Applicable Translations हिन्दी தமிழ் English Español ગુજરાતી عربي

ආහාර පිණිස කපා හරින සතුන්ට මිනිස් ආත්මයක් මෙන් ආත්මයක් නොමැතිද?

සත්ව ආත්මයයි මනුෂ්ය ආත්මයයි අතර ලොකු වෙනසක් පවතී. සත්ව ආත්මය ශරීරයේ ගාමක බලවේගයයි. මරණයත් සමග එය වෙන් කළහොත් එය පණ නැති මළ සිරුරක් බවට පත් වෙයි. එය ද එක්තරා විදිහක ජීවිතයකි. එමෙන්ම පැළෑටි සහ ගහකොළවලට ද ජීවයක් ඇත. එය ආත්මයක් ලෙස හැඳින්වෙන්නේ නැත. නමුත් එය ජලය සමඟ එහි කොටස් හරහා ගලා යන ජීවිතයක් ලෙස හැඳින් වේ. එය ද වෙන් කළහොත් එය වියළී වැටේ.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"...තවද ජීවමාන සෑම දෙයක්ම ජලයෙන් ඇති කළ බවත් ප්රතික්ෂේප කළවුන් නොදුටුවෝ ද? එහෙයින් ඔවුහු විශ්වාස කළ යුතු නොවේ ද?..." (අල්-අන්බියා: 30) (276) (අල්-අන්බියා: 30)

නමුත් එය ගෞරවයට හා උදාරත්වය සඳහා අල්ලාහ්ට ආරෝපණය කරන ලද මිනිස් ආත්මය මෙන් නොවේ. එහි ස්වභාවය අල්ලාහ් හැර වෙන කිසිවෙකු නොදනී. එය මිනිසාට පමණක් විශේෂිත වේ. මිනිස් ආත්මය යනු දිව්යමය ආඥාවක් වන අතර එහි සාරය මිනිසාට අවබෝධ කර ගැනීමට අවශ්ය නැත. එය ශරීරයේ චලන බලය, එයට ඈඳුණු චින්තන ශක්තීන් (බුද්ධිය), අවබෝධය, දැනුම සහ විශ්වාසය යනාදිය ඒකාබද්ධ වූවකි. සත්ව ආත්මය වෙන්කර හඳුනාගත හැකි වන්නේ මෙමගිනි.

මුස්ලිම් ජාතිකයෙක් ඌරු මස් අනුභව නොකරන්නේ ඇයි?

දෙවියන්ගේ දයාවෙන් සහ කරුණාවෙන් ඔහු අපට හොඳ දේ අනුභව කිරීමට ඉඩ දුන් අතර අපිරිසිදු දේ අනුභව කිරීම අපට තහනම් කළේය.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"ඔවුහු වනාහි, ඔවුන් අබියස ඇති තව්රාතයේ හා ඉන්ජීලයේ සඳහන් කරනු ලැබූ අයුරින් ඔවුනට යහපත විධානය කරන, පිළිකුල් සහගත දැයින් ඔවුන් වළක්වාලන, යහපත් දෑ ඔවුනට අනුමත කරන, කිළිටි දෑ ඔවුන් මත තහනම් කරන, ඔවුන්ගේ බර හා ඔවුන් මත පැවති දුෂ්කරතාවන් (පහකර) තබන අයකු ලෙසින් ශාක්ෂරතාවක් නොමැති දේව ඥානය ලැබූ මෙම ධර්ම දූතයාණන් ව අනුගමනය කරන්නෝ වෙති. එබැවින් කවරෙකු ඔහුව විශ්වාස කොට; ඔහුට ගරු කොට; ඔහුට උදව් කර; ඔහුට පහළ කරනු ලැබූ ආලෝකය පිළිපැද්දේ ද ඔවුහුමය ජයග්රාහකයෝ." (අල්:අඃරාෆ්: 157) (277) (අල් අඃරාෆ්: 157)

ඉස්ලාම් වැළඳ ගත් සමහරු සඳහන් කරන්නේ තමන් ඉස්ලාම් ආගම වැළඳ ගැනීමට හේතුව ඌරා බවයි.

මේ සත්වයා ඉතා අපිරිසිදු බවත්, ශරීරයට බොහෝ රෝග ඇති කරන බවත් ඔවුන් කලින්ම දැන සිටි බැවින්, ඔවුහු එය පරිභෝජනය කිරීමට පිළිකුල් කළහ. ඌරා අපිරිසිදු සතෙකු වන බැවින් හා උගේ මස් සෞඛ්යයට අහිතකර බැවින් මුස්ලිම්වරුන්ට ඌරු මස් අනුභව කිරීම තහනම් බව පසුව අවබෝධ වන තුරුම ඔවුන් විශ්වාස කර සිටියේ මුස්ලිම්වරුන් ඌරු මස් අනුභව නොකරන්නේ ඔවුන් ඌ ශුද්ධත්වයට පත් කරන බැවින් හා උෟට නමස්කාර කරන බැවින් ඔවුන්ගේ ග්රන්ථයේ තහනම් කර ඇති බව පමණක් ය. පසු ව මේ ආගමේ ශ්රේෂ්ඨත්වය ඔවුන්ට ඒ අවස්ථාවේ වැටහිනි.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

"ඔහු නුඹලාට තහනම් කරනුයේ මළ දෑ ද, රුධිරය ද, ශූකර මාංශ ද, අල්ලාහ් නොවන දෑ වෙනුවෙන් කැප කරන ලද දෑ ද වේ. නමුත් සීමාව ඉක්මවා යෑමෙන් තොරව හෝ පාපයක් සිදු කිරීමේ අරමුණින් තොරව හෝ කවරෙකු බල කරනු ලැබුවේ නම්, එවිට ඔහු කෙරෙහි පාපයක් නොමැත. සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය." (අල්-බකරා: 173) (278) (අල්-බකරා: 173)

ඌරු මස් පරිභෝජනය තහනම් කිරීම පරණ ගිවිසුමෙත් සඳහන් වී ඇත.

"ඌරා, කුරය බෙදී වෙන්ව තිබෙන නුමුත් වමාරානොකන නිසා ඌ ඔබ සැමට අපවිත්රය. උන්ගේ මාංස නොකන්න, උන්ගේ මළකුණු ස්පර්ශනොකරන්න; උන් ඔබ සැමට අපවිත්රය." [279] (ලෙවී කථාව 11:7-8).

"ඌරාගේ කුරය බෙදී තිබෙන නුමුත් ඌ වමාරා නොකන නිසා ඔබ සැමට අපවිත්රය. ඔබ සැම උන්ගේ මස් නොකෑ යුතුය, උන්ගේ මළකුණු ස්පර්ශනොකළ යුතුය." [280] (ද්විතීය කථාව 14:8).

ජේසු ක්රිස්තු තුමා විසින් නව ගිවිසුමේ ප්රකාශ කරන ලද දෙයට අනුව, මෝසෙස්ගේ ව්යවස්ථාව ද ජේසු ක්රිස්තු තුමාගේ නීතිය බව දන්නා කරුණකි.

"ව්යවස්ථාව හෝ අනාගතවාක්යය හෝ අවලංගුකරන පිණිස මම ආවෙමියි නොසිතන්න. සම්පූර්ණකරන්ට මිස අවලංගුකරන්ට නාවෙමි. සැබවක් නුඹලාට කියමි: අහසත් පොළොවත් පහව යන තෙක්, සියල්ල සිදුවන තුරු, ව්යවස්ථාවෙන් එක අකුරක්වත් බින්දුවක්වත් කිසිසේත් පහව නොයන්නේය. එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක්වත් කඩකරන්නාවූ, කඩකරන ලෙස මනුෂ්යයන්ට උගන්වන්නාවූ කවරෙක් නුමුත් ස්වර්ගරාජ්යයෙහි ඉතා සුළුයයි කියනු ලබන්නේය. නුමුත් ඒවා පවත්වන්නාවූ, උගන්වන්නාවූ කවරෙක් නුමුත් ස්වර්ගරාජ්යයෙහි උතුම්යයි කියනු ලබන්නේය." [281]. (මතෙව් 5:17-19).

ඒ අනුව යුදෙව් ආගමේ ඌරු මස් අනුභව කිරීම තහනම් කර ඇති පරිදි ක්රිස්තියානි ධර්මයේ ද තහනම් කර ඇත.