Applicable Translations हिन्दी தமிழ் English Español ગુજરાતી عربي

මැවුම්කරු ජීවිතයේ ශුන්යභාවයෙන් ඔවුන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් තෝරා ගැනීමේ අවකාශය මිනිසුනට පිරනමා නැත්තේ ඇයි?

අල්ලාහ් තම මැවීම්වලට ජීවිතයේ ශුන්යභාවයෙන් ඔවුන්ගේ පැවැත්ම තෝරා ගැනීමේ අවකාශය ලබා දීමට අපේක්ෂා කළේ නම් පළමුව ඔවුන්ගේ පැවැත්ම සහතික කිරීම අනිවාර්යය වේ. මිනිසා ශුන්යභාවයේ සිටිය දී ඔහුට අදහසක් ඇති විය හැක්කේ කෙසේ ද? මෙහි ප්රශ්නය පැවැත්ම හා නොපැවැත්මයි. පුද්ගලයෙකු ජීවිතයට ඇති බැඳීම සහ ඒ සඳහා ඔහු තුළ ඇති බිය මෙම ආශිර්වාදයෙන් ඔහු සෑහීමකට පත්වන බවට ඇති ලොකුම සාක්ෂියයි.

ජීවිතයේ ආශීර්වාදය යනු තම ස්වාමියා සමඟ සෑහීමකට පත්වන යහපත් පුද්ගලයා ඔහු සමඟ කෝප වන ද්වේෂසහගත පුද්ගලයාගෙන් වෙන්කර හඳුනා ගැනීම සඳහා මිනිසාට පිරිනමා ඇති පරීක්ෂණයකි. ඒ අනුව මැවීම සම්බන්ධයෙන් ලොවට අධිපති දෙවිඳුන්ගේ ප්රඥාව ඔහු ගැන තෘප්තිමත් වූවන් මතුලොවෙහි ඔහුගේ ගෞරවයේ වාසස්ථානය හිමිකර ගැනීම සඳහා ඇද ගැනීමට අවශ්ය වෙයි.

මෙම ප්රශ්නය මගින් පෙන්නුම් කරන්නේ: සැකය මනසෙහි ග්රහණය කර ගන්නේ නම්, ඒ පිළිබඳ තාර්කික චින්තනය මකා දමන බවය. එය අල් කුර්ආනයේ ආශ්චර්යයේ එක් සාක්ෂියකි.

එය අල්ලාහ් පවසන පරිදිය:

"යුක්තියෙන් තොරව මහපොළොවේ උඩඟුකම් පාන්නන් ව මාගේ සංඥාවන්ගෙන් මම වෙනතකට හරවමි. තවද ඔවුන් සියඵ සංඥාවන් දුටුව ද එය ඔවුහු විශ්වාස නොකරති. තවද ඔවුන් ඍජු මාර්ගය දකින්නේ නම් එය ඔවුහු (ඍජු) මඟක් ලෙස නොගනිති. තවද සීමාව ඉක්ම වූ මාර්ගයක් දකින්නේ නම් එය මඟක් ලෙස ගනිති. එය ඔවුන් අපගේ සංඥාවන් බොරු කළ බැවින් හා ඒ පිළිබඳ ව ඔවුන් අනවධානීන්ව සිටි බැවිනි." (අල්-අඃරාෆ්: 146) (40) (අල්-අඃරාෆ්: 146)

මැවීම් සම්බන්ධයෙන් වූ අල්ලාහ්ගේ ප්රඥාව පිළිබඳ දැනුම අප ඉල්ලා සිටින අපගේ එක් අයිතිවාසිකමක් ලෙස සැලකීම නිවැරදි නොවේ. ඒ අනුව එය අපෙන් වළක්වා ගැනීම අපට අසාධාරණයක් වන්නේ නැත.

කිසිම කනක් නොඇසූ, ඇසක් නොදුටු, මිනිස් හදවතකට සිතා ගත නොහැකි ස්වර්ගයේ අනන්ත සැපයෙන් සදාකාලික ජීවිතයක් ලැබීමේ අවස්ථාව අල්ලාහ් අපට ආශීර්වාද කරන විට, මෙහි මොන අසාධාරණයක්ද?

ඔහු අපටම තීරණය කිරීම සඳහා නිදහස් කැමැත්ත ලබා දෙයි. එබැවින් අපි එය තෝරා ගනිමු. නැතහොත් අපි දඬුවම තෝරා ගනිමු.

අල්ලාහ් අපෙන් අපේක්ෂා කරන්නේ කුමක්දැ?යි අපට පවසන අතරම මෙම සතුටට ළඟා වීමට සහ වධ හිංසා වළක්වා ගැනීමට මාර්ග සිතියම ඉතා පැහැදිලිව ලබා දෙයි.

විවිධ උපක්රම සහ මාර්ග වලින් අපව ස්වර්ගයේ මාර්ගයට යොමු කිරීම සඳහා අල්ලාහ් අප දිරිගන්වන අතර අපායේ මාර්ගයට යාමට එරෙහිව නැවත නැවතත් අපට අනතුරු අඟවයි.

ස්වර්ගවාසීන්ගේ කතා හා එය ඔවුන් දිනාගත් ආකාරය මෙන්ම අපා වාසීන්ගේ කතා හා ඔවුන් එහි දඬුවමට ලක් වන ආකාරය අල්ලාහ් අපට කියා දෙන්නේ අප දැනමුතුකම් ලබනු පිණිසය.

ඔවුන් අතර සිදුවන ස්වර්ග වාසීන්ගේ දෙබස් සහ අපා වාසීන්ගේ දෙබස් ඔහු අපට දන්වා සිටිනුයේ එම පාඩම් අප හොඳින් වටහා ගනු පිණිසය.

යහපත් ක්රියාවකට කුසල් දහයක් ද, අයහපතකට එක් අකුසලයක් ද අල්ලාහ් අපට පිරිනමනයි. ඒ බව ඔහු අපට එලෙස දන්වා සිටින්නේ අපි යහපත කිරීමට යුහුසුළු වනු පිණිස ය.

නරක ක්රියාවක් හොඳ දෙයක් පසුපස අපි ගියහොත් එය මකා දමන බැවින් අපි කුසල් දහයක් උපයා ගන්නා බවත් නරක දේ අපෙන් මකා දමනු ලබන බවත් අල්ලාහ් අපට පවසයි.

'තව්බා' නොහොත් පශ්චාත්තාපය ඊට පෙර සිදු වූ දෙයට ප්රතිචාර දක්වන බවත්, එබැවින් පාපය වෙනුවෙන් පසුතැවිලි වන තැනැත්තා පාපයක් නැති අයෙකු හා සමාන වන බවත් ඔහු අපට දන්වා සිටියි.

යහපත වෙත මඟ පෙන්වන්නා එය සිදු කළ අයකුට සමාන වන බව ඔහු නියම කරයි.

යහපත් ක්රියාවන් හිමි කර ගැනීම අල්ලාහ් ඉතා පහසු කරයි, එබැවින් 'ඉස්තිග්ෆාර්' නොහොත් සමාව පැතීම, 'තස්බීහ්' නොහොත් (දේව) ගුණ ගායනය සහ 'දික්ර්' නොහොත් දේව සිහියෙන් කටයුතු කිරීම යනාදිය තුළින් මහත් යහපත් ක්රියාවන් ලබා ගත හැකි අතර කිසිදු දුෂ්කරතාවයකින් තොර ව අපගේ පාපයෙන් අපට මිදිය හැකිය.

අල් කුර්ආනයේ සෑම අකුරක් වෙනුවෙන්ම කුසල් දහයක් ඔහු අපට නියම කරයි.

අල්ලාහ් අපට කුසල් පිරිනමනුයේ යහපත කිරීමේ චේතනාව සඳහා පමණි. එය අපට කළ නොහැකි වුව ද ඒ සඳහා කුසල් පිරිනමනු ඇත. නරක චේතනාවක් නම් අපි එය සිදු නොකළේ නම් ඒ ගැන ඔහු අප ගණන් නොගනී.

අප යහපත කිරීමට මූලිකත්වය ගන්නේ නම්, අපගේ මග පෙන්වීම වැඩි කරන බවත්, අපට සාර්ථකත්වය ලබා දෙන බවත්, අපට යහපත්කමේ මාර්ග පහසු කරවන බවත් අල්ලාහ් අපට පොරොන්දු වෙයි.

මෙහි කවර අසාධාරණයක් ද?

යථාර්ථයෙන්ම අල්ලාහ් ඔහුගේ යුක්තිය මත පදනම්ව පමණක් අප සමග කටයුතු කළේ නැත. සැබැවින්ම ඔහු ඔහුගේ කරුණාව, උපකාරය හා ත්යාගශීලී භාවයෙන් අප සමග කටයුතු කරන්නාය.