Applicable Translations हिन्दी தமிழ் English Español ગુજરાતી عربي

මිනිසුන්ගේ අවශ්යතා අල්ලාහ්ට උවමනා නැති තත්ත්වයක ඔහු ඔවුන් මවා ඇත්තේ කුමක් සඳහා ද?

මිනිසෙක් උපරිමයෙන්ම ධනවත් හා ත්යාගශීලී බව ලබන විට, ඔහු මිතුරන් හා ආදරණීයයන් කෑමට සහ බීමට ආරාධනා කරනු ඇත.

අපගේ මෙම ගුණාංග අල්ලාහ් සතුව ඇති දෙයින් කුඩා කොටසක් පමණි. මන්ද මැවුම්කරු අල්ලාහ් වනාහි, ඔහු සතුව තේජස සහ අලංකාරයේ ගුණාංග ඇත. ඔහු මහා කාරුණිකය. අපරිමිත දයාන්විතය. පිහිට වන ත්යාගශීලීය. අප මවා ඇත්තේ ඔහුට නැමදුම් කරනු පිණිසය. අපි ඔහුට අවංකව නැමද; ඔහුට කීකරු වී, ඔහුගේ අණට කීකරු වන්නෙම් නම් ඔහු අපට අනුකම්පා කර, අපව සතුටු කර; අපට ආශිර්වාද කරනු ඇත. අලංකාර මිනිස් ගුණාංග සියල්ල ඔහුගේ ගුණාංගවලින් බිඳී පැවත එන්නකි.

ඔහු අප මවා; අපට තෝරා ගැනීමේ නිදහස ලබා දී ඇත. එබැවින් අවනතවීමේ සහ නැමදුමේ මාර්ගය අප තෝරා ගත හැක. එසේ නැතහොත් ඔහුගේ පැවැත්ම ප්රතික්ෂේප කර අර්බුදයේ සහ අකීකරුකමේ මාර්ගය අප තෝරා ගත හැක.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"ජින් වර්ගයා හා මිනිස් වර්ගයා මා නැමඳීමට මිස අන් කිසිවක් උදෙසා මම නොමැව්වෙමි." (56) “ඔවුන්ගෙන් කිසිදු පෝෂණ සම්පතක් මම අපේක්ෂා නොකරමි. එමෙන්ම ඔවුන් මට ආහාර ලබා දිය යුතු යැයි ද මම අපේක්ෂා නොකරමි.” (57) "සැබැවින් ම අල්ලාහ් (සියල්ලන්ට ම) ආහාර සපයන්නා සහ මහා බලසම්පන්නයා වේ." (අද්-දාරියාත්: 56-58) (34) (අද්-දාරියාත්: 56-58)

අල්ලාහ් ඔහුගේ මැවීම්වල අවශ්යතාවයෙන් තොරය යන ප්රශ්නය සම්බන්ධයෙන් ගත් කල, එය බුද්ධිමය වශයෙන් හා මූලාශ්ර වශයෙන් ස්ථීර වූ ගැටලු අතරින් එකකි.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"...නියත වශයෙන්ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් අවශ්යතා නොමැත්තෙකි." (අල්-අන්කබූත්: 6) (35) (අල්-අන්කබූත්: 6)

බුද්ධිමය වශයෙන් ගත් කල, පරිපූර්ණත්වයේ නිර්මාතෘ පරම පරිපූර්ණත්වයේ ගුණාංග වලින් සංලක්ෂිත වන බව ඔප්පු වී ඇති අතර එම පරම පරිපූර්ණත්වයේ එක් ගුණාංගයක් නම්, අන් අයගේ අවශ්යතාවක් ඔහුට අවශ්ය නොවීමය. ඔහුට වෙනත් අයකුගේ අවශ්යතාවය අවැසි වී නම් එය අසම්පූර්ණ ගුණාංගයකි. සුවිශුද්ධයාණන් ඉන් පිවිතුරුය.

ජින්වරුන් සහ මිනිසුන් හට පමණක් තෝරා ගැනීමේ නිදහස පිරිනැමීමෙන් ඔවුන් සෙසු මැවීම්වලින් වෙන් කළේය. සැබැවින්ම මිනිසාගේ වෙනස නම්, ලෝකයේ ස්වාමියා වෙත සෘජුවම යොමුවීම සහ ස්වකීය කැමැත්තෙන් අවංකවම ඔහුට නැමදුම් කිරීමය. එමගින් මිනිසා මැවීම්වල ප්රධානියා බවට පත් කිරීමෙන් මැවුම්කරුගේ ප්රඥාව සාක්ෂාත් වනු ඇත.

සර්ව ලෝකයන්හි පරමාධිපති පිළිබඳ දැනුම සාක්ෂාත් කරගනු ලබන්නේ ප්රධාන කොටස් දෙකකට බෙදා ඇති ඔහුගේ අති අලංකාර නාමයන් සහ උත්තරීතර ගුණාංග අවබෝධ කර ගැනීමෙනි. ඒවා නම්:

අලංකාර නාම: එය දයාව, සමාව සහ කරුණාව සම්බන්ධයෙන් විශේෂිත වූ සෑම ගුණාංගයක්ම වේ. ඒ අතරින් "රහ්මාන්" මහා කාරුණික, "රහීම්" කරුණා ගුණයෙන් යුක්ත, "අර්-රස්සාක්" මහා පෝෂක, "අල්-වහ්හාබ්" ත්යාගශීලී, "අල් බිර්" ධර්මිෂ්ඨ, "අර් රඌෆ්" දයානුකම්පිත... යනාදිය.

කීර්ති නාම: එය ශක්තිය, හැකියාව, බලය හා ත්රාසය සම්බන්ධයෙන් විශේෂිත වූ සෑම ගුණාංගයක්ම වේ. ඒ අතරින් "අල් අසීස්" සර්වබලධාරී, "අල් ජබ්බාර්" මර්ධනකාරී "අල් කහ්හාර්" බලාධිකාරී, "අල් කාබිළ්" හසු කර ගන්නා, "අල්-කාෆිළ්" පහත් කරන්නා... යනාදිය.

සර්ව බලධාරී අල්ලාහ්ගේ කීර්තියට ගැලපෙන අයුරින් නැමදුම් කිරීම, ඔහු උත්කර්ෂයට පත් කිරීම, ඔහුගේ කරුණාව අපේක්ෂාවෙන් හා ඔහුගේ කෝපයෙන් හා දඬුවමින් ආරක්ෂාව පතමින් ඔහුට නොගැලපෙන දැයින් ඔහුව පිරිසිදු කිරීම යනාදිය ඔහුගේ ගුණාංග හඳුනා ගැනීම තුළින් පෙළ ගැසෙනු ඇත. එමෙන්ම නියෝග පිළිපැදීම, තහනම් දැයින් වැළකී සිටීම, ප්රතිසංවිධාන කටයුතු ක්රියාත්මක කිරීම, මහපොළොව පාලනය කිරීම යනාදිය තුළින් ඔහුට නැමදුම් කිරීම නිරූපනය වන්නේය. මේ මත පදනම් ව, ලෞකික ජීවිතය පිළිබඳ සංකල්පය මිනිසුන් කැපී පෙනෙනු පිණිස ඔවුනට එය පරීක්ෂණයක් හා විභාගයක් බවට පත් වේ. අල්ලාහ් ධර්මිෂ්ඨයන්ගේ නිලයන් ඉහළ නංවයි. එමඟින් ඔවුහු මහපොළොවේ අනුප්රාප්තියට සහ මතුලොව ස්වර්ග උයනේ උරුමයට සුදුසුකම් ලබති. ඒ වන විට දූෂිතයන් මෙලොවෙහි අපකීර්තියට පත්වන අතරම ඔවුන්ගේ ගමනාන්තය අපා ගින්නේ දඬුවමට ලක් වනු ඇත.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"ඔවුන් අතරින් ක්රියාවෙන් වඩාත් අලංකාර වනුයේ කවුරුන්දැයි අපි ඔවුන් පරීක්ෂා කරනු පිණිස මහපොළොව මත ඇති දෑ එයට අලංකරණයක් ලෙස ඇති කළෙමු." (අල්-කහ්ෆ්: 7) (36) (අල්-කහ්ෆ්: 7)

අල්ලාහ් මනුෂ්යයන් මැවීම පිළිබඳ කරුණ අංග දෙකකට සම්බන්ධ වී ඇත.

මිනිසාට අදාළ අංගයක්: එය අල්-කුර්ආනයේ පැහැදිලි පාඨවලින් පැහැදිලි කර ඇත. එය ස්වර්ගය දිනා ගැනීම සඳහා අල්ලාහ් වෙනුවෙන් නැමදුම් කිරීම තහවුරු කිරීමය.

මැවුම්කරුට අදාළ අංගයක්: එය මැවීමේ ප්රඥාවයි. එබැවින් ප්රඥාව යනු ඔහුගේ කාර්යයක් මිස ඔහුගේ කිසිම නිර්මාණයක කටයුත්තක් නොවන බව අප දැනගත යුතු අතර ඔහුගේ පරිපූර්ණ දැනුම ඉදිරියේ අපගේ දැනුම සීමිත හා සුළු බව ද අප දැනගත යුතු වේ. ඒ අනුව මිනිසාගේ මැවීම, මරණය, යළි අවදි කිරීම, මතුලොව ජීවිතය යනාදිය මැවීම් අතරින් වඩාත් මූලික කොටසක් වන අතර එය ශුද්ධ වූ අල්ලාහ්ගේ විෂයයි. ඔහු හැර මලක්වරුන්ට හෝ මිනිසාට හෝ වෙනත් කිසිවකුට හෝ අදාළ වන්නේ නැත.

ආදම් ව මවන මොහොතේ මලක්වරුන් තම පරමාධිපතිගෙන් මෙම ප්රශ්නය විමසා සිටි විට, ස්ථීර හා පැහැදිලි පිළිතුරක් අල්ලාහ් ඔවුනට ලබා දුන්නේය. එය මෙසේය:

"තව ද නුඹ ගේ පරමාධිපති මලක් වරුන් (දේව දූතයින්) අමතා "සැබැවින් ම මම මහපොළොවේ නියෝජිතයකු පත් කරන්න ට යමි" යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. අපි ඔබ ව ඔබ ගේ ප්රශංසාව තුළින් පිවිතුරු කරමින්, ඔබ ව සුවිශුද්ධ කරමින් සිටිය දී ඔබ එහි කලහකම් කරන, තව ද රුධිරය හළන පිරිසක් පත් කරන්නෙහි දැයි ඔවුහු පැවසූහ. නුඹලා නොදන්නා දෑ සැබැවින් ම මම දනිමි යැයි ඔහු පැවසුවේය." (අල්-බකරා: 30) (37) (අල් බකරා: 30)

මලක්වරුන්ගේ ප්රශ්නයට ඔවුන් නොදන්නා දේ තමන් දන්නා බව අල්ලාහ් ලබා දුන් පිළිතුරෙන් කරුණු කිහිපයක් පැහැදිලි කරයි: මිනිසා මැවීමේ ප්රඥාව සුවිශුද්ධයාණන්ට පමණක් සුවිශේෂී වූ කරුණකි. මේ සියල්ල දෙවියන්ගේ කටයුතු වන අතර මැවීම්වලට ඒ ගැන කිසිදු සම්බන්ධයක් නැත. ඔහු: "සිතන දේ මැනවින් කරන්නා ය." (අල් බුරූජ්: 16) (38) තවද ඔහු "(අල්ලාහ් වන) ඔහු කරන දෑ පිළිබඳ ව විමසනු නොලබයි. නමුත් ඔවුන්මය විමසනු ලබනුයේ." (අල්-අන්බියා: 23) (39) මිනිසා මැවීමේ හේතුව අල්ලාහ්ගේ දැනුමෙහි පවතින කරුණකි. මලක්වරු ඒ ගැන නොදනිති. මෙම කරුණ අල්ලාහ්ගේ පරම දැනුම හා සම්බන්ධ වෙමින් පවතින්නකි. ඒ ගැන ප්රඥාව මැනවින් දන්නා ඔහුය. ඔහුගේ අවසරයෙන් තොරව ඔහුගේ මැවීම් අතරින් කිසිවෙකු එය දැන ගන්නේ නැත. (අල්-බුරූජ්: 16) (අල්-අන්බියා: 23)