Applicable Translations हिन्दी தமிழ் English Español ગુજરાતી عربي

ඉස්ලාම් දහම කාන්තාවන්ට පිරිමින්ට සමානාත්මතාවය ලබා දුන්නේද?

මුස්ලිම් කාන්තාව සෙවිය යුත්තේ සාධාරණත්වය ගැන මිස සමානාත්මතාවය ගැන නොවේ. පිරිමි සමග වන සමානාත්මතාවය ඇයගේ බොහෝ අයිතිවාසිකම් සහ වෙනස්කම් අහිමි කරනු ඇත. පුද්ගලයෙකුට පුතුන් දෙදෙනෙකු සිටින බව සිතමු. ඔවුන්ගෙන් එක් අයෙකු අවුරුදු පහකි. අනෙක් දරුවාට අවුරුදු දහ අටකි. ඔවුන් සෑම කෙනෙකුටම කමිසයක් මිලදී ගැනීමට ඔහුට අවශ්ය විය. එබැවින් මෙහි සමානාත්මතාවය සාක්ෂාත් කරගනු ලබන්නේ ඔහු ඔවුන්ට එකම ප්රමාණයේ කමිස දෙකක් මිලදී ගැනීමෙනි. එය ඔවුන්ගෙන් එක් අයෙකුට දුක් වේදනා ඇති කිරීමට හේතු වන්නේය. නමුත් යුක්තිය නම් ඔහු ඒ සෑම කෙනෙකු වෙනුවෙන්ම ඒ ඒ අයට සුදුසු ප්රමාණයෙන් මිලදී ගැනීමයි. එවිට සියලු දෙනාටම සතුට අත්වනු ඇත.

වර්තමානයේ පිරිමින්ට කළ හැකි හැමදෙයක්ම කාන්තාවට ද කළ හැකැයි ඔප්පු කිරීමට කාන්තාව උත්සාහ දරයි. කෙසේ වෙතත්, යථාර්ථය නම්, මෙම පසුබිම තුළ කාන්තාවන්ට ඔවුන්ගේ සුවිශේෂත්වයන් සහ වරප්රසාද අහිමි වී යයි. දෙවියන් ඇයව මවා ඇත්තේ කිසිම පිරිමියකුට කළ නොහැකි දේ කිරීමටය. දරු ප්රසූතිය හා දරුවා බිහිකිරීම දැඩි වේදනා සහගත කරුණු අතරින් අධික වේදනාවක් ගෙන දෙන්නක් බව ඔප්පු වී ඇත. මෙම වෙහෙසට ප්රතිචාර වශයෙන් කාන්තාවට අවශ්ය ගෞරවය ලබා දීමටත්, ඇයට වියදම් කිරීමේ සහ රැකියා කිරීමේ වගකීම ඉවත් කරමින් ඇයට නිසි අයිතිය පිරිනැමීමටත් ආගම පැමිණියේය. එය කෙතරම් ද යත් තම සැමියාට වුව ද බටහිර රටවල මෙන් ඇගේ ස්වාමියා ඇයගේ මුදල් ඇය සමඟ බෙදා ගැනීමේ ක්රමය ද අහෝසි කරමින් ඉස්ලාමය ඇයට ගෞරවය කළේය. එසේම දෙවියන් පිරිමියාට දරු ප්රසූතියේ වේදනාව දරා ගැනීමට ශක්තිය ලබා දුන්නේ නැත. නමුත් උදාහරණයක් ලෙස කඳු නැගීමේ හැකියාව ඔහු ඔහුට ලබා දී ඇත.

කාන්තාවක් කඳු නගින්නට, වැඩ කරන්නට, වෙහෙස මහන්සි වී සේවය කරන්නට කැමති වී පිරිමියෙකුට මෙන් ඇයට එය කළ හැකි යැයි ඇය ප්රකාශ කරන්නේ නම්, ඇයට එය කළ හැකි වුව ද අවසානයේ දරුවන් බිහි කරන්නේද, ඔවුන් රැකබලා ගෙන මව්කිරි දෙන්නේ ද ඇයයි. මේ සෑම අවස්ථාවක පිරිමියෙකුට මේවා කළ නොහැකි අතර මෙය ඇය කෙරෙහි පවතින ද්විත්ව උත්සාහයකි. එය ඇයට වළක්වා ගත හැකිව තිබුණි.

බොහෝ අය නොදන්නා කරුණක් නම්, මුස්ලිම් කාන්තාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා තම අයිතිවාසිකම් ලබා ගැනීමටත් ඉස්ලාමයේ ඇති අයිතිවාසිකම් අත්හැරීමටත් අපේක්ෂා කළේ නම් එය ඇයට පාඩුවක් වනු ඇත. මන්ද ඇය ඉස්ලාමයේ අයිතිවාසිකම් සම්භාරයක් භුක්ති විදින බැවිනි. සියල්ලන්හට සතුට ගෙන දෙන අයුරින් පුරුෂයා සහ ස්ත්රිය නිර්මාණය කරන ලද ඒකාබද්ධතාවය ඉස්ලාමය සාක්ෂාත් කර ගනී.

ඉස්ලාමය බහු විවාහයට අවසර දෙන්නේ ඇයි?

ගෝලීය සංඛ්යාලේඛනවලට අනුව, පිරිමි සහ ගැහැණු උපත ලබන්නේ ආසන්න වශයෙන් සමාන අනුපාතයකිනි. විද්යාත්මකව දන්නා කරුණක් නම් පිරිමි ළමුන්ට වඩා ගැහැණු ළමුන්ට දිවි ගලවා ගැනීමේ සහ පැවැත්මේ අවස්ථා වැඩි බවයි. යුද්ධවලදී පිරිමින් මිය යෑමේ ප්රතිශතය කාන්තාවන්ට වඩා වැඩිය. කාන්තාවන්ගේ සාමාන්ය ආයු කාලය පිරිමින්ට වඩා වැඩි බව විද්යාත්මකව ද හඳුනන කරුණකි. මේ නිසා ලෝකයේ වැන්දඹු කාන්තාවන්ගේ ප්රතිශතය පිරිමි වැන්දඹුවන්ට වඩා වැඩිය. මේ අනුව, ලෝකයේ කාන්තා ජනගහනය පිරිමි ජනගහනයට වඩා වැඩි බව අපි නිගමනය කරමු. ඒ අනුව සෑම පිරිමියෙකුම එක් භාර්යාවකට සීමා කිරීම ප්රායෝගිකව නුසුදුසු විය හැකිය.

බහු භාර්යා සේවනය නීත්යානුකූලව තහනම් කර ඇති සමාජවල, පුරුෂයෙකුට විවාහයෙන් පරිබාහිර සේවිකාවන් සහ අන්ය සබඳතා කිහිපයක් තිබීම සාමාන්ය දෙයක් බව අපට පෙනී යන අතර මෙය බහු විවාහයක් ව්යංගයෙන් පිළිගැනීමකි. නමුත් එය ඔවුන්ට නීති විරෝධී ය. මෙය ඉස්ලාමයට පෙර පැවති ප්රචලිත තත්වයයි. ඉස්ලාමය පැමිණියේ එය නිවැරදි කිරීමටත්, කාන්තා අයිතිවාසිකම් සහ අභිමානය ආරක්ෂා කිරීමටත්, ඇයටත් ඇයගේ දරුවන්ටත් ගෞරවය හා අයිතිවාසිකම් ඇති ඇගේ සැමියාට ආදරණීය බිරිඳක් බවට පත් කිරීමටත්ය.

විවාහයකින් තොරව අනියම් සබඳතා පිළිගැනීමට හෝ සමලිංගික විවාහයකින් සබඳතා පිළිගැනීම, එසේම පැහැදිලි භාරකරුවන් නොමැතිව සබඳතා පිළිගැනීමට හෝ පියවරුන් නොමැතිව දරුවන් පිළිගැනීම පවා මෙම සමාජවලට කිසිදු ගැටලුවක් නොවීම පුදුමයට කරුණකි. කෙසේ නමුත් පිරිමියෙකුට නිත්යානුකූල විවාහයකින් එක් ස්ත්රියකට වඩා වැඩි වීම ඔවුන් පිළිගන්නේ නැත. ඉස්ලාම් මේ කාරණය සම්බන්ධයෙන් ඥානවන්ත පිළිවෙතක් අනුගමනය කර ඇති අතර කාන්තාවන්ගේ ගෞරවය සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහාත් යුක්තිය සහ හැකියාව පිළිබඳ කොන්දේසිය සපුරා ඇති අවස්ථාවක පුරුෂයකුට භාර්යාවන් හතරකට වඩා අඩු සංඛ්යාවක් සිටින තාක් කල් ඔහුට බහු භාර්යාවන් ඇති කර ගැනීමට අවරසය ඇත. එමෙන්ම අවිවාහක ස්වාමිපුරුෂයෙකු සොයා නොගත්, විවාහක පිරිමියෙකු සමඟ විවාහ වීම හැර වෙනත් විකල්පයක් නොමැති හෝ අනියම් බිරිඳක් ලෙස බල කිරීමට ලක්වන කාන්තාවන්ගේ ප්රශ්නයට මෙය පිළියමක් වේ.

ඉස්ලාම් බහු භාර්යා විවාහයට අවසර දී ඇතත්, මුස්ලිම්වරයෙකුට කාන්තාවන් එකකට වඩා විවාහ වීමට බල කෙරෙන බව සමහරුන් තේරුම් ගෙන ඇති පරිදි එය නැත.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"අනාථයින් විෂයෙහි නුඹලා යුක්තිය ඉටු කිරීමට නොහැකි වනු ඇතැයි නුඹලා බිය වූයෙහු නම් (ඔවුන් හැර වෙනත්) කාන්තාවන්ගෙන් නුඹලාට ප්රිය මනාප දෙදෙනෙක හෝ තිදෙනෙක හෝ සිව් දෙනෙක හෝ නුඹලා විවාහ කර ගනු. එනමුත් (ඔවුන් අතර) යුක්ති සහගත ව කටයුතු කිරීමට නොහැකි වේ යැයි නුඹලා බිය වූයෙහු නම් එක් තැනැත්තියක් පමණක් විය යුතුය..." (අන්-නිසා: 3) (208) (අන්-නිසා: 3)

යුක්තිය පසිඳලීමේ කොන්දේසිය සපුරා නොමැති විටෙක, එක් භාර්යාවක් පමණක් විවාහ කර ගත යුතු බව පවසන ලොව එකම ආගමික ග්රන්ථය අල් කුර්ආනයයි.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"තවද නුඹලා ආශා කළ ද බිරියන් අතර සාධාරණ ව කටයුතු කිරීමට නුඹලා ශක්තිය නොදරන්නෙහුමය. එබැවින් (එක් බිරියක් වෙත පමණක්) පූර්ණ නැඹුරුවකින් නැඹුරු වී (අනෙක් බිරිය වන) ඇය ව (වැන්දඹුවක් ද අඹුවක් ද යන සැකයෙන්) එල්ලෙන්නියක් මෙන් අත හැර නොදමනු. නුඹලා සමතයට පත් වී බිය බැතිමත් වූයේ නම් එවිට සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; අසමසම කරුණාන්විතය." (අන්-නිසා: 129) (209) (අන් නිසා: 129)

සෑම අවස්ථාවකදීම, තම ස්වාමිපුරුෂයාගේ එකම බිරිඳ වීමේ කොන්දේසිය, විවාහය ගිවිස ගන්නා අවස්ථාවේ සඳහන් කිරීමෙන් කාන්තාව එහි උරුමය ලබනු ඇත. මෙය පිළිපැදිය යුතු මූලික කොන්දේසියකි. එය අහෝසි කිරීම සුදුසු නැත.

පිරිමියෙකුට හිමි අයිතිය මෙන් පුරුෂයන් හතර දෙනෙකු සමග එකවර විවාහ වීමට කාන්තාවකට අයිතියක් නැත්තේ ඇයි?

නූතන සමාජයේ බොහෝ විට නොසලකා හරින එක් ඉතා වැදගත් කරුණක් වන්නේ ඉස්ලාම් පුරුෂයින්ට ලබා නොදුන් කාන්තාවන්ට ලබා දී ඇති අයිතියයි. පිරිමියෙකු තම විවාහය සීමා කරන්නේ අවිවාහක කාන්තාවන්ට පමණි. ඒ අතර කාන්තාවකට විවාහක හෝ අවිවාහක පුරුෂයෙකු හා විවාහ විය හැකිය. මෙය සැබෑ පියාට දරුවන්ගේ පරම්පරාව සහතික කිරීම සහ ඔවුන්ගේ පියාගෙන් දරුවන්ගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ උරුමය ආරක්ෂා කිරීම සඳහා ය. කෙසේ වෙතත්, සාධාරණත්වය සහ හැකියාව යන කොන්දේසි සපුරා ඇත්නම්, විවාහක පුරුෂයෙකුට භාර්යාවන් හතරකට වඩා අඩු සංඛ්යාවක් සිටින තාක් කල්, ඉස්ලාම් ස්ත්රියකට විවාහ වීමට අවසර දෙයි. එබැවින් කාන්තාවන්ට පිරිමින් අතරින් තෝරා ගැනීමට වැඩි ඉඩක් ඇත. මේ සැමියා තම අනෙක් බිරිඳට සලකන ආකාරය හඳුනා ගෙන ඔහුගේ ආචාර ධර්ම පිළිබඳ වටහා ගෙන විවාහ ගිවිසුමට පිවිසීමට ඇයට අවස්ථාව තිබේ.

අනික විද්යාවේ දියුණුවත් සමග DNA පරීක්ෂා කර දරුවන්ගේ අයිතීන් සුරැකීමේ හැකියාව අපි පිළිගත්තත්, ඔවුන් ලෝකයා වෙත ගිය විට, ඔවුන්ගේ මව්වරු හා පියවරු මෙම පරීක්ෂණ හරහා හඳුනා ගන්නේ නම් ඔවුන්ගේ වරද කුමක් ද? ඔවුන්ගේ මනෝවිද්යාත්මක තත්ත්වය කෙබඳු වනු ඇත්ද? පසුව ගැහැනියක් පිරිමි හතර දෙනෙකුට බිරිඳකගේ භූමිකාව තමන්ට තියෙන මේ චංචල මනෝභාවයෙන් රඟපාන්නේ කෙසේ ද? ඊට අමතරව ඇයට එකවර පුරුෂයන් කිහිප දෙනෙකු සමඟ ඇති සම්බන්ධය නිසා ඇති වන රෝග වලට ද මුහුණ දෙන්නට සිදු වේ.