Applicable Translations English Español ગુજરાતી हिन्दी தமிழ் 中文 Русский عربي

අල්ලාහ් ගින්නෙන් දඬුවම් කරන්නේ ඇයි?

නිදසුනක් ලෙස තම මව සහ පියා ප්රතික්ෂේප කර, ඔවුන්ට අපහාස කර, නිවසින් එළවා පාරට දැමූ පුද්ගලයකු ගැන අපට කුමක් දැනේවිද?

ඔහු තම නිවසට ඇතුළු වී ඔහුට ගෞරව කරන බවත්, ඔහුට කන්න බොන්න දෙන බවත්, මෙම කාර්යයට ස්තූතිවන්ත වන බවත් කෙනෙකු පැවසුවහොත්, මිනිසුන් ඔහුව අගය කරයිද? ජනතාව ඔහුගෙන් එය පිළිගනී ද? ඉහළම පරමාදර්ශය අල්ලාහ් සතුය. ඔවුන්ගේ මැවුම්කරුව ප්රතික්ෂේප කරන සහ ඔහුව විශ්වාස නොකරන අයගේ ඉරණම කුමක් වේද? යමෙක් ගින්නෙන් දඩුවම් ලැබුවද, එය ඔහුගේ නියම ස්ථානයේ තැබුවාක් මෙනි. මෙම පුද්ගලයා මිහිපිට ඇති සාමය හා යහපත්කමට නිග්රහ කළ බැවින් ඔහු ස්වර්ග සැපත ලැබීම යුතු නොවේ.

උදාහරණයක් ලෙස, රසායනික අවිවලින් ළමයින්ට වධ දෙන අය විනිශ්චය කිරීමකින් තොරව ස්වර්ගයට ඇතුළු වීම අපි අපේක්ෂා කරනුයේ ඇයි?

තවද ඔවුන්ගේ පාපය කාලයට සීමා වූ පාපයක් නොවේ. නමුත් එය ස්ථාවර ලක්ෂණයකි.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"...තවද ඔවුන් නැවත හරවා යවනු ලැබුව ද කවර දෙයකින් ඔවුන් ව වළක්වනු ලැබුවේ ද ඒ වෙතටම හැරී යනු ඇත. තවද නියත වශයෙන්ම ඔවුහු බොරුකාරයෝය." (අල් අන්ආම්: 28) (309) (අල්-අන්ආම්: 28)

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු අල්ලාහ් ඉදිරියේ සිටිය දී බොරුවට දිවුරමින් ඔහුට මුහුණ දෙති.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"අල්ලාහ් ඔවුන් සියලු දෙනා නැගිටුවන දිනයේ ඔවුන් නුඹලාට දිවුරා සිටියාක් මෙන් ඔහුට ද දිවුරා සිටිති. තවද නියත වශයෙන්ම ඔවුන් යම් පදනමක් මත සිටිති යැයි සිතති. දැන ගනු! නියත වශයෙන්ම ඔවුහු බොරුකාරයෝය." (අල්-මුජාදලා: 18) (310) (අල්-මුජාදලා: 18)

එසේම, ඊර්ෂ්යාව සහ ක්රෝධය ඇති හදවත් සතු පුද්ගලයින්ගෙන් අයහපත පැමිණිය හැකිය. ඔවුන් මිනිසුන් අතර ගැටළු සහ ගැටුම් ඇති කරයි. ඔවුන්ගේ විපාකය ඔවුන්ගේ ස්වභාවයට අනුරූප වන ගින්නක් වීම සාධාරණ විය.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"තවද, කවරෙකු අපගේ වදන් බොරු කොට ඒ පිළිබඳ (විශ්වාස කිරීම ගැන) උඩඟු වන්නේද ඔවුහු නිරා ගින්නේ සගයෝය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති." (අල්-අඃරාෆ්: 311) (අල්-අඃරාෆ්: 36)

යුක්තිසහගත අල්ලාහ්ගේ වර්ණනාවට ඔහුගේ දයාවට අමතරව 'මුන්තකිම්' නොහොත් සමප්රතිචාර දැක්වීමේ ගුණය ද අවශ්ය වේ. ක්රිස්තියානි ආගමේ දෙවියන් යනු “ප්රේමය” සහ යුදෙව් ආගමේ “කෝපය” පමණි. ඉස්ලාමයේ ඔහු සාධාරණ හා දයාවන්ත දෙවියෙකි, ඔහුට සියලු අලංකාර නාම තිබේ. ඒවා අලංකාරයේ සහ තේජසෙහි ගුණාංග වෙති.

එවිට, ජීවිතයේ ප්රායෝගික යථාර්ථයේ දී, රන් සහ රිදී වැනි පිරිසිදු ද්රව්යවලින් අපිරිසිදු ද්රව්ය වෙන් කිරීමට අපි ගින්න භාවිතා කරමු. එසේ සර්වබලධාරී අල්ලාහ් - ඉහළම පරමාදර්ශය අල්ලාහ් සතුය- මරණින් මතු ජීවිතයේ තම ගැත්තන් පව් සහ වැරදි ක්රියාවලින් පවිත්ර කිරීම සඳහා ගින්න භාවිතා කරයි. අවසානයේදී ඔවුන් අතර තම හදවතේ දේව විශ්වාසය ගැන පරමාණුක තරම් බරක් ඇති තැනැත්තා අල්ලාහ්ගේ කරුණාව හේතුවෙන් අපා ගින්නෙන් එළියට එයි.

අල්ලාහ් මහා කාරුණිකය; සියලු යහපතෙහි උල්පතය. එසේ නම් විනිශ්චයකින් තොරව ඔහු අප සියල්ලන්ම ස්වර්ගයට ප්රවේශ නොකරන්නේ ඇයි?

ඇත්තෙන්ම, අල්ලාහ් ඔහුගේ සියලු ගැත්තන් හට දේව විශ්වාසය තිබිය යුතු යැයි අපේක්ෂා කරයි.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"...තම ගැත්තන්ගෙන් ප්රතික්ෂේප කිරීම ඔහු ප්රිය නොකරයි. තවද නුඹලා කෘතවේදී වන්නේ නම් ඒ ගැන ඔහු නුඹලා කෙරෙහි තෘප්තියට පත් වෙයි. බර උසුලන්නෙකු වෙනත් අයගේ (පාපයේ) බර නොඋසුලනු ඇත. පසු ව නුඹලා නැවත යොමු විය යුතු ස්ථානය ඇත්තේ නුඹලාගේ පරමාධිපති වෙතය. එවිට නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු නුඹලාට දන්වයි. නියත වශයෙන්ම ඔහු හදවත් සතු දෑ පිළිබඳ ව මැනවින් දන්නාය." (අස්-සුමර්: 7) (312) (අස්-සුමර්: 7)

එසේ අල්ලාහ් විනිශ්චයකින් තොරව සියල්ලන්ම ස්වර්ගයට යවන්නේ නම්, එවිට යුක්තිය උල්ලංඝණය කිරීමක් සිදු වනු ඇත. අල්ලාහ් නබි මෝසෙස් සහ ෆිර්අවුන්ටද ඒ ආකාරයෙන්ම සලකනු ඇත. සෑම පීඩකයෙක්ම සහ ඔහුගේ ගොදුරු වූවන් කිසිවක් සිදු නොවූවාක් මෙන් ස්වර්ගයට ඇතුල් වනු ඇත. ස්වර්ගයට ඇතුළු වන මිනිසුන් කුසල් මුල්කරගෙන එයට ඇතුළුවීම සහතික කිරීමේ යාන්ත්රණයක් අවශ්ය වේ.

ඉස්ලාමීය ඉගැන්වීම්වල ඇති සුන්දරත්වය නම්, අප ගැන අප දන්නාවාට වඩා හොඳින් අපව දන්නා අල්ලාහ්, ඔහුගේ තෘප්තිය ලබා ගැනීමටත්, ස්වර්ගයට ඇතුළු වීමටත් ලෞකික හේතු දැක්වීමට අවශ්ය කරුණු ඇති බව අපට පවසා තිබීමයි.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"අල්ලාහ් කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස වෙනත් කිසිවක් පටවන්නේ නැත." (අල්-බකරා 286) (313) (අල්-බකරා 286)

කෙටි ජීවිතය තුළ පව් කිහිපයක් සඳහා නිමක් නැති වධ හිංසාවලින් මැවුම්කරු තම ගැත්තන්ට දඬුවම් කරන්නේ ඇයි?

බොහෝ අපරාධ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරයි. අපරාධකාරයා විනාඩි කිහිපයකින් අපරාධය කළ නිසා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් දීම අසාධාරණය යැයි පවසන කෙනෙක් සිටියි ද? අපරාධකරු වසරක් පමණක් මුදල් ගසා කා ඇති නිසා දස අවුරුදු දඬුවම අසාධාරණ තීන්දුවක් ද? දඬුවම් සම්බන්ධ වන්නේ අපරාධවල කාලසීමාවට නොව, අපරාධවල තරම හා බරපතලකමටය.