Applicable Translations हिन्दी தமிழ் English Español ગુજરાતી عربي

මැවුම්කරු ඔහුගේ මැවීම් අතරින් කිසිවකුගේ ස්වරූපයෙන් නිරූපණය නොවන්නේ ඇයි?

නිදසුනක් වශයෙන්, ඉහළම පරමාදර්ශය අල්ලාහ්ට පමණක් ඇති අතර, මෙය අදහස සමීප කරවීමට පමණක් ඉදිරිපත් කෙරේ. පුද්ගලයෙකු ඉලෙක්ට්රොනික උපාංගයක් භාවිතා කර; එය පිටතින් පාලනය කරන මොහොතේ ඔහු කිසිදු ආකාරයකින් උපාංගය තුළට ඇතුළු නොවෙයි.

සියලු දෑ කෙරෙහි බලය අල්ලාහ්ට ඇති බැවින් එය සිදු කිරීමට ඔහුට හැකි බව අප පවසන්නේ නම්, කීර් තිමත් එකම මැවුම්කරු වන දෙවියන් ඔහුගේ කීර්තියට නොගැලපෙන දේ නොකරන බව ද අපි හඳුනාගත යුතුය. ඔහු අති උසස් දැයින් ද උත්තරීතර ය.

නිදසුනක් වශයෙන්, සියලු පරමාදර්ශ අල්ලාහ් සතුය: ඕනෑම පූජකයෙකු හෝ උසස් ආගමික තරාතිරමක පුද්ගලයෙකු හෝ වේවා නිරුවතින් පොදු වීදිවලට බැහැර වී නොයනු ඇත. ඔහුට එසේ කිරීමට හැකියාව තිබුණ ද මේ ස්වරූපයෙන් මහජනයා අතරට යා නොහැක. මක්නිසාද යත් මෙම හැසිරීම ඔහුගේ ආගමික ස්ථාවරයට නොගැලපෙන බැවිනි.

මැවුම්කරුට නමස්කාර කිරීමේදී මැදිහත්කරුවන් ගැනීම නිරයේ සදාකාලිකත්වයට හේතු වන්නේ ඇයි?

දන්නා පරිදි, මානව නීතිය තුළ, රජුගේ හෝ විෂයභාර තැනැත්තෙකුගේ අයිතිය උල්ලංඝනය කිරීම වෙනත් අපරාධවලට සමාන නොවේ. එසේනම් රජවරුන්ගෙත් රජුගේ අයිතිය ගැන කුමක් කිව හැකිද? තම ගැත්තන් කෙරෙහි පැවරෙන අල්ලාහ් සතු අයිතිය වනුයේ ඔවුන් ඔහුට පමණක් නමස්කාර කිරීමය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. “අල්ලාහ්ගේ ගැත්තන් වෙත පැවරෙන ඔහුගේ අයිතිය ඔවුන් ඔහු නැමදීම හා කිසිවක් ඔහුට සමාන නොකිරීමය. එසේ කළ විට අල්ලාහ් වෙත පැවරෙන ගැත්තන්ගේ අයිතිය කුමක්දැයි ඔබ දන්නෙහි ද... මැනවින් දන්නා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වේ යැයි මම පිළිතුරු දුනිමි. එතුමාණෝ: අල්ලාහ් වෙත පැවරෙන ගැත්තන් සතු අයිතය වනුයේ ඔහු ඔහුට දඬුවම් නොකිරීමය.

අපි යමෙකුට තෑග්ගක් දෙන විට ඔහු තවත් කෙනෙකුට ස්තූති කර ඔහුට ප්රශංසා කරනවා යැයි සිතීම ප්රමාණවත්ය. ඉහලම පරමාදර්ශ අල්ලාහ් සතුය. මෙය තම මැවුම්කරු සමග වන ගැත්තන්ගේ තත්වයයි. අල්ලාහ් ඔවුන්ට අසංඛ්යාත ආශිර්වාද ලබා දී තිබිය දී ඔවුන් අනෙක් අයට ස්තුති කරති. සියලුම අවස්ථාවන්හි මැවුම්කරු ඔවුන්ගේ අවශ්යතාවයන්ගෙන් තොරය.

මැවුම්කරු ඒකීය හා ඔහු පමණක් වන විට බහු වචන පදයෙන් තමන් ව හඳුන්වන්නේ ඇයි?

ලෝවැසියන්ගේ පරමාධිපති ශුද්ධ වූ කුර්ආනයේ බොහෝ වාක්යවල තමන්ව ප්රකාශ කිරීමේදී “අපි” යන වචනය භාවිතා කිරීමෙන් ප්රකශ කෙරෙනුයේ ඔහු අලංකාරයේ සහ තේජසෙහි ගුණාංග එකතුවෙහි ඔහු පමණක් (ඒකීය) බව ය. එලෙස අරාබි භාෂාවේ ශක්තිය හා ශ්රේෂ්ඨත්වය ද ඉන් ප්රකාශ කෙරේ. ඉංග්රීසි භාෂාවෙන් (හා වෙනත් භාෂාවල ද) එය "බලවතුන් අපි" ලෙස හැඳින් වේ. එහි දී බහු වචන සර්වනාමය උසස් තනතුරක සිටින පුද්ගලයෙකු (රජ, පාලක හෝ සුල්තාන් වැනි) හැඳින්වීමට භාවිතා කරයි. නමුත් අල් කුර්ආනය සැමවිටම අවධාරණය කර ඇත්තේ නැමදුම හා සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ ඒකීයභාවයයි.

දේවත්වය විශ්වාස කිරීම හා ප්රතික්ෂේප කිරීම අතර තෝරා ගැනීමේ නිදහස මැවුම්කරු මැවීම්වලට නියම කර ඇත්තේ ඇයි?

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"තවද සත්යය නුඹලාගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය) නුඹ පවසනු. එහෙයින් කවරෙකු අභිමත කළේ ද ඔහු විශ්වාස කරත්වා! තවද කවරෙකු අභිමත කළේ ද ඔහු ප්රතික්ෂේප කරත්වා!..." (අල්-කහ්ෆ්: 29) (28) (අල්-කහ්ෆ්: 29)

මැවුම්කරුට කීකරු වීමට හා නමස්කාර කිරීමට අපට බල කළ හැකි නමුත්, බල කිරීම මිනිස් මැවීමේ අපේක්ෂිත ඉලක්කය සපුරා නොගනී.

දිව්ය ප්රඥාව ආදම්ගේ මැවීම තුළ නියෝජනය විය. ඔහු දැනුමෙන් වෙන්කර හැඳින් වීය.

"ආදම් ට සියලු නාමයන් ඔහු ඉගැන් වීය. පසු ව ඒවා මලක් වරුන් වෙත ගෙන හැර පා නුඹලා සත්යවාදීහු නම් මේවායෙ හි නාමයන් මට දැනුම් දෙනු යි ඔහු පැවසීය." (අල්-බකරා: 31) (අල්-බකරා: 31)

එමෙන්ම තෝරා ගැනීමේ බලය ඔහුට පිරි නැමීය.

“අහෝ ආදම්! නුඹ ද නුඹ ගේ සහකාරිය ද ස්වර්ගයේ වාසය කරනු. නුඹලා දෙදෙනා එහි සිට කැමති දෑ කැමති පරිදි අනුභව කරනු. තව ද නුඹලා දෙදෙනා මෙම ගස ට ළං නොවනු. එවිට නුඹලා දෙදෙනා අපරාධකරුවන් අතුරින් වන්නෙහු යැයි අපි පැවසුවෙමු." (අල් බකරා: 35) (30) (අල් බකරා: 35)

තේරීමේ නිදහස වරදෙහි, ලිස්සා යාමෙහි හා පාපයෙහි වැටීමට හේතු වන බැවින් තව්බාව නොහොත් පාපක්ෂමාවේ හා පසුතැවිලි වීමේ දොරටුව විවෘත කළේය.

"පසු ව ආදම් තම පරමාධිපති ගෙන් වදන් (කිහිපයක්) හැදෑරුවේ ය. පසු ව ඔහු ඔහු ට පාප ක්ෂමා ව දුන්නේය. සැබැවින් ම ඔහු පශ්චාත්තාපය පිළිගන්නා අසීමිත කරුණා වන්තය. (අල්-බකරා: 37) (31) (අල්-බකරා: 37)

ආදම් මහපොළොවේ නියෝජිතයකු වීම අල්ලාහ් අපේක්ෂා කළේය.

"තව ද නුඹ ගේ පරමාධිපති මලක් වරුන් (දේව දූතයින්) අමතා "සැබැවින් ම මම මහපොළොවේ නියෝජිතයකු පත් කරන්න ට යමි" යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. අපි ඔබ ව ඔබ ගේ ප්රශංසාව තුළින් පිවිතුරු කරමින්, ඔබ ව සුවිශුද්ධ කරමින් සිටිය දී ඔබ එහි කලහකම් කරන, තව ද රුධිරය හළන පිරිසක් පත් කරන්නෙහි දැයි ඔවුහු පැවසූහ. නුඹලා නොදන්නා දෑ සැබැවින් ම මම දනිමි යැයි ඔහු පැවසුවේය." (අල්-බකරා: 30) (අල් බකරා: 30)

තෝරා ගැනීමේ කැමැත්ත සහ හැකියාව නිසි ලෙස හා නිවැරදි ලෙස භාවිතා කර මෙහෙයවන්නේ නම් එයම ආශිර්වාදයක් වන අතර එය දූෂිත චේතනා සහ අරමුණු සඳහා යොදවන්නේ නම් එය ශාපයකි.

කැමැත්ත සහ තේරීම අන්තරායන්, ආරවුල්, අරගල සහ ස්වයං-ආරවුල් වලින් පිරී තිබිය යුතුය. එය ව්යාජ සතුටට හේතු වන යටහත් පහත්කමට වඩා මිනිසාට ඉමහත් වූ නිලයක් හා ගෞරවයක් බව නොඅනුමානය.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"දේවත්වය විශ්වාස කළ අය අතරින් බාධක කරුණු ඇත්තන් හැර (සටනට නොගොස්) රැඳී සිටියවුන්, අල්ලාහ්ගේ මාර්ගයේ තම වස්තුව ද තම ජීවිත ද කැප කළවුන්ට සමාන නොවන්නේය. (එසේ) රැඳී සිටියවුන්ට වඩා තම වස්තුව ද තම ජීවිත ද කැපකළවුන් ව අල්ලාහ් තරාතිරමින් උසස් කළේය. අල්ලාහ් සියල්ලන් හට යහපත දෙන බව පොරොන්දු වී ඇත. අල්ලාහ්ගේ මාර්ගයේ තම ජීවිතය කැපකළවුන්ව (සටනට නොගොස්) රැඳී සිටියවුන්ට වඩා, අල්ලාහ් අතිමහත් ප්රතිඵල වලින් උසස් කර ඇත." (අන්-නිසා: 95) (අන්-නිසා: 95)

මෙහි අපට ප්රතිඵල ලැබෙන තේරීමක් නොමැති නම්, ප්රතිඵලයෙන් හා දඬුවමෙන් ඇති ප්රයෝජනය කුමක්ද?

මේ සියල්ල, මිනිසාට සැබවින්ම ලබා දී ඇති තේරීමේ අවකාශය මේ ලෝකයේ සීමිත බව දැන ගැනීමටය. උත්තරීතර අල්ලාහ් අපගෙන් ප්රශ්න කර සිටිනුයේ ඔහු අපට තෝරා ගැනීම සඳහා නිදහස ලබා දුන් දෑ සම්බන්ධයෙන් පමණි. අප හැදී වැඩුණු තත්වයන්ට සහ පරිසරයට තේරීමක් අපට නොතිබුණි. අපගේ හැඩතල සහ වර්ණ පාලනය කිරීමට අපට නොහැකි වූවා සේම අපගේ දෙමාපියන් අප තෝරා ගත්තේ ද නැත.