අල්ලාහ්ගේ දයාව සහ ඔහුගේ සේවකයන් කෙරෙහි ඇති ප්රේමය, ආදරය ගැන සඳහන් කරන බොහෝ වාක්යයන් අල්-කුර්ආනයේ සඳහන් කර ඇත. නමුත් අල්ලාහ් තම ගැත්තා කෙරෙහි දක්වන ප්රේමය ගැත්තන් එකිනෙකා තමන් අතර දක්වන ප්රේමය මෙන් නොවේ. මක්නිසාද යත්, මානව සම්මතයන්ට අනුව ආදරය යනු පෙම්වතාට නැති අවශ්යතාවයක් වන අතර එය ආදරණීයයා සමඟ සොයා ගනී. නමුත් කීර්තිමත් අල්ලාහ්ට අපගෙන් අවශ්යතාවක් නැත. මක්නිසාද ඔහු අප කෙරෙහි දක්වන ප්රේමය කරුණාවේ සහ දයාවේ ප්රේමයකි. දුර්වලයන්ට බලවත් ප්රේමයකි, දුප්පතුන්ට පොහොසත් ප්රේමයකි, අසරණ අයට ශක්තිමත් ප්රේමයකි, කුඩා අයට ඉමහත් ආදරයකි. ප්රඥාවෙන් සපිරුණු ආදරයකි.
අපි අපේ දරුවන්ට ආදරයේ මුවාවෙන් ඔවුන් කැමති දෙයක් කිරීමට ඉඩ දෙනවාද? අපි අපේ පුංචි දරුවන්ට ගෙදර ජනේලයෙන් එළියට විසිවෙන්නට දෙනවා ද? එහෙමත් නැත්නම් නිරාවරණය වූ විදුලි රැහැනෙන් සෙල්ලම් කරන්නට දෙනවා ද?
පුද්ගලයෙකුගේ පෞද්ගලික ප්රතිලාභ සහ වින්දනය මත පදනම් ව තීරණ ගැනීමට, එය අවධානය යොමු කිරීමේ ප්රධාන මධ්යස්ථානය බවට පත් වීමට, රට ජාතිය සහ ආගමේ බලපෑම්වලට වඩා ඔහුගේ පෞද්ගලික අවශ්යතා සාක්ෂාත් කර ගැනීමට, ඔහුගේ පරම්පරාව වෙනස් කිරීමට, ඔහු කැමති දේ කරන්නට සහ සෑම කෙනෙකුටම මාර්ගය යන මුවාවෙන් ඔහුට අවශ්ය ආකාරයට ඇඳ පැළඳ ක්රියා කරන්නට ඉඩ දිය නොහැක.
යමෙක් එක හවුලේ නිවසක පිරිසක් සමඟ වාසය කරන්නේ නම්, එම නිවස සැමට යැයි කියමින් ඔහුගේ නිවසේ එක් අයෙකු නිවසේ සාලයට වී තම ශාරීරික අවශ්යතාව ඉටු කිරීම වැනි නින්දිත ක්රියාවක් කළහොත් ඔහු පිළිගන්නේද? නීති රීති හෝ පාලනයකින් තොරව මෙම නිවසේ ජීවිතය ඔහු පිළිගන්නේද? අත්තනොමතික නිදහසක් ඇති පුද්ගලයෙකු අවලස්සන ජීවියෙකු බවට පත්වන අතර, ඔහුට මෙම නිදහස දරාගත නොහැකි බව සැකයකින් තොරව ඔප්පු වී ඇත.
පුද්ගලයා කෙතරම් ශක්තිමත් හෝ බලගතු වුවත් පුද්ගලත්වය සාමූහික අනන්යතාවයට ආදේශකයක් විය නොහැක. සමාජයේ සාමාජිකයන් යනු එකිනෙකාට පමණක් ගැලපෙන පන්ති වන අතර ඔවුන් එකිනෙකාට අත්යවශ්ය වේ. ඔවුන් අතර සොල්දාදුවන්, වෛද්යවරුන්, හෙදියන් සහ විනිසුරුවන් ද සිටිති, ඔවුන්ගෙන් කිසිවෙකු ඔහුගේ සතුට සාක්ෂාත් කර ගැනීම සඳහා අන් අයට වඩා ඔහුගේ පුද්ගලික වාසිය සහ උනන්දුව අභිබවා ගොස් අවධානයේ ප්රධාන මධ්යස්ථානය වන්නේ කෙසේද?
පුද්ගලයෙකුට තම සහජ බුද්ධිය මුදා හැරීමට ඉඩ දීමෙන් ඔහු ඒවාට වහලෙකු බවට පත් වේ. අල්ලාහ් අපේක්ෂා කරනුයේ ඔහු එය කෙරෙහි ආධිපත්යය දැරීම. අල්ලාහ් ප්රිය කරනුයේ ඔහු තම සහජ බුද්ධිය පාලනය කරන සිහිබුද්ධියෙන් හා ප්රඥාවන්තව කටයුතු කරන පුද්ගලයෙකු වීමටය. ඔහු සහජ බුද්ධිය කඩාකප්පල් කිරීම අපේක්ෂා නොකරන නමුත් ප්රාණය උතුම් කිරීමට සහ ආත්මය උසස් කිරීමට ඔවුන් යොමු කිරීමට අපේක්ෂා කරයි.
දරුවන් ක්රීඩා කිරීමට පමණක් ඇති කැමැත්ත නිසාවෙන්. අනාගතයේ අධ්යාපන සුදුසුකමක් ලබා ගත හැකි වන පරිදි පියකු එම දරුවන්ට ඉගෙනීම සඳහා යම් කාලයක් වෙන් කිරීමට බැඳී සිටින විට, මේ මොහොතේ ඔහු කුරිරු පියෙකු ලෙස සලකනු ලබන්නේ ද?
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"තවද ලූත් ව ද (එව්වෙමු.) එවිට ලෝ වැසියන් අතරින් නුඹලාට පෙර කිසිවකු හෝ සිදු නොකළ අශීලාචාර දෑ නුඹලා සිදු කරන්නෙහු දැ? යි තම සමූහයා වෙත ඔහු පැවසීය." (80) "නියත වශයෙන්ම නුඹලා කාන්තාවන් හැර දමා කාමුක ලෙසින් පිරිමින් වෙත පැමිණෙන්නෙහුය. එසේම නුඹලා සීමාව ඉක්මවූවන් වෙති." (81) "නුඹලා නුඹලාගේ ගමෙන් මොවුන් ව පිටුවහල් කරනු. නියත වශයෙන්ම මොවුන් පිරිසිදු ව සිටින මිනිසුන් පිරිසකි යැයි ඔවුන් පැවසීම මිස ඔහුගේ සමූහයාගේ පිළිතුර නොවීය." (අල් අඃරාෆ්: 80-82) (305) (අල්-අඃරාෆ්: 80-82)
සමලිංගිකත්වය පරම්පරාගත නොවන බවත්, මානව ප්රවේණි කේතයේ සංයුතිය මත පදනම් නොවන බවත් මෙම පදය සනාථ කරයි. මන්ද මෙම ආකාරයේ දුරාචාරයේ නව්යකරණයට ප්රථමයෙන් ලූත්හි ජනයා කටයුතු කර ඇති බැවිනි. මෙය විශාලතම විද්යාත්මක අධ්යයනය සමග සමපාත වේ, සමලිංගිකත්වයට ජාන විද්යාව සමග කිසිදු සම්බන්ධයක් නොමැති බව තහවුරු කරයි.[306]. https://kaheel7.net’/?p=15851’ අල්-කහීල් විශ්වකෝෂය අල්-කුර්ආනය සහ සුන්නාහි ආශ්චර්යයන්.
හොරාගේ හොරකමට අපි ගරු කරනවද, පිළිගන්නවද? මෙය ද ප්රවනතා වේ. නමුත් අවස්ථා දෙකේදීම එය අස්වාභාවික ප්රවණතා වේ. එය මිනිස් සහජ බුද්ධියෙන් බැහැරවීමක් සහ සොබාදහමට පහර දීමක් වන අතර එය නිවැරදි කළ යුතුය.
අල්ලාහ් මිනිසා මවා ඔහුව නිවැරදි මාවතට යොමු කළේය. යහපත් මාර්ගය හා අයහපත් මාර්ගය තෝරා ගැනීමේ නිදහස ඔහු සතුව ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"තවද අපි ඔහුට (හොඳ නරක යන) මාවත් දෙක වෙත මඟ පෙන්වූයෙමු." (අල්-බලද්: 10) (307) (අල්-බලද්: 10)
එම නිසා සමලිංගිකත්වය තහනම් කරන සමාජ වල මෙම අසාමාන්යතාවය පෙන්නුම් කරන්නේ කලාතුරකිනි. මෙම හැසිරීමට ඉඩ දෙන සහ අනුබල දෙන පරිසරය සමලිංගික ප්රතිශතය වැඩි කරන බව අපට පෙනී යයි. මෙයින් පෙන්නුම් කරන්නේ මිනිසුන් තුළ විෂමතාවයේ සම්භාවිතාව තීරණය කරන්නේ ඔහු වටා ඇති පරිසරය සහ ඉගැන්වීම් බවයි.
සැටලයිට් නාලිකා බැලීම, තාක්ෂණය භාවිතා කිරීම හෝ පාපන්දු කණ්ඩායමක් සඳහා ඔහුගේ උන්මාදය අනුව පුද්ගලයෙකුගේ අනන්යතාවය සෑම මොහොතකම වෙනස් වේ. ගෝලීයකරණය ඔහු සංකීර්ණ මිනිසෙක් බවට පත් කර ඇත. ද්රෝහියාට දෘෂ්ටිකෝණයක් ඇත. අපගමනය සාමාන්ය හැසිරීම් වල හිමිකරු බවට පත් වී ඇත. ඔහුට ප්රසිද්ධ සාකච්ඡාවලට සහභාගී වීමට නීත්යානුකූල බලය ලැබී ඇත. කෙසේ වෙතත් අපි ඔහුට සහාය දී ඔහු සමඟ සමාදාන විය යුතු වේ. එමෙන්ම තාක්ෂණය ඇති අයට ප්රමුඛත්වය ලැබී ඇත. එබැවින් අපගමනය බලයට හේතු ඇති පාර්ශවය වී නම්, ඔහු තම විශ්වාසයන් අනෙක් පාර්ශවයට පටවනු ඇත. එය මිනිසා තමා සමඟ ඔහුගේ සමාජය සහ ඔහුගේ නිර්මාතෘ සමඟ ඇති සම්බන්ධය දූෂණයට තුඩු දෙයි. පුද්ගලවාදය සමලිංගිකත්වයට සෘජුවම සම්බන්ධ වීමත් සමඟම, මනුෂ්ය වර්ගයා අයත් වන මානව සහජ බුද්ධිය මෙතැනින් ගිලිහී ගොස්, එක පවුලක් යන සංකල්ප පහළ විය. එ නිසා බටහිරයන් පුද්ගලවාදයෙන් මිදීමට විසඳුම් සෙවීමට පටන් ගත්තේය. මක්නිසාද යත්, මෙම සංකල්පය දිගටම කරගෙන යාමෙන් ඔහුට පවුල යන සංකල්පය අහිමි වූවා සේම නූතන මිනිසා ලබා ඇති ජයග්රහණ අපතේ යන බැවිනි. මේ අනුව, සංක්රමණිකයන් ආකර්ෂණය කර ගැනීමට දොරටු විවර කළ සමාජයේ පුද්ගල සංඛ්යාව හැකිලීමේ ගැටලුවෙන් බටහිරයන් අදත් පීඩා විඳිති. අල්ලාහ් කෙරෙහි තබන විශ්වාසය, ඔහු අප වෙනුවෙන් නිර්මාණය කළ විශ්වයේ නීතිවලට ගරු කිරීම සහ ඔහුගේ අණපනත් හා තහනම් කිරීම් පිළිපැදීම මෙලොව හා පරලොව සතුට සඳහා මාර්ගයයි.