Applicable Translations हिन्दी தமிழ் English Español ગુજરાતી عربي

හානියක් හෝ ප්රති හානියක් හෝ ඉස්ලාමය තුළ නැත.

ඉස්ලාමයේ මස් සහ බිත්තර පරිභෝජනයට අවසර දී ඇත්තේ ඇයි?

මස් ප්රෝටීන් වල අත්යවශ්ය ප්රභවයකි. මිනිසුන්ට පැතලි හා උල් දත් ඇති අතර මෙම දත් මස් හපන්නට සහ ඇඹරීමට යෝග්ය අයුරින් නිමවී ඇත. ශාක හා සතුන් ආහාරයට ගැනීට සුදුසු ලෙස අල්ලාහ් මිනිසාට දත් මවා ඇත. ශාක හා සත්ව ආහාර ජීර්ණය කිරීමට සුදුසු ආහාර ජීර්ණ පද්ධතිය නිර්මාණය කර ඇත. ඒවා අනුභව කිරීම පිළිබඳ විශ්ලේෂණයට මෙය සාක්ෂියකි.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"...ගොවිපළ සතුන් නුඹලාට (ආහාරය සඳහා) අනුමත කරන ලදී..." (අල්-මාඉදා: 1) (266) (අල්-මාඉදා: 1)

ආහාර සම්බන්ධයෙන් යම් නීතිරීති සමඟ අල් කුර්ආනය පහළ වී ඇත:

"(නබිවරය!) පවසන්න, මිය ගිය දෑ, වහනය වන රුධිරය, ශූකර මාංශ - ඇත්තෙන්ම එය අපිරිසිදුය.- අල්ලාහ් නොවන දෑ වෙනුවෙන් කවර දෙයක් කපන ලද්දේ ද එවන් පාපී වශයෙන් පවතින දෑ හැර අනුභව කරන්නෙකුට එය අනුභව කිරීමට කිසිවක් තහනම් බව මා වෙත දන්වා ඇති දේව වදන්හි මා දුටුවේ නැත. නමුත් කවරෙකු බලකිරීමකට ලක්වන්නේද ඔහු සීමාව ඉක්මවීමකින් හා සිය කැමත්තෙන් තොරව (අනුභව) කළ හැක. සැබැවින්ම නුඹගේ පරමාධිපති අති ක්ෂමාශීලීය; කරුණා ගුණයෙන් යුක්තය." (අල්-අන්ආම්: 145) (267) (අල්-අන්ආම්: 145)

"මළ සතුන්, රුධිරය, ශූකර මාංශ, අල්ලාහ් නොවන දෑ සඳහා බිලි දෙනු ලැබූ දෑ, ගෙල මිරිකනු ලැබ මිය ගිය දෑ, පහර දෙනු ලැබ මිය ගිය දෑ, වැටී මිය ගිය දෑ, ඇණ මිය ගිය දෑ, මෘග සතුන් කා දැමූ දෑ නුඹලාට තහනම් කරන ලදී - නුඹලා (ඉන්පසුව) එය විධිමත් ලෙස කැපුවේ නම් හැර, (එවිට ආහාරය සඳහා ගත හැක.) - තවද පිළිම සඳහා කැපූ දෑ කෝටු කැබලි මඟින් කුසපත් ඇද පංගු බෙදා ගන්නා දෑ ද නුඹලාට තහනම් කරන ලදී. මේවා පාපීය..." (අල්-මාඉදා: 3) (268) (අල්-මාඉදා: 3)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

"...තවද නුඹලා අනුභව කරනු. පානය කරනු. නමුත් නුඹලා නාස්ති නොකරනු. නියත වශයෙන්ම ඔහු නාස්ති කරන්නන් ප්රිය කරන්නේ නැත." (අල් අඃරාෆ්: 31) (269) (අල්-අඃරාෆ් :31)

ඉබ්නුල් කය්යුම් (රහිමහුල්ලාහ්) මෙසේ පවසයි (270): එබැවින් ආහාර පානවල ශරීරයට ආධාර කරන දේ ඇතුළත් කරන ලෙසත්, එය ප්රමාණයෙන් සහ ගුණයෙන් ශරීරයට ප්රයෝජනයක් වන ලෙස පිළියෙල කර ගන්නා ලෙසත් ඔහු තම ගැත්තන්හට උපදෙස් දුන්නේය. එමෙන්ම එය ඉක්මවා ගිය විට, එය අතිරික්තයක් වේ. ඒ දෙකම සෞඛ්යය වළක්වාලයි. ලෙඩරෝග ගෙන දෙයි. මා අදහස් කරන්නේ ආහාර පාන නොගැනීම හා එහි නාස්තියයි. ඒ නිසා සෞඛ්යය ආරක්ෂාව මේ ප්රකාශ දෙකේ පිහිටා ඇත. "සාදුල් මආද්" (4/213)

නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ගුණාංග පිළිබඳ උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "...යහපත් දෑ ඔවුනට අනුමත කරයි. කිළිටි දෑ ඔවුන් මත තහනම් කරයි..." (අල්:අඃරාෆ්: 157) (271) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: "ඔවුන්ට අනුමත කරනු ලැබුවේ කුමක් දැ යි? ඔවුහු නුඹගෙන් විමසති. (නබිවරය!) පවසන්න, පිවිතුරු යහපත් දෑ අනුමත කරන ලදී..." (අල් මාඉදා: 4) (අල් අඃරාෆ්: 157) (අල්-මාඉදා: 4)

සෑම යහපත් දෙයක්ම හලාල් නොහොත් අනුමතය. සෑම කිලිටි දෙයක්ම හරාම් නොහොත් තහනම්ය.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දේවත්වය විශ්වාස කළ තැනැත්තාගේ ආහාර පානවල තිබිය යුතු දේ පැහැදිලි කර මෙසේ පැවසූහ: මිනිසා තම කුසට වඩා නරක කිසිදු භාජනයක් පුරවන්නේ නැත. ආදම්ගේ පුත්රයා තම කොඳු ගැට පෙළට ආධාර කරන දේ අනුභව කිරීම ප්රමාණවත්ය. මෙය කළ නොහැකි නම්, තුනෙන් එකක් ආහාර සඳහා, තුනෙන් එකක් බීම සඳහා සහ තෙවනුව ඔහුගේ හුස්ම සඳහා (වෙන් කර ගත යුතුය.) [273]. (ඉමාම් තිර්මිදි විසින් මෙය වාර්තා කර ඇත.)

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවසූහ: "හානියක් හෝ ප්රති හානියක් හෝ නැත." [274]. (ඉබ්නු මාජාහ් මෙය වාර්තා කර ඇත.)

ඉස්ලාමයේ සතුන් මැරීමේ ක්රමය අමානුෂික නොවේද?

මුවහත් පිහියකින් සතාගේ උගුර සහ ගලනාලය කපා දැමීමේ ඉස්ලාම් ක්රමය, එම සතාට වධ හිංසා පමුණුවන විදුලි සැර වැදී හුස්ම හිර කිරීමට වඩා දයාවන්ත ය. මොළයට රුධිර ගමනාගමනය අඩාල වූ විගස සතාට වේදනාවක් දැනෙන්නේ නැත. කපන විට සතාගේ නැගිටීම වේදනාව නිසා නොව, වේගවත් රුධිර ප්රවාහය නිසා සිදුවන්නකි. එය සියලු රුධිරය පිටතින් පිටවීමට පහසුකම් සපයයි. මෙම ක්රමය මස් අනුභව කරන අයගේ සෞඛ්යයට හානි කරන සත්වයාගේ ශරීරය තුළ රුධිරය සිර කරන වෙනත් ක්රමවලට ප්රතිවිරුද්ධ ක්රමයකි.

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ. "සැබැවින්ම අල්ලාහ් සියලු කරුණුවලට යහපත ලියා ඇත. එබැවින් නුඹලා මරණ දඬුවම පිරිනමන විට මරණ දඬුවම නිසි ලෙස ඉටු කරන්න. නුඹ සත්ව ගෙල සිඳන විට ගෙල සිඳීම නිසි ලෙස ඉටු කරන්න. තවද නුඹලාගෙන් අයකු තම ආයුධය හොදින් මුවහත් කර ගත යුතුය. ඔහු ගෙල සිඳිනු ලබන සත්වයා කපා නිදහස් කළ යුතුය." (275) (මෙය මුස්ලිම් විසින් වාර්තා කර ඇත.)