Applicable Translations हिन्दी தமிழ் English Español ગુજરાતી عربي

මැවුම්කරුගේ යුක්තිය:

සාධාරණත්වය සහ යුක්තිය පිළිබඳ මූලධර්මය සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?

මිනිසුන් අතර යුක්තිය ඉටු කිරීම සහ කිරුම් මිණුම්හි සාධාරණත්වය තහවුරු කිරීම සඳහා ඉස්ලාම් ඇරයුම් කරයි.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"තවද මද්යන්(වාසීන්) වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් ව ද (එව්වෙමු.) මාගේ සමූහයනි! නුඹලා අල්ලාහ්ව නමදිනු. නුඹලාට ඔහු හැර වෙනත් කිසිදු දෙවියෙකු නොමැත. නුඹලාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සාධකයක් නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් නුඹලා කිරුම් මිනුම් පූර්ණවත් කරනු. ජනයාට ඔවුන්ගේ භාණ්ඩ වල අඩු පාඩු ඇති නොකරනු. තවද මහපොළොව හැඩගැස් වූ පසු ව එහි කලහකම් නොකරනු. නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම්, එය නුඹලාට ශ්රේෂ්ඨ වන්නේ යැයි ඔහු පැවසීය." (අල්-අඃරාෆ්: 85) (232) (අල් අඃරාෆ්: 85)

“අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සාධාරණ ව සාක්ෂි දරන්නන් ලෙස හා අල්ලාහ් වෙනුවෙන් සත්ය මත ස්ථාවරව සිටින්නන් ලෙස සිටිනු. යම් පිරිසකගේ ක්රෝධය නුඹලා සාධාරණ ලෙස කටයුතු නොකිරීමට නුඹලා ව නොපොළඹවිය යුතුය. තවද නුඹලා සාධාරණ ලෙස කටයුතු කරනු. එය බිය බැතිමත් භාවයට වඩා සමීපය. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ අභිඥානවන්තය.” (අල්-මාඉදා: 8) (අල් මාඉදා: 8)

"පැවරුම් ඒවායේ හිමිකරුවන් වෙත භාර දෙන ලෙස ද නුඹලා ජනයා අතර තීන්දු දෙන විට, යුක්ති සහගත ව තීන්දු දෙන ලෙස ද නුඹලාට නියත වශයෙන්ම අල්ලාහ් අණ කරයි. සැබැවින්ම අල්ලාහ් ඒ පිළිබඳ ව නුඹලාට උපදෙස් දීම යහපත් විය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්රාවක; සර්ව නිරීක්ෂක ය." (අන්-නිසා: 58) (234) (අන් නිසා:58)

"නියත වශයෙන්ම අල්ලාහ් යුක්තිය ඉටු කරන ලෙස ද කාරුණිකත්වය පෙන්වන ලෙස ද සමීප ඥාතීන්ට පිරිනැමීමට ද නියෝග කරයි. එමෙන්ම අශික්ෂිත දැයින් ද පිළිකුල් සහගත දැයින් ද අපරාධකාරී දැයින් ද ඔහු වළක්වයි. තවද නුඹලා මෙනෙහි කරන්නට හැකි වනු පිණිස ඔහු නුඹලාට උපදෙස් දෙයි." (අන්-නහ්ල්: 90) (235) (අන් නහ්ල්: 90)

"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගේ නිවෙස් නොවන නිවෙස් වලට නුඹලා අවසර පතා එහි වැසියන්ට නුඹලා සලාම් පවසන තෙක් ඇතුළු නොවනු. එය නුඹලාට ශ්රේෂ්ඨය. (මෙය) නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස." (අන්-නූර්: 27) (236) (අන්-නූර්: 27)

"නමුත් එහි කිසිවකු හෝ නුඹලා නොදුටුවෙහු නම් නුඹලාට අවසර දෙනු ලබන තෙක් එහි නුඹලා ඇතුළු නොවනු. නුඹලා හැරී යනු යැයි නුඹලාට කියනු ලැබුවේ නම් එවිට නුඹලා හැරී යනු. එය නුඹලාට වඩාත් පිවිතුරුය. තවද නුඹලා කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව ඥානීය." (අන්-නූර්: 28) (237) (අන්-නූර්: 28)

"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා වෙත දුෂ්ඨයෙකු යම් පුවතක් ගෙන ආවේ නම්, නුඹලා නොදැනුවත් ව පිරිසකට හානියක් සිදු කර පසු ව නුඹලා සිදු කළ දෑ ගැන පසුතැවිලිවන්නන් බවට පත් නොවනු පිණිස, නුඹලා (එය) පැහැදිලි කර ගනු." (අල්-හුජුරාත්: 6) (238) (අල්-හුජුරාත්: 6)

"දේවත්වය විශ්වාසව කරන්නන් අතරින් දෙපිරිසක් සටන් ඇරඹුවේ නම්, ඒ දෙක අතර නුඹ සමාදානය ඇති කරනු. ඒ දෙපිරිසෙන් එකක් අනෙකා මත සීමාව ඉක්මවා කටයුතු කළේ නම් අල්ලාහ්ගේ නියෝගය වෙත නැඹුරු වන තෙක් සීමාව ඉක්මවා ගියවුන්ට එරෙහිව නුඹලා සටන් කරනු. නමුත් එය නැඹුරු වූයේ නම් ඒ දෙපිරිස අතර සාධාරණ ලෙසින් සමථය කරනු. තවද නුඹලා යුක්ති ගරුක ව කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් යුක්තිගරුක ව කටයුතු කරන්නන්ව ප්රිය කරයි." (අල්-හුජ්රාත්: 9) (239) (අල්-හුජ්රාත්: 9)

"නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කරන්නෝ සහෝදරයෝය. එහෙයින් නුඹලාගේ (විවාද කරන) සහෝදරයින් අතර සමථය කරනු. තවද නුඹලා කරුණාව ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ට බිය බැතිමත් වනු." (අල්-හුජ්රාත්: 10) (240) (අල් හුජ්රාත්: 10)

"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! පිරිසක් තවත් පිරිසකට සමච්චල් නොකළ යුතුය. ඔවුන් මොවුනට වඩා යහපත් විය හැක. එමෙන්ම කාන්තාවෝ තවත් කාන්තාවන්ට සමච්චල් නොකළ යුතුය. ඔවුන් මොවුනට වඩා යහපත් විය හැක. තවද නුඹලා අතර දොස් නොකියනු. තවද පටබැඳි නම් වලින් නුඹලා එකිනෙකා ආමන්ත්රණය නොකරනු. දේව විශ්වාසයෙන් පසු ව එවන් පාපතර නාමයන් (පවසා ඇමතීම) නපුරුය. තවද කවරෙකු පාප සමාව අයැද නොසිටියේද එවිට ඔවුහුමය අපරාධකරුවෝ." (අල් හුජ්රාත්: 11) (241) (අල් හුජ්රාත්: 11)

"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! බොහෝ අනුමානයන්ගෙන් නුඹලා වැළකී සිටිනු. නියත වශයෙන්ම ඇතැම් අනුමාන පාපතරය. තවද නුඹලා ඔත්තු නොබලනු. තවද නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු ගැන කේලාම් නොකිව යුතුය. නුඹලා අතරින් කිසිවෙකු හෝ මිය ගිය තම සහෝදරයාගේ මාංශ අනුභව කිරීමට ප්රිය කරන්නේ ද? නුඹලා එය පිළිකුල් කරන්නෙහුය. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නාය; මහා කරුණාන්විතය." (අල් හුජ්රාත්: 12) (242) (අල් හුජ්රාත්: 12)

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ. “තමන් කැමති දෑ තම සහෝදරයා වෙනුවෙන් ද කැමති වන තෙක් ඔබ අතරින් කිසිවකු විශ්වාස කරන්නෙකු නොවන්නේය.”(243) බුහාරි හා මුස්ලිම් විසින් මෙම හදීසය වාර්තා කර ඇත.