Applicable Translations हिन्दी தமிழ் English Español ગુજરાતી عربي

ඉස්ලාමයේ අයිතිවාසිකම්

වහල්භාවය පිළිබඳ ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?

ඉස්ලාමයට පෙර වහල්භාවය මිනිසුන් අතර ක්රියාත්මක වූ ක්රමයක් වන අතර එය සීමාවන් රහිත විය. වහල්භාවයට එරෙහි ඉස්ලාම් සටනේ අරමුණ වූයේ සමස්තයක් ලෙස සමාජයේ දෘෂ්ටිය සහ මානසිකත්වය වෙනස් කිරීම වන අතර එමඟින් වහලුන් ඔවුන්ගේ විමුක්තියෙන් පසු පෙළපාලි, වැඩ වර්ජන, සිවිල් අකීකරුකම් හෝ වාර්ගික විප්ලවවලින් තොරව සමාජයේ පූර්ණ හා ක්රියාකාරී සාමාජිකයන් බවට පත්වනු ඇත. ඉස්ලාමයේ අරමුණ වී ඇත්තේ හැකි ඉක්මනින් සහ සාමකාමී මාර්ගවලින් මෙම පිළිකුල් සහගත පාලනයෙන් මිදීමයි.

සියල්ලන්ටම සහතික කර ඇති නිදහස සහ යුක්තිය යන සීමාවන් තුළ ඉස්ලාම් රාජ්ය පාලකයාට සහ පාලනය කරනු ලබන්නාට අයිතිවාසිකම් සහ යුතුකම් පිරිනමා ඇති ආකාරයටම, තම යටත්වැසියන් වහලුන් ලෙස සැලකීමට ඉස්ලාමය ඉඩ දුන්නේ නැත. ආගමික ප්රතිකර්ම (වන්දි) හරහා, දානයේ දොරටු විවෘත කිරීම හා ලෝවැසියන්ගේ පරමාධිපති වෙත සමීපවීම සඳහා වහලුන් නිදහස් කර යහපත වෙත ඉක්මන් වීම යනාදිය හරහා වහලුන් ක්රමක්රමයෙන් නිදහස් වීම සම්පූර්ණ විය.

තම ස්වාමියාගේ දරුවා බිහි කළ කාන්තාව විකුණනු නොලැබූ අතර ස්වාමියාගේ මරණයෙන් පසු ඇයට නිදහස ලැබුණි. පෙර පැවති සියලු සම්ප්රදායන්ට පටහැනිව, වහල් කාන්තාවකගේ පුත්රයා තම පියා සමඟ එකතු කරමින් ඔහු නිදහස් භාවය ලැබිය යුතු බවට ඉස්ලාම් නීති සම්පාදනය කළේය. එමෙන්ම නිශ්චිත කාල සීමාවක් සඳහා යම් මුදලක් හෝ ශ්රමය ගෙවා වහලෙකුට තම ස්වාමියාගෙන් තමාව ආපසු මිලදී ගත හැකි බව ද එය නීත්යානුකූල කර ඇත.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"...නුඹලාගේ දකුණත් හිමිකරගත් (හෙවත් නුඹලාගේ පාලනය යටතේ සිටින වහල්) අය අතරින් (නිදහස්භාවය) ලියන්නට අපේක්ෂා කරන්නන්ට ඔවුන් අතර යහපත ඇතැයි දන්නෙහු නම් ඔවුනට නුඹලා (නිදහස්භාවය) ලියා දෙනු..." (අන්-නූර්: 33) (244) (අන්-නූර්: 33)

ආගම, ජීවිතය සහ වස්තුව ආරක්ෂා කිරීම සඳහා කළ සටන් වලදී, මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සිරකරුවන්ට කරුණාවන්ත ලෙස සලකන මෙන් තම සගයන්ට නියෝග කළහ. සිරකරුවන්ට නිශ්චිත මුදල් ගෙවා හෝ දරුවන්ට කියවීමට හා ලිවීමට ඉගැන්වීම තුළින් තම නිදහස ලබා ගැනීමේ පසුබිමක් ඇති කළහ. එමෙන්ම ඉස්ලාමයේ සිරගත ක්රමය තුළ දරුවෙකු මවගෙන් හෝ සහෝදරයෙකු සහෝදරයෙකුගෙන් හෝ අහිමි කළේ නැත.

යටත් වන සටන්කරුවන්ට දයාව දක්වන ලෙස ඉස්ලාම් මුස්ලිම්වරුන්ට අණ කරයි.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"ආදේශ කරන්නන් අතරින් කවරෙක් හෝ නුඹගෙන් රැකවරණය පැතුවේ නම් එවිට ඔහු අල්ලාහ්ගේ වදනට සවන් දෙන තෙක් නුඹ ඔහුට රැකවරණය දෙනු. පසුව ආරක්ෂිත ස්ථානයක් වෙත නුඹ ඔහුව ළඟා කරනු. හේතුව නියත වශයෙන්ම ඔවුන් නොදන්නා පිරිසක් බැවිනි." (අත්-තව්බා: 6) (245) (අත්-තව්බා: 6)

මුස්ලිම්වරුන්ගේ මුදලින් හෝ රාජ්ය භාණ්ඩාගාරයෙන් හෝ ගෙවා වහලුන්ට නිදහස ලබා ගැනීමට උපකාර කිරීමේ හැකියාව ද ඉස්ලාම් විසින් නියම කර ඇත. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සහ ඔහුගේ සගයන් මහජන භාණ්ඩාගාරයේ අරමුදල්වලින් වහලුන් නිදහස් කර ගැනීම සඳහා වන්දි මුදලක් ලබා දුන්හ.

දෙමව්පියන්ගේ සහ ඥාතීන්ගේ අයිතිය සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"නුඹලා ඔහුට පමණක් මිස වෙනත් කිසිවකුට නැමදුම් නොකළ යුතු බවටත්, දෙමාපියන්ට උපකාර කළ යුතු බවටත් නුඹගේ පරමාධිපති නියම කළේය. නුඹ ළඟ ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ දෙදෙනාම හෝ මහලු වියට පත් වූයේ නම් ඔවුන් දෙදෙනාට උෆ් (චී) යැයි (නොමනා වචන) නොපවසනු. තවද ඔවුන් දෙදෙනාව පලවා නොහරිනු. ඔවුන් දෙදෙනා ගෞරවනීය වදනින් අමතනු." (23) "කරුණාවෙන් යුත් මෘදු පියාපත් ඔවුන් දෙදෙනාට නුඹ පහත් කරනු. තවද මාගේ පරමාධිපතියණනි! ඔවුන් දෙදෙනා මා කුඩා අවදියේ හදාවඩා ගත්තාක් මෙන් ඔවුන් දෙදෙනාට ද කරුණා කරනු මැනව!" (අල්-ඉස්රා: 23,24) (246) (අල්-ඉස්රා: 23,24)

"තවද මිනිසාට තම දෙමාපියන්හට ඇප උපස්ථාන කරන මෙන් අපි උපදෙස් දුනිමු. ඔහුගේ මව ඔහු දුෂ්කරත්වයෙන් යුතු ව ඉසිලුවාය. තවද දුෂ්කරත්වයෙන් යුතු ව ඇය ඔහු ප්රසූත කළාය. ඔහු ව (මව් කුස තුළ) ඉසිලීම හා ඔහුට කිරි වැරීම මාස තිහකි. ඔහු වැඩි වියට පත් ව අවුරුදු හතළිහට ළඟා වූ විට “මාගේ පරමාධිපතියාණනි! නුඹ මා වෙත හා මාගේ දෙමව්පියන් වෙත දායාද කළ නුඹගේ ආශිර්වාදය සඳහා මා කෘතවේදී වීමටත් නුඹ තෘප්තියට පත් වන අයුරින් දැහැමි දෑ සිදු කිරීමටත් මට භාග්යය ලබා දෙනු මැනව! තවද මාගේ පරපුර තුළ ද මාහට දැහැමි බව ඇති කරනු මැනව! නියත වශයෙන්ම මම පාප සමාව අයැද නුඹ වෙත නැඹුරු වෙමි. තවද නියත වශයෙන්ම මම මුස්ලිම්වරුන් (අල්ලාහ්ට අවනත වන්නන්) අතරිනි යැයි ඔහු පැවසුවේය." (අල්-අහ්කාෆ්: 15) (247) (අල් අහ්කාෆ්: 15)

"තවද සමීප ඥාතිත්වය ඇත්තා හට ඔහුගේ උරුමය නුඹ දෙනු. තවද දුගියාට හා මගියාට ද දෙනු. තවද නුඹලා නාස්තිකාර ලෙසින් අපතේ නොයවනු." (අල්-ඉස්රා: 26) (248) (අල්-ඉස්රා: 26)

අසල්වැසියාගේ අයිතිය සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ. "අල්ලාහ් මත දිවුරා කියමි. ඔහු විශ්වාස වන්තයකු නොවන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි. ඔහු විශ්වාස වන්නියෙකු නොවන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි. මහු විශ්වාස වන්තයෙකු නොවන්නේය." එසේ එතුමාණෝ පැවසූ විට "අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු කවරෙක් ද යැයි විමසන ලදී. එතුමාණෝ: "තම අසල් වැසියා තම හිංසනයෙන් ආරක්ෂාව නොලබන තැනැත්තාය." යැයි පැවසූහ. (249) බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කරන ලදී.

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ. "අසල්වැසියාට තම අසල්වැසියාගේ මැදිහත් වීමට වැඩි අයිතියක් ඇත. (එනම් ගැනුම්කරුට බල කරමින් දේපළ අයිති කර ගැනීමට අසල්වැසියාට ඇති අයිතිය) ඔවුන් දෙදෙනාගේ මාර්ගය එකක් වී නම්, ඔහු නොමැති වුවද, ඔහු එහි එනතුරු බලා සිටිය යුතුය." (250) (මුස්නද් අල් ඉමාම් අහ්මද්)

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ. “අහෝ අබුදර්! ඔබ ව්යංජනයක් පිසින්නේ නම්, එයට ජලය වැඩියෙන් එකතු කර, එය අසල් වැසියන්ටද බෙදා දෙන්න.” (251) මෙය මුස්ලිම් විසින් වාර්තා කර ඇත.

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ. "යමෙකුට බිම් කැබැල්ලක් තිබී, ඔහු එය විකුණන්නට සිතුවේ නම් එය ඔහුගේ අසල්වැසියාට ඉදිරිපත් කරත්වා!" (සුනන් ඉබ්නු මාජා හි සහීහ් හදීසයකි.)