උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"ගොඩබිම සතෙකු හෝ වේවා තම තටු දෙක සලමින් පියාසර කරන පක්ෂියෙකු හෝ වේවා (උන් ද) නුඹලා මෙන් වූ සමූහයන් මිස වෙනත් දෑ නොවෙති. පුස්තකයේ අපි කිසිවක් අත් නොහැරියෙමු. පසුව ඔවුන් ඔවුන්ගේ පරමාධිපති වෙතට එක් රැස් කරනු ලබති." (අල්-අන්ආම්: 38) (253) (අල්-අන්ආම්: 38)
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ. "බළලෙකු සම්බන්ධයෙන් ඌ මිය යන තෙක් සිර ගත කළ කාන්තාවක් දඬුවම් ලබා අපා ගින්නට පිවිසුනාය. ඇය ඌට ආහාර පාන ලබා දුන්නේ නැත. මහපොළොවේ ඇති පැලෑටි අනුභව කිරීමට ඇය ඌ අත් නොහැර රඳවා ගත්තාය." බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කරන ලදී.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ. බල්ලෙකු පිපාසයෙන් දිව සොලවමින් සිටිනු දුටු මිනිසා ඔහුගේ සපත්තුව ගෙන උගේ පිපාසය සංසිඳුවන තෙක් ඌ වෙනුවෙන් ජලය අදින්නට පටන් ගත්තේය. එබැවින් අල්ලාහ් ඔහුට ස්තුති කර ඔහුව ස්වර්ගයට ඇතුළු කළේය. (255) (බුහාරි හා මුස්ලිම් විසින් මෙම හදීසය වාර්තා කර ඇත.)
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"තවද මහපොළොව හැඩගැස් වූ පසු නුඹලා එහි කලහකම් නොකරනු. තවද බියෙන් හා කැමැත්තෙන් ඔහුව නුඹලා අයදිනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ දයාව දැහැමියන්ට සමීපයෙන් ඇත." (අල්-අඃරාෆ්: 56) (256) (අල් අඃරාෆ්: 56)
"මිනිසාගේ අත් උපයාගත් දෑ හේතුවෙන් ඔවුන් සිදු කළ දෑහි ඇතැමෙක් ඔවුන් විඳවනු පිණිස ගොඩබිමෙහි හා මුහුදෙහි ව්යසනයන් මතු විය. ඔවුන් නැවත හැරී ආ හැකි වනු පිණිසය." (අර්-රූම්: 41) (257) (අර්-රූම්: 41)
"ඔහු හැරී ගිය විට මහපොළොවෙහි කලහකම් කිරීමටත් අස්වනු හා සත්ත්ව පරපුර විනාශ කිරීමටත් උත්සාහ දැරුවේය. තවද අල්ලාහ් කලහකම ප්රිය නොකරන්නේය." (අල්-බකරා: 205) (258) (අල්-බකරා: 205)
"මහපොළොවේ එකිනෙකට යාබද ව පිහිටි කලාප ද මිදි වලින් යුත් උයන් ද කෙත් වතු ද මුදුන් මුල සහිත හා මුදුන් මුල රහිත රටඉඳි ගස් ද ඇත. එකම ජලයෙන් සපයනු ලැබේ. පරිභෝජනයෙහි ඒවායින් ඇතැම් දේ ඇතැම් දේට වඩා විශිෂ්ටවත් කළෙමු. නියත වශයෙන්ම එහි වටහා ගන්නා ජනයාට සංඥාවන් ඇත." (අර්-රඃද්: 4) (259) (අර්-රඃද්: 4)
සමාජීය යුතුකම් සෙනෙහස, කරුණාව සහ අන්යයන්ට ගරු කිරීම මත පදනම් විය යුතු බව ඉස්ලාම් අපට උගන්වයි.
ඉස්ලාමය මූලිකංගයන්, සම්මතයන් සහ පාලනයන් තැබුවේය. සමාජය බැඳ තබන සියලු සබඳතාවල අයිතිවාසිකම් සහ යුතුකම් නියම කළේය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට කිසිවක් ආදේශ නොකරනු. තවද දෙමාපියන් සමඟ උපකාරශීලී ව කටයුතු කරනු. තවද ඥාතී අයවලුන්, අනාථයින්, දුගියන්, ඥාති අසල්වැසියා, (ඥාති නොවන) අසල්වැසියා, අසලින් සිටින සගයා, මගියා හා නුඹලාගේ දකුණත් සතු කර ගත් අය (ඔබලා යටතේ සිටින වහලුන්) සමඟ ද උපාකාරශීලී ව කටයුතු කරනු. නියත වශයෙන් ම අල්ලාහ් අහංකාරකම් පාන පුරසාරම් දොඩන අය ව ප්රිය නොකරන්නේය." (අන්-නිසා: 36) (260) (අන් නිසා:36)
"...නුඹලා ඔවුන් සමඟ යහපත් අයුරින් ජීවත් වනු. මන්ද නුඹලා ඔවුන් ව පිළිකුල් කළේ නම්, (දැනගනු) නුඹලා යමක් පිළිකුල් කළ හැක. (එසේ පිළිකුල් කරන) දෙයහි අල්ලාහ් අධික යහපත ඇති කරන්නට පුළුවන." (අන්-නිසා: 19) (261) (අන්-නිසා: 19)
"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සභාවන්හි ඉඩ දෙනුයි කියනු ලැබූ විට නුඹලා ඉඩ දෙනු. අල්ලාහ් නුඹලාට ඉඩ දෙනු ඇත. තවද නුඹලා නැගී සිටිනු යැයි කියනු ලැබූ විට නුඹලා නැගී සිටිනු. නුඹලා අතරින් දේවත්වය විශ්වාස කළවුන් හා ඥානය දෙනු ලැබූවන් තරාතිරම් වලින් අල්ලාහ් උසස් කරයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය." (අල්-මුජාදලා: 11) (262) (අල්-මුජාදලා: 11)
අනාථ දරුවා රැකබලා ගැනීමට ඉස්ලාම් ඉල්ලා සිටින අතර අනාථ දරුවාගේ ඇපකරුට ඔහු තම දරුවන්ට සලකන ආකාරයටම සලකන ලෙස ද ඉල්ලා සිටියි. නමුත් අනාථයාට ඔහුගේ සැබෑ පවුල දැන ගැනීමට, තම පියාගේ උරුමය සඳහා ඇති අයිතිය ආරක්ෂා කිරීමට සහ පෙළපත් මිශ්ර වීම වැළැක්වීමට අයිතිය රඳවා ඇත.
වසර තිහකට පසු තමන් හදා වඩා ගත් දියණියක් බව අහම්බෙන් දැනගෙන සියදිවි නසාගත් බටහිර තරුණියකගේ කතාව දරුකමට හදා ගැනීමේ නීතියේ දූෂණයට විශාලතම සාක්ෂියයි. ඔවුන් කුඩා කල සිටම ඇයට කීවා නම්, ඔවුන් ඇයට අනුකම්පා කර ඇගේ පවුල සොයා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"එහෙයින් අනාථයාට කටුක ලෙස නොසළකනු." (අල්-ලුහා: 9) (263) (අල්-ලුහා: 9)
"මෙලොව හා පරලොව තුළ (සිතන්නට හැකි වනු පිණිස) තවද අනාථයින් ගැන ඔවුහු නුඹගෙන් විමසන්නෝය. ඔවුන්ට (රැක බලාගනිමින්) යහ අයුරින් කටයුතු කිරීම උතුම් ය. නුඹලා ඔවුන් සමඟ මිශ්ර වූ විට ඔවුහු නුඹලාගේ සහෝදරයෝ වෙති. යහ අයුරින් කටයුතු කරන්නාගෙන් කලහකරුවා කවරෙකු දැයි අල්ලාහ් හඳුනයි. අල්ලාහ් අභිමත කළේ නම් නුඹලා ව අපහසුතාව ට පත් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය. සර්ව ප්රඥාවන්ත ය." (අල්-බකරා: 220) (264) (අල්-බකරා: 220)
"බෙදීමේ දී (වස්තුවට උරුමකම් නොලබන) ඥාතීන්, අනාථයින්, දුගියන් පැමිණ සිටියේ නම් එවිට නුඹලා එයින් ඔවුන් ව පෝෂණය කරනු. තවද ප්රිය වදනින් ඔවුනට කතා කරනු. (අන්-නිසා: 8) (265) (අන්-නිසා: 8)