දැනුම සෙවීමත් මේ විශ්වයේ ක්ෂිතිජය පිළිබඳ සෙවීමත් මනුෂ්ය වගකීමකි. සර්වබලධාරී අල්ලාහ් අපට මෙම බුද්ධිය භාර දී ඇත්තේ අප ඒවා නිකරුණේ අත් නොහැර පරිහරණය කිරීමටය. සෑම පුද්ගලයෙක්ම ස්ව බුද්ධිය භාවිතා නොකර, මෙම දහම ගැන නොසිතා, වටහා නොගෙන තම මුතුන්මිත්තන්ගේ දහම අනුගමනය කරති. එසේ නම්, සර්වබලධාරී දෙවිඳුන් තමා තුළ තැබූ මේ උතුම් ආශිර්වාදය හෙළාදකිමින්, තම පැවැත්ම අවමානයට ලක් කරමින් අසාධාරණයක් සිදු කර ගන්නා බවට කිසිදු සැකයක් නැත. එය ඔබේ බුද්ධිය නොවේ ද!
එකමුතු පවුලක හැදී වැඩුණු මුස්ලිම්වරුන් කී දෙනෙක් බහුදේව මාර්ගයෙන් බැහැර වූවාද? ත්රිත්වය විශ්වාස කරන බහුදේවවාදී හෝ ක්රිස්තියානි පවුලක හැදී වැඩුණු, එම ප්රතිපත්තිය ප්රතික්ෂේප කර, "අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙක් නැතැ"යි පැවසූ අයද සිටිති.
පහත දැක්වෙන සංකේතාත්මක කථාව මෙම කරුණ නිදර්ශනය කරයි. බිරිඳක් තම ස්වාමිපුරුෂයාට මාළුවෙකු පිසුවාය. ඇය එය පිසීමට පෙර උගේ හිස සහ වලිගය කපා හැරියාය. ඇගේ සැමියා ඇගෙන්: 'ඔබ හිස සහ වලිගය කපා දැමුවේ ඇයි?' දැයි විමසු විට ඇය: 'මගේ අම්මා උයන්නේ මෙහෙමයි' යැයි පැවසුවාය. ස්වාමිපුරුෂයා මවගෙන් විමසීය: 'ඔබ මාළු උයන විට වලිගය සහ හිස කපා දමන්නේ ඇයි?' අම්මා: 'මගේ අම්මා මේ විදියට උයනවා' යැයි පැවසුවාය. එවිට ස්වාමිපුරුෂයා ආච්චිගෙන්: 'ඔබ හිස සහ වලිගය කපා දමන්නේ ඇයි?' දැයි විමසීය. ඇය මෙසේ පිළිතුරු දුන්නාය: "ගෙදර ඉවුම් පිහුම් බඳුන කුඩා වූ අතර මාළු බඳුනට දැමිය හැකි වන පරිදි හිස සහ වලිගය කපා දැමීමට සිදු විය."
යථාර්ථය නම් අපට පෙර යුගයන්හි සිදු වූ බොහෝ සිදුවීම් ඔවුන්ගේ යුගයට හා කාලයට ප්රාණ ඇපකරුවන් වූ අතර ඒවාට සම්බන්ධ වූ ඔවුන්ගේම හේතු තිබේ. සමහර විට පෙර කතාවෙන් එය පිළිබිඹු වේ, යථාර්ථය එය මානව ව්යසනයකි. අප ජීවත් වන්නේ අපගේ කාලය නොවන කාලයකය. තත්වයන් සහ කාලවල වෙනස නොතකා නොසිතා හෝ නොවිමසා අනුන්ගේ ක්රියාවන් අනුකරණය කරන්නෙමු.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"...ඔවුන් තුළ ඇති දෑ ඔවුන් වෙනස් කර ගන්නා තෙක් නියත වශයෙන්ම අල්ලාහ් පිරිසක් තුළ ඇති දෑ වෙනස් නොකරයි..." (අර්-රඃද්) (329) (අර්-රඃද්: 11)
මෙවැනි ජනයාට සර්වබලධාරී අල්ලාහ්ගෙන් අසාධාරණයක් සිදු නොවනු ඇත. නමුත් ඔහු නැවත නැඟිටීමේ දිනයේදී ඔවුන්ව පරීක්ෂා කරනු ඇත.
ඉස්ලාමය මැනවින් දැකීමට ආශාවක් නැති මිනිසුන් හට කිසිදු නිදහසට කරුණක් නැත. මන්ද අප සඳහන් කළ පරිදි ඔප්පු කිරීමට සහ එය ස්ථාපිත කිරීම සත්යාපනය කිරීමට අපහසු වුව ද ඔවුන් පර්යේෂණ සහ චින්තනය නොසලකා හැරිය යුතු නැත. එක් එක් පුද්ගලයා අනෙකාට වඩා වෙනස් වන අතර, අවිද්යාව හෝ තර්කයට එළඹීමට අසමත් වීම සම්බන්ධයෙන් නිදහසට කරුණ පරලොවෙහි අල්ලාහ් වෙත පවතී. මෙලොවෙහි නීති රඳා පවතිනුයේ බාහිර දෑ මතය.
විශ්වයේ සහ තමන් තුළ ඇති සංඥා, දිව්ය පණිවිඩ, සහජ ධර්මතාව සහ බුද්ධිය යනාදිය තුළින් ඔවුන් වෙත පිහිටු වූ මේ සියලු තර්කවලින් පසුව, ඔවුන්ට දඬුවම් කිරීමේ සර්වබලධාරි අල්ලාහ්ගේ නීතිය අසාධාරණ වන්නේ නැත. ඒ සියල්ලට ප්රතිඋපකාර වශයෙන් ඔවුන් කළ යුතු අවම දෙය නම්, සර්වබලධාරී දෙවියන්ව දැන හඳුනාගෙන ඔහුව ඒකීයත්වයට පත් කර ඉස්ලාමයේ කුළුණු උපරිමයෙන්ම පිළිපැදීමය. ඔවුන් එසේ කළේ නම්, ඔවුන් අපා ගින්නේ සදාකාලිත්වයෙන් මිදෙනු ඇත. මෙලොව පරලොව සුගතිය සාක්ෂාත් කර ගනු ඇත. මෙය දුෂ්කර යැයි ඔබ සිතනවාද?
සර්ව බලධාරී අල්ලාහ් වෙනුවෙන් ඔහුගේ ගැත්තන් කෙරෙහි පැවරෙන වගකීම නම් ඔවුන් ඔහුට පමණක් නමස්කාර කිරීමයි. ගැත්තන් වෙනුවෙන් අල්ලාහ් කෙරෙහි පැවරෙන වගකීම වනුයේ කිසිවක් ගෙන ඔහුට ආදේශ නොකරන අයට දඬුවම් නොකර සිටීමය. කාරණය සරලය. එය පුද්ගලයෙකු පවසන සහ විශ්වාස කරන සහ ඒ අනුව ක්රියා කරන වදන් පෙළක් වන අතර එය අපා ගින්නෙන් ගැලවීමට ප්රමාණවත් වේ. මෙය යුක්තිය නොවේද? මෙය සර්වබලධාරී අල්ලාහ්ගේ නීතියයි. එය සාධාරණ, මෘදු, විදග්ධ නීතිය වේ. මෙය උත්කෘෂ්ඨ උත්තරීතර අල්ලාහ්ගේ ආගම වේ.
සැබෑ ප්රශ්නය පුද්ගලයා වරදක් කිරීම හෝ පාපයක් කිරීම නොවේ. වරදට වැටීම මනුෂ්ය ස්වභාවය නිසා ආදම්ගේ සෑම පුත්රයෙක්ම පව්කාරයෙක් වන අතර, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැවසූ පරිදි පව් කරන අයගෙන් හොඳම අය පසුතැවිලි වී පාපක්ෂමාව අයැද සිටින අය වේ. නමුත් ප්රශ්නය වන්නේ දිගින් දිගටම පාපපකම් සිදු කිරීම සහ ඒවා කෙරෙහි දැඩිව සිටීමයි. යම් කෙනෙක් අවවාද අනුශාසනා කරනු ලැබ එම අවවාදය නො අසා ක්රියා නොකිරීමත්, මෙනෙහි කරනු ලැබ එම මෙනෙහි කිරීම ඔහුට ප්රයෝජනයක් නොවීමත්, ඔහුට දේශනා කරනු ලැබ ඔහු උපදෙස් නොලැබීම හෝ ඒ ගැන නොසැලකීම, පසු තැවිලි නොවීම හා පව්සමාව අයැද නො සිටීම දෝෂයකි. ඒ වෙනුවට, ඔහු දැඩිව එහි නිරත වී උඩඟුකම් පෑමය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
තවද ඔහු වෙත අපගේ වදන් පාරායනා කර පෙන්වනු ලබන අවස්ථාවේ තම දෙකන්හි බිහිරි බව ඇත්තාක් මෙන් තමන්ට එය නොඇසුණාක් මෙන් අහංකාරයකු සේ හැරී ගියේය. එහෙයින් වේදනීය දඬුවම ගැන ඔහුට ශුභාරංචි දන්වනු.(330) (ලුක්මාන්: 7)
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
ජීවන ගමනේ අවසානය සහ ආරක්ෂාව වෙත ළඟාවීම මෙම පදවලින් සාරාංශ කොට ඇත.
69. තවද මහපොළොව, එහි පරමාධිපතිගේ ආලෝකයෙන් උදා වෙයි. තවද ප්රගති ලේඛන තබනු ලැබේ. නබිවරුන් හා සාක්ෂිකරුවන් ගෙන එනු ලැබේ. ඔවුන් අතර සත්යයෙන් යුතු ව තීන්දු දෙනු ලැබේ. ඔවුනට අසාධාරණයක් සිදු කරනු නොලැබේ. 70. තවද සෑම ආත්මයක්ම ඒවා සිදු කළ දෑට පූර්ණ ව (ප්රතිඵල) දෙනු ලබයි. තවද ඔවුන් සිදු කරන දෑ පිළිබඳ ව ඔහු මැනවින් දන්නාය. 71. තවද දේවත්වය ප්රතික්ෂේප කළවුන් නිරය වෙත කණ්ඩායම් වශයෙන් මෙහෙයවා ගෙන යනු ලැබේ. ඔවුහු ඒ දක්වා පැමිණි විට එහි දොරටු විවෘත කරනු ලැබේ. නුඹලාගේ පරමාධිපතිගේ වදන් පාරායනය කරන ධර්ම දූතවරුන් නුඹලා අතරින් නුඹලා වෙත නොපැමිණියේ ද? තවද නුඹලාගේ මෙම දිනයේ හමුව පිළිබඳ නුඹලාට අවවාද නොකළේ දැ?යි එහි භාරකරුවන් ඔවුන්ගෙන් විමසනු ඇත. එසේය, යැයි ඔවුහු පවසති. එනමුත් දේවත්වය ප්රතික්ෂේප කරන්නන් හට දඬුවමේ ප්රකාශය නියම විය. 72. නුඹලා එහි සදාතනිකයින් ලෙසින් නිරයේ දොරටු වලින් ඇතුළු වනු. උඩඟුවූවන්ගේ නවාතැන නපුරු විය යැයි කියනු ලැබේ. 73. තවද තම පරමාධිපතිට බිය බැතිමත් වූවන් ස්වර්ගය වෙත කණ්ඩායම් වශයෙන් මෙහෙයවා ගෙන යනු ලැබේ. ඔවුහු ඒ දක්වා පැමිණි විට එහි දොරටු විවෘත කරනු ලැබේ. “නුඹලාට සලාම් (ශාන්තියයි.) නුඹලාගේ කටයුතු යහපත් වී ඇත. එහෙයින් සදාතනිකයින් ලෙසින් එහි නුඹලා පිවිසෙනු.” යැයි එහි භාරකරුවන් ඔවුනට පවසනු ඇත. 74. තවද “තම පොරොන්දුව අපට සැබෑ කළ, තවද මහපොළො ව අපට උරුමකර දුන් අල්ලාහ්ටම සියලු ප්රශංසා. අපි කැමති පරිදි ස්වර්ගයේ වාසය කරන්නෙමු” යැයි ඔවුන් පවසනු ඇත. එහෙයින් ක්රියාකාරීන්ගේ ප්රතිඵල යහපත් විය. (331) (අස්-සුමර්: 69-74)
නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නොමැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැති බව මම සාක්ෂි දරමි.
තවද සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ ගැත්තා හා ඔහුගේ ධර්ම දූතයා බවත් මම සාක්ෂි දරමි.
අල්ලාහ් විසින් එවන ලද සියලුම දූතවරු සත්යය බව මම සාක්ෂි දරමි.
සැබැවින්ම ස්වර්ගය සත්යය බවත් අපාය ද සත්යය බවත් මම සාක්ෂි දරමි.