Applicable Translations हिन्दी தமிழ் English Español ગુજરાતી عربي

විටෙක අල්ලාහ් තමන්ව සමාව දෙන සහ දයාවන්ත කෙනෙකු ලෙසත් තවත් විටෙක දැඩි දඬුවම් දෙන කෙනෙකු ලෙසත් විස්තර කරන්නේ කෙසේද?

බලකිරීමකින් තොරව සහ මිනිසාගේ මිනිසත්කම සහ දුර්වලකම නිසා පව් කර; පසු ව පසුතැවිලි වී සමාව ඉල්ලා සිටින; මැවුම්කරුට අභියෝග කිරීමට අදහස් නොකරන අයට අල්ලාහ් සමාව දෙන දයාවන්ත ය. නමුත් සර්වබලධාරි අල්ලාහ් තමාට අභියෝග කරන ඔහුගේ පැවැත්ම ප්රතික්ෂේප කරන හා ඔහුව පිළිමයක් හෝ සතෙකු තුළ නිරූපණය කරන අයට තර්ජනය කරයි. එලෙසම, ඔහුට අකීකරු විමෙහි නොසැලී පසුතැවිලි නොවන තැනැත්තාගේ පසුතැවිලි වීම අල්ලාහ් භාර ගන්නේ නැත. යමෙක් සතෙකුට අපහාස කළහොත් කිසිවෙක් ඔහුට දොස් නොකියන නමුත් ඔහු තම දෙමාපියන්ට අපහාස කළහොත් ඔහුට දැඩි සේ දොස් කියනු ලැබේ. මැවුම්කරුගේ අයිතිය ගැන අප සිතන්නේ කුමක්ද? අප බැලිය යුත්තේ පාපයේ කුඩා බව දෙස නොව අප අකීකරු වූ තැනැත්තා දෙසය.

නපුර පැමිණෙන්නේ අල්ලාහ්ගෙන්ද?

නපුර අල්ලාහ්ගෙන් පැමිණෙන්නේ නැත. අයහපත පැවැත්මේ කාරණයක් නොවේ. පැවැත්ම පිරිසිදු යහපත් එකකි.

නිදසුනක් වශයෙන්, පුද්ගලයෙක් නැගිට, සෙලවෙන්නට නොහැකි වන තරමට තවත් පුද්ගලයෙකුට පහර දුන්නේ නම්, ඔහු අයුක්තියේ චරිතය ලබාගෙන ඇති අතර අයුක්තිය දුෂ්ඨය.

නමුත්, පොල්ලක් ගෙන තවකෙකුට පහර දෙන තරමට කෙනෙකු සතු බලය තිබීම නපුරු දෙයක් නොවේ.

දෙවියන් ඔහුට දුන් කැමැත්ත තිබීම නපුරක් නොවේ.

කෙනෙකුට ඔහුගේ අත සොලවන්නට හැකියාව තිබීම නරක දෙයක් නොවේ ද?.

එමෙන්ම පොල්ලට පහර දීම යන විශේෂණ පදය තිබීම ද නපුරක් නොවේ.

මේ සියලු පැවැත්මේ කරුණු තමන් තුළ පැවැත්මෙන්ම යහපත් වන අතර, පෙර උදාහරණයේ දී මෙන්, ඒවා වැරදි ලෙස භාවිතා කිරීමෙන් හානියක් ඇති නොකරන තාක් දුෂ්ඨභාවයේ චරිතය ලබන්නේ නැත. මෙම උදාහරණය මත පදනම්ව, ගෝනුස්සෙකු හෝ සර්පයෙකුගේ පැවැත්මද එලෙසය. ඌ පුද්ගලයෙකුට නිරාවරණය වී දෂ්ට කළහොත් මිස එය නපුරු දෙයක් නොවේ. සර්වබලධාරී අල්ලාහ් ඔහුට නපුරක් ආරෝපණය නොකරයි. ඒවා සම්පූර්ණයෙන්ම යහපත් ක්රියාවන් වේ. නමුත් දෙවියන් යම් ප්රඥාවක් සඳහා ඔහුගේ නියෝගයෙන් සහ පූර්ව නියමයෙන් සිදුවීමට ඉඩ දුන් සිදුවීම් වලදී, වැළැක්වීමේ හැකියාව සමඟ ඒවායෙහි බොහෝ යහපත පෙළ ගස්වා ඇත. එහි ප්රතිවිපාකය මිනිසුන් විසින් මෙම යහපත වැරදි ලෙස භාවිතා කිරීම නිසා ඇති විය.

ස්වාභාවික විපත් ඇතිවීමේ මැවුම්කරුගේ ප්රඥාව කුමක්ද?

මැවුම්කරු විසින් ස්වභාවධර්මයේ නීති සහ ඒවා පාලනය කරන නීති ස්ථාපිත කර ඇති අතර, දූෂණය හෝ පාරිසරික අසමතුලිතතාවයකදී ඒවා තමන් විසින්ම ආරක්ෂා කර ගන්නා අතර පෘථිවියේ ප්රතිසංස්කරණය සහ ජීවය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම සමතුලිතතාවයේ පැවැත්ම පවත්වා ගනී. වඩා හොඳ මාර්ගයක් සහ මිනිසුන්ට සහ ජීවිතයට ප්රයෝජනවත් වන්නේ පෘථිවියේ ඉතිරිව ඇති හා පවතින දෙයයි. මිනිසුන්ට බලපාන රෝග, ගිනිකඳු, භූමිකම්පා සහ ගංවතුර වැනි ව්යසනයන් පෘථිවියේ සිදු වන අවස්ථාවක නිදසුනක් වශයෙන් 'අල්කවී' බලධාරියා 'අෂ්-ෂාෆී' සුව කරන්නා සහ 'අල් හෆීල්' ආරක්ෂා කරන්නා යනාදී අල්ලාහ්ගේ නාම සහ ගුණාංග ප්රකාශ වේ. ඔහු රෝගීන් සුව කිරීම සහ දිවි ගලවා ගත් අයව ආරක්ෂා කිරීම වැනි අවස්ථාවන් දැක්විය හැක. එසේත් නැතිනම් වැරදි කරන්නාට සහ අකීකරු වූවන්ට දඬුවම් දීමේ දී "අල්-අද්ල්" (යුක්තිය) යන නාමය ද අකීකරු පුද්ගලයා විභාග කිරීමේ දී සහ පරීක්ෂා කිරීමේ දී "අල්-හකීම්" (ප්රඥාවන්ත) යන නාමය ද ප්රකාශ වේ, ඉවසන්නේ නම් කරුණාවෙන් ද මැලි වූයේ නම් දඬුවමින් ද ප්රතිඵල දෙනු ලැබේ. මේ අනුව, මිනිසා ආශිර්වාද මගින් අල්ලාහ්ගේ සුන්දරත්වය දැන ගන්නාක් මෙන්ම මෙමගින් තම ස්වාමියාගේ ශ්රේෂ්ඨත්වය දැන ගනී. යමෙක් දිව්යමය සුන්දරත්වයේ ගුණාංග පමණක් හැර අන් ගුණාංග ගැන නොදන්නේ නම්, එය ඔහු සර්වබලධාරි දෙවියන්ව නොදැන සිටියාක් මෙනි.

"ඇන්තනි ෆ්ලූ" දාර්ශනිකයා ඇතුළු බොහෝ සමකාලීන භෞතිකවාදී දාර්ශනිකයන් අදේවවාදයට හේතු වූයේ විපත්, නපුර සහ වේදනාවේ පැවැත්මයි. ඔහු තම මරණයට පෙර දෙවියන්ගේ පැවැත්ම පිළිගෙන "දෙවියෙක් සිටී" යන නමින් පොතක් ලියා ඇත. ඔහු විසිවන සියවසේ දෙවන භාගයේදී අදේවවාදයේ නායකයෙකු වුවද දෙවියන්ගේ පැවැත්ම පිළිගත් විට ඔහු මෙසේ පැවසීය.

"මනුෂ්ය ජීවිතය තුළ නපුර සහ වේදනාව පැවතීම දෙවියන්ගේ පැවැත්ම ප්රතික්ෂේප නොකරයි. නමුත් එය දිව්යමය ගුණාංග නැවත සලකා බැලීමට අපව පොළඹවයි." ඇන්තනි ෆ්ලූ සලකන්නේ, මෙම ව්යසනයන් මිනිසාගේ ද්රව්යමය හැකියාවන් ප්රකෝප කරන බැවින් බොහෝ ධනාත්මක කරුණු ඇති බවයි. එබැවින් ඔහු ඔහුට ආරක්ෂාව ගෙන දෙන දේ නිර්මාණය කරයි. එමෙන්ම ඔහුගේ හොඳම මනෝවිද්යාත්මක ලක්ෂණ ද පොළඹවන අතර මිනිසුන්ට උපකාර කිරීමට ඔහුව තල්ලු කරයි. නපුරේ සහ වේදනාවේ පැවැත්ම ඉතිහාසය පුරා මානව ශිෂ්ටාචාර ගොඩනැගීමේ ගෞරවයට පාත්ර වී ඇත. තවද ඔහු මෙසේ පැවසීය."මෙම උභතෝකෝටිකය පැහැදිලි කිරීමට කොපමණ කථිකාවන් තිබුණත්, ආගමික අර්ථ නිරූපණය වඩාත් පිළිගත හැකි සහ ජීවිතයේ ස්වභාවයට වඩාත්ම ගැළපෙන ලෙස පවතිනු ඇත." [308]. The Myth of Atheism නම් පොතෙන් අනුවර්තනය කරන ලදී. ආචාර්ය. අම්ර් ෂරීෆ්. සංස්කරණය ක්රි.ව 2014.

ඇත්ත වශයෙන්ම, අපි සමහර විට අපගේ කුඩා දරුවන් ඔවුන්ගේ ප්රතිකාරයක් සඳහා ආදරයෙන් ශල්යාගාරයට ගෙන යන අතර වෛද්යවරයාගේ බුද්ධිය, කුඩා තැනැත්තා කෙරෙහි ඔහු තුළ ඇති ආදරය සහ ඔහුට දරුවාගේ ජීවිතය පිළිබඳ ඇති ආශාව ගැන අපට පූර්ණ විශ්වාසයක් ඇත.

ජීවිතයේ නපුර පැවතීම දෙවියන් වහන්සේ නොමැති බව පෙන්නුම් කරයිද?

දෙවියන්ගේ පැවැත්ම ප්රතික්ෂේප කිරීමේ කඩතුරාවක් ලෙස මෙලොව ජීවිතයේ නපුර පැවතීමට හේතුව ප්රශ්න කරන්නා ඔහුගේ අදූරදර්ශී බව සහ ඒ පිටුපස ඇති ප්රඥාව පිළිබඳ ඔහුගේ චින්තනයේ බිඳෙන සුළු බව සහ අභ්යන්තර දේ පිළිබඳ අවබෝධයක් නොමැතිකම අපට හෙළි කරයි. අසන විට නපුර ව්යතිරේකයක් බව අදේවවාදියා ව්යංගයෙන් පිළිගත්තේය.

එහෙයින් නපුර හටගැනීමේ ප්රඥාව විමසීමට පෙර වඩා යථාර්ථවාදී ප්රශ්නය ඇසීමට යොමු විය. එනම් “මුලින්ම යහපත ඇති වූයේ කෙසේද?” යන්නයි.

වඩාත්ම වැදගත් ප්රශ්නය එයින් ආරම්භ විය යුතු බවට සැකයක් නැත, එනම්: යහපත නිර්මාණය කළේ කවුද? ආරම්භක ස්ථානය හෝ මුල් හෝ පවතින මූලධර්මය පිළිබඳව අප එකඟ විය යුතුය. එබැවින් අපට ව්යතිරේක සඳහා හේතු සොයාගත හැකිය.

විද්යාඥයින් ආරම්භයේ දී භෞතික විද්යාව, රසායන විද්යාව සහ ජීව විද්යාව යන විද්යාවන් සඳහා ස්ථාවර සහ නිශ්චිත නීති ස්ථාපිත කරන අතර පසුව මෙම නීති වලින් ව්යතිරේක සහ විෂමතා පිළිබඳ අධ්යයනයක් සිදු කරනු ලැබේ. එලෙසම, අදේවවාදීන්ට නපුරේ පෙනුම පිළිබඳ උපකල්පනය ජය ගත හැක්කේ ඔවුන් ගණන් කළ නොහැකි ලස්සන, පිළිවෙලට සහ යහපත් සංසිද්ධිවලින් පිරුණු ලෝකයක පැවැත්ම මුලින් පිළිගත් විට පමණි.

අපට සාමාන්ය ජීවිතය පුරා සෞඛ්ය කාල පරිච්ඡේද සහ රෝග කාල පරිච්ඡේද නැතහොත් දශක ගණනාවක සමෘද්ධිය සහ සංවර්ධනය හා ඊට අනුරූප වන විනාශයේ හා ව්යසනයේ කාල පරිච්ඡේද එමෙන්ම සියවස් ගණනාවක සන්සුන් ස්වභාවය සහ ඊට අනුරූප වන ගිනිකඳු පිපිරීම් සහ භූමිකම්පා සංසන්දනය කළ හැකිය. පවතින යහපත ආරම්භයට පැමිණෙන්නේ කොතැනින්ද? අවුල් සහ අවස්ථාව මත පදනම් වූ ලෝකයකට යහපත් ලෝකයක් බිහි කළ නොහැක. පුද්ගලයෙකුට අසනීපයක් අත්විඳින්නේ නම් මිස සෞඛ්යයේ රසය දැනෙන්නේ නැත. ඔහු කැත දකින තාක් කල් සුන්දර දේ වෙන්කර හඳුනා ගන්නේ නැත.

හාස්යයට කරුණක් නම්, විද්යාත්මක පර්යේෂණ මෙය සනාථ කරයි. තාප ගති විද්යාවේ දෙවන නියමය පවසන්නේ බාහිර බලපෑමකින් තොරව හුදකලා පද්ධතියක සම්පූර්ණ එන්ට්රොපිය (අක්රමිකතා හෝ අහඹු බව) සෑම විටම වැඩි වන බවත්, මෙම ක්රියාවලිය ආපසු හැරවිය නොහැකි බවත්ය.

වෙනත් වචන වලින් කිවහොත්, පිටතින් එන යමක් ඒවා එකට එකතු නොකරන්නේ නම්, සංවිධානාත්මක දේවල් සෑම විටම කඩා වැටී අතුරුදහන් වනු ඇත. එබැවින්, අලංකාරය, ප්රඥාව, ප්රීතිය, ප්රේමය සහ මෙවැනි පුදුමාකාර දේවලින් ප්රකාශ වන මෙම අහඹු සංසිද්ධි මැවුම්කරු විසින් සංවිධානය නොකරන්නේ නම්, අන්ධ තාප ගතික බලවේග කිසි විටෙකත් තමන් විසින්ම යහපත් දෙයක් නිපදවීමට හෝ මහා පරිමාණයෙන් යහපත් වීමට ඉඩ නොදෙනු ඇත. මේ සියල්ල නීතිය හොඳ සහ නරක ව්යතිරේකයක් බවත්, හැකියාව ඇති, මැවුම්කරු, හිමිකරු සහ පාලකයා ඇති දෙවි කෙනෙකු සිටින බවත් ඔප්පු කිරීමෙන් පසුව පමණි.