු වස් නුඹලාට නැව් වසඟ කර දුන්නේය. තවද නුඹලාට ගංගාවන් ද වසඟ කර දුන්නේය."(14) (ඉබ්රාහීම්: 32) (ඉබ්රාහීම්: 32)

5- නතුකර දීම හා සැළසුම් කිරීම පෙන්වා දෙන සාධක:

එය දිව්ය බලයේ හා තේජාන්විතභාවයේ ගුණාංග සමඟ පමණක් සුවිශේෂී වේ.

"තවද ගොවිපළ සතුන් ද ඔහු නුඹලා වෙනුවෙන් ඒවා මැව්වේය. එහි නුඹලාට ආරක්ෂිත ඇඟලුම් හා ප්රයෝජන ඇත. තවද නුඹලා ඒවායින් අනුභව කරන්නෙහුය." (5) "විවේකය සඳහා සවස් වරුවේ ගාල් කරන විට ද උදෑසන තණ බුදින්නට දක්කාගෙන යන විට ද නුඹලාට එහි අලංකාරය ඇත." (6) "නුඹලා අසීරුවෙන් මිස ඒ වෙත ගෙන යාමට නොහැකි වූ ගමක් වෙත උන් නුඹලාගේ බඩුබාහිරාදිය උසුලාගෙන යති. නියත වශයෙන්ම නුඹලාගේ පරමාධිපති සානුකම්පිතය. මහා කාරුණිකය." (7) "තවද අලංකාරයක් ලෙස ද ඒවායෙහි නැග ප්රවාහනය කරනු පිණිස ද අශ්වයින් කොටළුවන් හා බූරුවන් ද (ඔහු මැව්වේය.) තවද නුඹලා නොදන්නා දෑ ද ඔහු මවනු ඇත." (8) (15) (අන්-නහ්ල්: 5-8)

6- සුවිශේෂීගත කිරීම පෙන්වා දෙන සාධක:

මින් අදහස් කරන්නේ විශ්වයේ අප දකින දේ බොහෝ ආකාරවලින් විය හැකි නමුත් සර්වබලධාරී දෙවියන් ඒවායින් හොඳම ස්වරූපය තෝරා ඇති බවයි.

"නුඹලා පානය කරන ජලය දෙස නුඹලා සිතා බැලුවෙහු ද?" (68) "එය වලාකුළෙන් පහළ කළේ නුඹලා ද? එසේ නැතහොත් (එය) පහළ කරන්නෝ අපිද?" (69) "අපි අභිමත කර ඇත්නම් එය ලුණු බවට පත් කරන්නට තිබුණි. එහෙයින් නුඹලා ගුණගරුක විය යුතු නොවේ ද?" (70) (16) (අල් වාකිආ: 68,69,70)

"නුඹගේ පරමාධිපති දෙස ඔහු හෙවණැල්ල කෙසේ දිගු හැරියේ දැයි නුඹ නොබැලුවෙහි ද? තවද ඔහු අභිමත කළේ නම් එය එක්තැන් වූවක් බවට ඔහු පත් කරන්නට තිබුණි. පසු ව අපි ඒ වෙත සාධකයක් බවට හිරු පත් කළෙමු." (අල්-ෆුර්කාන්: 45) (17) (අල්-ෆුර්කාන්: 45)

විශ්වය නිර්මාණය වූ ආකාරය සහ පවතින ආකාරය පැහැදිලි කිරීමට ඇති හැකියාව ගැන අල්-කුර්ආනය සඳහන් කරයි. The Divine Reality: God, Islam & The Mirage of Atheism. Hamza Andreas Tzortzi

"එසේ නැතහොත් කිසිවක් නොමැති ව ඔවුන් මවනු ලැබුවෝ ද? එසේ නැතහොත් මවන්නෝ ඔවුහු ද?" (35) "එසේ නැතහොත් ඔවුහු අහස් හා මහපොළොව මැව්වෝ ද? නැත, ඔවුහු තිරසාර ලෙස විශ්වාස නොකරති." (36) "එසේ නැතහොත් නුඹගේ පරමාධිපතිගේ භාණ්ඩාගාර ඔවුන් ළඟ තිබේ ද? එසේ නැතහොත් ඔවුන් ආධිපත්යය දරන්නෝද?" (37) (19) (අත්තූර් :35-37)

එසේ නැතහොත් කිසිවක් නොමැති ව ඔවුන් මවනු ලැබුවෝ ද?

විශ්වයේ නිර්මාතෘවරයෙකු නැතැයි යන උපකල්පනය අප අවට ඇති බොහෝ ස්වාභාවික නීතිවලට පටහැනි වේ. සරල උදාහරණයක් නම් ඊජිප්තුවේ පිරමිඩ කිසිවක් නොමැතිව සොයා ගන්නා ලදී යැයි පවසන්නාක් මෙනි. එය මේ මතය ප්රතික්ෂේප කිරීමට ප්රමාණවත්ය.

එසේ නැතහොත් මවන්නෝ ඔවුහු ද?

ස්වයං-නිර්මාණය: විශ්වය, එය විසින්ම නිර්මාණය කළ හැකි ද? "මැවීම්" යන්නෙන් අදහස් කරන්නේ නොතිබී ඇති වූ දෙයකි. ස්වයං-නිර්මාණය තාර්කික හා ප්රායෝගික විය නොහැකිය. එකම වේලාවේ යමක් පැවතීම සහ නොතිබීම විය නොහැකිය යන යථාර්ථය ස්වයං නිර්මාණය වෙත යොමු කෙරේ. එය විය නොහැකි කරුණකි. මිනිසා තමන් විසින්ම තමන් මවා ගත් බව පැවසීමෙන් අදහස් වන්නේ ඔහු පැවතීමට පෙර පැවතුණු බව ය.

එය කෙතරම් ද යත් සමහර සංශයවාදීන් අදහස් දක්වමින්, ඒක සෛලික ජීවීන් තුළ ස්වයං-නිර්මාණය වීමේ හැකියාව ඇති බව ප්රකාශ කරන විට පවා එසේමය. පළමුවෙන්ම, මෙම සාකච්ඡාව මතු කිරීම සඳහා පළමු සෛලය පැවති බව උපකල්පනය කළ යුතු වේ. අපි මෙම කියමන උපකල්පනය කරන්නේ නම්, මෙය ස්වයං-නිර්මාණයක් නොව, ප්රජනන ක්රමයකි (අලිංගික ප්රජනන ක්රමයකි). එමඟින් තනි ජීවියෙකුගෙන් පරම්පරාව පැන නැගෙන අතර එම මාපියන්ගේ ජානමය ද්රව්ය පමණක් ඔහුට උරුම වේ.

බොහෝ අය, ඔබව නිර්මාණය කළේ කවුදැයි ඔබ ඔහුගෙන් විමසූ විට, ඔහු සරලව පවසන්නේ: මගේ මේ ජීවිතයේ පැවැත්මට හේතුව මගේ දෙමාපියන් බවය. එය කෙටියෙන් සහ මෙම උභතෝකෝටිකයට මගක් සෙවීමට අදහස් කරන පිළිතුරක් බව පැහැදිලිය. මනුෂ්යයා ස්වභාවයෙන්ම ගැඹුරින් සිතන්නට උත්සාහ කිරීමට කැමති නැත. මන්ද තම දෙමාපියන් මිය යන බවත් ඔහු පවතින බවත් එම පිළිතුරම දීම සඳහා ඔහුගේ පරම්පරාව ඔහු පසුපස එන බවත් ඔහු දන්නා බැවිනි. එමෙන්ම ඔහුගේ දරුවන් මැවීමට පවා ඔහුට කිසිදු විකල්පයක් නොමැති බව ද ඔහු දනී. එසේ නම් සැබෑ ප්රශ්නය: මනුෂ්ය වර්ගයා නිර්මාණය කළේ කවු ද? යන වගයි.

එසේ නැතහොත් ඔවුහු අහස් හා පොළොව මැව්වෝ ද?

මැවුම්කරුවාණන් සහ විධායකයාණන් පමණක් හැර තමන් අහස හා පොළොව මැවූ බව ප්රකාශ කළ කිසිවෙක් සිටියේ නැත. ඔහු තම දූතයන් මනුෂ්ය වර්ගයා වෙත එවන අවස්ථාවේ මෙම කාරණය හෙළි කළේය. සත්යය නම්, අහස් සහ පොළොවේ මෙන්ම ඒවා අතර ඇති සියල්ලේ උත්පාදක, මැවුම්කරු සහ හිමිකරු ඔහුය. ඔහුට සහකරුවෙක් හෝ පුතෙක් නැත.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

“අල්ලාහ්ගෙන් තොර ව නුඹලා විශ්වාස කළවුන් නුඹලා ඇරයුම් කරනු. අහස්හි හා මහපොළොවේ අණුවක තරම් ප්රමාණක් හෝ ඔවුන් සතුව නැත. තවද ඒ දෙකෙහි කිසිදු හවුලක්ද ඔවුනට නොමැත. ඔවුන් අතුරින් කිසිදු උරදෙන්නකු හෝ ඔහුට නැතැයි (නබිවරය!) ඔබ පවසනු.” (සබඃ:22) (20) (සබඃ: 22)

අපට මෙහි උදාහරණයක් ඉදිරිපත් කළ හැක. එනම් පොදු ස්ථානයක බෑගයක් හමු වූ විට, බෑගයේ විස්තර සහ එහි ඇතුළත ඇති දෑහි විස්තර දන්වා සිටින, බෑගයේ හිමිකරු තමා යැයි පවසන කිසිවකු පැමිණියේ නැත. මෙවන් අවස්ථාවක මෙම බෑගය වෙනත් තැනැත්තෙකු පෙනී සිට එය ඔහුගේ බව ප්රකාශ කරන තුරු අහුලා ගත් තැනැත්තාගේ අයිතිය බවට පත් වේ. මෙය මානව නීතිවලට අනුව ය.

මැවුම්කරුගේ පැවැත්ම:

ඒ සියල්ල අපව නොවැළැක්විය හැකි පිළිතුර වෙත යොමු කරයි, එනම් මැවුම්කරුවෙකුගේ පැවැත්මයි. අරුම පුදුම දෙය නම්, පුද්ගලයෙකු සෑම විටම මෙම හැකියාවෙන් ඈත්ව ඇති බොහෝ හැකියාවන් උපකල්පනය කිරීමට උත්සාහ කරයි, මෙම හැකියාව, බැහැර කරන ලද සහ විශ්වාස කිරීමට හෝ ඔහුගේ පැවැත්ම සත්යාපනය කළ නොහැකි පරිකල්පනීය දෙයක් බඳුය. අපි අවංකව, සාධාරණ ස්ථාවරයක් සහ තීක්ෂ්ණ බුද්ධිය සහිත විද්යාත්මක බැල්මක් ගන්නේ නම්, මැවුම්කරු දෙවියන්ව ආවරණය කර ගත නොහැකි ය යන යථාර්ථය වෙත අපට ළඟා කර දෙයි. මන්ද ඔහු මුළු විශ්වයම මැවූ තැනැත්තා වන බැවින් ඔහුගේ ස්ව පැවැත්ම මිනිස් අවබෝධයෙන් ඔබ්බට වූවකි. මෙම අදෘශ්යමාන බලය එහි පැවැත්ම තහවුරු කිරීම පහසු නොවන බව අපි උපකල්පනය කිරීම තාර්කිකය. මෙම බලය මිනිස් සංජානනයට සුදුසු යැයි හැඟෙන ආකාරයෙන් තමා විසින්ම හෙළි කළ යුතුය. මෙම අදෘශ්යමාන බලය පවතින සත්යයක් බවත් මෙම පැවැත්මේ රහස පැහැදිලි කිරීමට මෙම අවසාන සහ ඉතිරිව ඇති හැකියාව සමඟ වන නිශ්චිතභාවයෙන් ගැලවීමක් නොමැති බවත් ඒත්තු ගැන්විය යුතුය.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"එහෙයින් නුඹලා අල්ලාහ් වෙත වේගයෙන් යනු. නියත වශයෙන්ම මම නුඹලා වෙනුවෙන් ඔහුගෙන් වූ පැහැදිලි අනතුරු හඟවන්නෙකි." (අද්-දාරියාත්: 50) (21) (අද්-දාරියාත්: 50)

එමෙන්ම අපි සදාකාලික යහපත, සැපය සහ සදාකාලිකත්වය සොයන්නේ නම්, මෙම මැවුම්කරු දෙවියන්ගේ පැවැත්ම විශ්වාස කර පිළිගත යුතු වේ.