Applicable Translations हिन्दी தமிழ் English Español ગુજરાતી عربي

හජ් වන්දනයේ පිළිවෙත්, එනම් කඃබාවට ගරුබුහුමන් කිරීම සහ එහි ඇති අනෙකුත් පිළිවෙත් මිථ්යාදෘෂ්ටික චාරිත්ර ලෙස සලකන්නේ නැද්ද?

මිථ්යාදෘෂ්ටික ආගම් අතර හා නියමිත ස්ථාන හා සළකුණු ගරුබුහුමන් කිරීම අතර ඒවා ආගමික හෝ දේශීය හෝ ජාතික හෝ වේවා විශාල වෙනසක් ඇත.

නිදසුනක් වශයෙන්, ඇතැම් ප්රකාශවලට අනුව, ෂෙයිතාන්ට අපගේ විරුද්ධත්වය සහ ඔහුව අනුගමනය නොකරන බව පෙන්වීමටත් එමෙන්ම අපගේ නායක ඉබ්රාහිම් තුමා තම ස්වාමියාගේ අණ පරිදි ඔහුගේ පුතුන් කැප කිරීමට ගෙන යන අවස්ථාවේ ෂෙයිතාන් ඔහුව වළක්වන්නට පෙනී සිටිය දී ඔහුට ගල් පහර දීමේ එතුමාගේ ක්රියාවලිය අපි අනුගමනය කිරීමක් වශයෙනුත් ගල් ගැසීම.[301]. හාජර් තුමිය තම පුත් ඉස්මයිල් සඳහා ජලය සෙවීමට උත්සාහ කළ විට ඇය කළ කාර්යය අනුගමනය කරමින් සෆා සහ මර්වා අතර සඃයු කිරීම. සියලුම අවස්ථාවන්හි මේ සම්බන්ධයෙන් අදහස් නොතකා, හජ් චාරිත්ර වාරිත්ර සියල්ල දෙවියන් වහන්සේ සිහිපත් කිරීම සඳහා සහ ලෝක ස්වාමියාට කීකරු වීම සහ යටත් වීම පෙන්නුම් කිරීම සඳහා වන අතර ඒවා ගල්, ස්ථාන හෝ මිනිසුන් නමස්කාර කිරීම අදහස් නොකෙරේ. එහිදී ඉස්ලාම් දහම ඉල්ලා සිටින්නේ අහස් හා පොළවෙහි සහ ඔවුන් අතර ඇති දේවල අධිපතියා වන සහ සෑම දෙයකම මැවුම්කරු සහ පරමාධිපත්යය වන එකම දෙවියෙකුට නමස්කාර කරන ලෙසයි. අල්-මුස්තද්රක්හි ඉමාම් අල් හාකිම්, ඉමාම් ඉබ්නු කුසෙයිමා ඔහුගේ සහීහ් හි ද මෙය සඳහන් කර ඇත. මෙය ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද්දකි.

මුස්ලිම් වරයෙක් 'හජරුල් අස්වද්' නම් ගලට නමස්කාර නොකරන්නේ නම්, එය සිප ගන්නේ ඇයි?

නිදසුනක් වශයෙන්, තම පියාගේ ලිපියක් අඩංගු ලියුම් කවරයක් සිප ගැනීම ගැන අපි යමෙකුට දොස් පවරමු ද? හජ්හි සියලුම පිළිවෙත් දෙවියන් වහන්සේ සිහිපත් කිරීම සඳහා සහ ලෝක ස්වාමියාට කීකරු වීම සහ යටත් වීම පෙන්නුම් කිරීම සඳහා වන අතර ඒවා ගල්, ස්ථාන හෝ මිනිසුන් නමස්කාර කිරීම අදහස් නොකෙරේ. එසේ වුවද, ඉස්ලාම් දහම ඉල්ලා සිටින්නේ අහස් හා පොළවෙහි සහ ඔවුන් අතර ඇති දේවල අධිපතියා වන සහ සෑම දෙයකම මැවුම්කරු සහ පරමාධිපත්යය වන එකම දෙවියෙකුට නමස්කාර කරන ලෙසයි.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"අහස් හා මහපොළොව මැවූ ඔහු වෙත මම මාගේ මුහුණ අවංක ලෙසින් හරවමි. තවද මම ආදේශ තබන්නන් අතරින් නොවෙමි." (අල්-අන්ආම්: 79) (302) (අල්-අන්ආම්: 79)

දැඩි සෙනඟ ගැවසීම නිසා ඇතැම් මුස්ලිම්වරුන් මියයාමට ඇති ඉඩකඩ ඇති බැවින් හජ් චාරිත්ර භයානක කරුණක් නොවේද?

හජ් උත්සවයේදී තදබදය නිසා සිදුවුණු මරණ වසර කිහිපයක පමණක් විය. තදබදය නිසා මිය යන අය ඉතා සුළු ප්රමාණයක් වීම සාමාන්ය දෙයකි. නමුත් උදාහරණයක් ලෙස මත්පැන් පානය කිරීමෙන් මිය යන සංඛ්යාව වාර්ෂිකව මිලියන ගණනකි. දකුණු ඇමරිකාවේ පාපන්දු ක්රීඩාංගණ රැලි සහ සැණකෙළිවලට ගොදුරු වූවන් ඊටත් වඩා අධිකය. කෙසේ වෙතත්, මරණය සත්යයකි. අල්ලාහ්ගේ හමුව ද සත්යයකි. අකීකරුකම මත පදනම්ව මරණයට පත්වීමට වඩා කීකරුකම පදනම්ව මරණයට පත්වීම හොඳය.

මැල්කම් එක්ස් මෙසේ පවසයි:

මම මේ මිහිමත ගත කළ වසර විසි නවයකට පසු පළමු වතාවට සියල්ලේ මැවුම්කරු ඉදිරියෙහි සිට ගත්තෙමි. මම සම්පූර්ණ මිනිසෙක් බව දැනුණි. විවිධ වර්ණ හා ජාතී සියලු මිනිසුන් අතර මෙම සහෝදරත්වය තරම් අවංක බවක් මගේ ජීවිතයේ කිසි දිනෙක දැක නැත. ඇමරිකාවට ඉස්ලාම් දහම අවබෝධ කර ගත යුතු වන්නේ එය ජාතිවාදයේ ප්රශ්නයට විසඳුමක් ඇති එකම ආගම වන බැවිනි. [303]. ඔහු අප්රිකානු-ඇමරිකානු ඉස්ලාමීය දේශකයෙකු මෙන්ම මානව හිමිකම් ආරක්ෂකයෙකි. ඔහු ඇමරිකාවේ ඉස්ලාමීය ව්යාපාරයේ ගමන ඉස්ලාමීය ප්රතිපත්තියෙන් දැඩි ලෙස බැහැර වූ පසු එය නිවැරදි කර නිවැරදි ප්රතිපත්තිය වෙත ඇරයුම් කළේය.