Applicable Translations हिन्दी தமிழ் English Español ગુજરાતી عربي

මැවුම්කරුගේ ගුණාංග මොනවාද? ඔහු අල්ලාහ් ලෙස හඳුන්වන්නේ ඇයි?

මැදපෙරදිග සිටින කිතුනුවන්, යුදෙව්වන් සහ මුස්ලිම්වරුන් (අල්ලාහ්) යන වචනය දෙවියන් වහන්සේට යොමු කිරීමක් ලෙස භාවිතා කරන අතර එහි තේරුම එකම සැබෑ දෙවියන්, මෝසෙස්ගේ සහ ජේසුස් වහන්සේගේ දෙවියන් යන්නයි. මැවුම්කරු තමන් ගැන ශුද්ධ වූ අල්-කුර්ආනයේ "අල්ලාහ්" යන නමින් හා අනෙකුත් නම් සහ ගුණාංගවලින් නිර්වචනය කර ඇත. පැරණි ගිවිසුමේ පැරණි අනුවාදයේ "අල්ලාහ්" යන වචනය 89 වතාවක් සඳහන් වී තිබීම දක්නට ලැබේ.

අල් කුර්ආනයේ සඳහන් සර්වබලධාරී අල්ලාහ්ගේ ගුණාංග අතරින්: මැවුම්කරු. යන නාමයද එක් ගුණාංගයකි.

"ඔහු අල්ලාහ්ය. මැවුම්කරුය. උත්පාදකය. මූර්තිකරුය. ඔහුට අලංකාර නාමයන් ඇත. අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු සුවිශුද්ධ කරති. තවද ඔහු සර්ව බලධාරීය; මහා ප්රඥාවන්තය."(2) (අල්-හෂ්ර්: 24) (අල්-හෂ්ර්: 24)

ඔහු ප්රාරම්භභකයාය. ඔහුට පෙර කිසිවක් හෝ කිසිවෙක් නැත. ඔහු අවසානයාය. ඔහුට පසු කිසිවක් හෝ කිසිවෙක් හෝ නැත. "ඔහු ප්රාරම්භකයාය. අවසානයාය. විද්යාමානයාය. (අදෘෂ්යමාන) අභ්යන්තරයාය. තවද ඔහු සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය."(3) (අල්-හදීද්: 3)

සැලසුම් කරන්නා කළමනා කරන්නා "අහසේ සිට මහපොළොව දක්වා වූ සියලුම කරුණු ඔහු සැලසුම් කරයි."(4) (අස්-සජදා: 5) (අස්-සජදා: 5)

සර්වඥානී සර්වබලධාරී "...නියත වශයෙන්ම ඔහු සර්වඥානී සර්ව ශක්තිය ඇත්තාය." (5) (ෆාතිර්: 44)

ඔහුගේ මැවීම් අතරින් කිසිවකුගේ ස්වරූපයෙන් ඔහු නිරූපණය නොවෙයි. "ඔහු වැනි කිසිවකුත් නොමැත. තව ද ඔහු සර්ව ශ්රාවක හා සර්ව නිරීක්ෂක වේ." (6) (අෂ්-ෂූරා: 11) (අෂ් ෂූරා: 11)

ඔහුට කිසිදු හවුල් කරුවකු නැත. ඔහුට කිසිදු දරුවකු නැත: (නබි මුහම්මද්!) පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීයය. (1) අල්ලාහ් ස්වාධීනය. (2) ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය. (3) තවද ඔහුට සමාන කිසිවෙකු නොවීය. (7) (අල්-ඉක්ලාස්: 1-4) (අල් ඉක්ලාස්: 1-4)

ප්රඥාවන්තය: "...තවද අල්ලාහ් සර්වඥානී; සර්ව ප්රඥාවන්ත ය."(8) (අන්-නිසා: 111) (අන් නිසා: 111)

යුක්ති ගරුකය: "ඔබේ පරමාධිපති කිසිවකුට අපරාධ සිදු කරන්නේ නැත." (9) (අල්-කහ්ෆ්: 49) (අල්-කහ්ෆ්: 49)

මැවුම්කරු බිහිකළේ කවු ද?

මෙම ප්රශ්නය මැවුම්කරු පිළිබඳ වැරදි මතයක් සහ ඔහු මැවීම්වලට උපමා කිරීමේ ප්රතිඵලයකි. මෙම වැරදි මතය තාර්කිකව සහ බුද්ධිමය වශයෙන් ප්රතික්ෂේප කරනු ලැබේ. එයට උදාහරණයක් ලෙස:

පුද්ගලයෙකුට රතු පාටෙහි සුවඳ කුමක් ද? යන ප්රශ්නයට පිළිතුරු දිය හැකිද? ඇත්ත වශයෙන්ම, මෙම ප්රශ්නයට පිළිතුරක් නොමැත. මන්ද රතු වර්ණය සුවඳ දැනිය හැකි දේ අතර වර්ගීකරණය කර නොමැති බැවිනි.

රූපවාහිනියක් හෝ ශීතකරණයක් වැනි භාණ්ඩයක් නිෂ්පාදනය කරන සමාගම, උදාහරණයක් ලෙස, උපාංගය භාවිතා කිරීම සඳහා නීති රීති සකසයි. උපාංගය භාවිතා කරන ආකාරය විස්තර කරන පොතක මෙම උපදෙස් ලියා උපාංගය සමඟ අමුණයි. නිෂ්පාදනය කරන සමාගම මෙම නීතිවලට යටත් නොවන අතර, අවශ්ය පරිදි උපාංගයෙන් ප්රතිලාභ ලබා ගැනීමට අවශ්ය නම් පාරිභෝගිකයා මෙම උපදෙස් පිළිපැදිය යුතු අතර ඒවා අනුගමනය කළ යුතුය.

සෑම හේතුවකටම හේතුවක් ඇති කරන දෙයක් තියන බව පෙර උදාහරණ වලින් අපට වැටහෙයි. නමුත් සරල ව කිවහොත් දෙවියන්ට (හේතුවක්) නොපවතින අතර ඔහුව මැවිය හැකි දේ අතර වර්ගීකරණය කළ නොහැක. දෙවියන් සියලු දෑට පෙර වූ ප්රථමයාය. ප්රධාන මූලික හේතුව ඔහුය. හේතු කාරක නීතිය අල්ලාහ්ගේ විශ්වීය නීති වලින් එකක් වුවද, සර්වබලධාරී අල්ලාහ් ඔහු අපේක්ෂා කරන දේ ක්රියාත්මක කරන්නෙකු වන අතර ඔහු චතුර හැකියාව තමන් සතු කරගත් අයෙකු වන්නේය.