Applicable Translations हिन्दी தமிழ் English Español ગુજરાતી عربي

ඉස්ලාමයේ දෘෂ්ටිවාදය:

ඉස්ලාමයේ සාන්තුවරයන් සහ ධර්මිෂ්ඨයන් සිටීද? මුස්ලිම්වරයා මුහම්මද් නබිතුමාගේ සහචරයන් සුවිශුද්ධ කරයිද?

මුස්ලිම්වරයෙකු ධර්මිෂ්ඨයන්ගේ සහ දූතයාණන්ගේ සහගාමීන්ගේ මාර්ගයට අනුකූලව ගමන් කරයි; ඔවුන්ට ආදරය කරයි; ඔවුන් මෙන් දැහැමි වීමට උත්සාහ කරයි; ඔවුන් කළාක් මෙන් අල්ලාහ්ට පමණක් නමස්කාර කරයි. නමුත් ඔවුන්ව සුවිශුද්ධ නොකරයි. ඔහු සහ දෙවියන් අතර මැදිහත්කරුවෙකු පත් නොකරයි.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"...අල්ලාහ් ගෙන් තොර ව අප අතරින් ඇතැමෙක් ඇතැමෙකු ව දෙවියන් ලෙස නොගත යුතු ය..." (ආලු ඉම්රාන්: 64) (168) (ආලු ඉම්රාන්: 64)

ෂියා සහ සුන්නි අතර වෙනස කුමක් ද?

මුහම්මද් සුන්නි භක්තිකයෙකු හෝ ෂියා භක්තිකයෙකු හෝ නොවීය. නමුත් ඔහු ශුද්ධ මුස්ලිම්වරයෙකු විය. එමෙන්ම ජේසු තුමා කතෝලිකයෙකු හෝ වෙනත් කිසිවෙකු නොවීය. ඔවුන් දෙදෙනාම මැදිහත්කරුවෙකු නොමැතිව දෙවියන් නමස්කාර කළ දේව ගැතියෝ වෙති. ජේසු ක්රිස්තු තුමා තමාට නමස්කාර කළේ නැත. තම මවට නමස්කාර කළේ ද නැත. මුහම්මද් තුමා ද තමාට හෝ තම දියණියට හෝ තම බෑණාට හෝ නමස්කාර කළේ නැත.

දේශපාලන ගැටලු හෝ නිවැරදි ආගමෙන් බැහැරවීම හෝ එවන් වෙනත් හේතූන් මත බොහෝ නිකායන් බිහි විය හැක. නමුත් නිවැරදි, පැහැදිලි සහ සරල ආගම සමඟ කිසිදු සම්බන්ධයක් එයට නැත. සෑම අවස්ථාවකදීම, "සුන්නා" යන වචනයෙන් අදහස් කරන්නේ දූතයාගේ ක්රමවේදය උපරිමයෙන් අනුගමනය කිරීමයි. "ෂියා" යන වචනයෙන් අදහස් කරන්නේ සාමාන්ය මුස්ලිම්වරුන් අනුගමනය කරන මාර්ගයෙන් වෙන්ව ගිය පිරිසක් යන්නයි. එබැවින් සුන්නිවරුන් යනු දූතයාගේ ක්රමවේදය අනුගමනය කරන අය වන අතර ඔවුන් සාමාන්යයෙන් නිවැරදි ප්රවේශය අනුගමනය කරන අය වෙති. ෂියාවරු ඉස්ලාමයට නිවැරදි ප්රවේශයෙන් බැහැර වූ නිකායකි.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"සැබැවින්ම තම දහම බෙදා වෙන් කොට කණ්ඩායම් වශයෙන් පත් වූවන් වනාහි ඔවුන් අතරින් නුඹ කිසිදු කරුණක නොවන්නෙහිය. සැබැවින්ම ඔවුන්ගේ කරුණ අල්ලාහ් වෙතය. පසුව ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු ඔවුනට දන්වනු ඇත." (අල්-අන්ආම්: 159) (169) (අල්-අන්ආම්: 159)

ඉස්ලාමයේ ඉමාම් (ආගමික ප්රධානියා) ක්රිස්තියානි ආගමේ පූජකයෙක් මෙන් ද?

ඉමාම් යන වචනයෙන් අදහස් වන්නේ සලාත් නැමදුමෙහි තම ජනතාවට පෙරමුණ ගන්නා හෝ ඔවුන්ගේ කටයුතු පිළිබඳ අවධානය යොමු කරන ඔවුන්ව මෙහෙයවන නායකත්වයයි. එය නිශ්චිත පුද්ගලයන්ට සීමා වූ ආගමික තරාතිරමක් නොවේ. ඉස්ලාමයේ පංතියක් හෝ පූජකත්වයක් නොමැති අතර ආගම සෑම කෙනෙකුටම අදාළ වේ. මිනිසුන් දෙවියන් ඉදිරියෙහි පනාවක දත් මෙන් එක සමාන වෙති. එබැවින් ශ්රද්ධාවෙන් හා යහපත් ක්රියාවෙන් මිස අරාබි හෝ අරාබි නොවන අය අතර වෙනසක් නැත. සලාතය මෙහෙයවීමට වඩාත්ම සුදුසු තැනැත්තා අල් කුර්ආනය අධිකව කටපාඩම් ඇති සහ සලාතය සඳහා දැන ගැනීමට අවශ්ය අදාළ නීති රීති මැනවින් දන්නා අයෙකි. ඉමාම්ට මුස්ලිම්වරුන්ගෙන් කෙතරම් ගෞරවයක් ලැබුණ ද, සෑම අවස්ථාවකදීම ඔහු පූජකයකු අබියස පවතින තත්ත්වය මෙන් පාපොච්චාරණයට සවන් දෙන හෝ පාපකම්වලට සමාව දෙන කෙනෙකු නොවේ.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"ඔවුහු අල්ලාහ් හැර තම ආගමික නායකයින් ද පූජකවරුන් ද මර්යම්තුමියගේ පුත් මසීහ් ද (තමන්ගේ) දෙවිවරුන් ලෙස පත් කරගත්හ. නමුත් ඔවුහු ඒකීය දෙවිඳුන් (වන අල්ලාහ්) හැර වෙනත් කිසිවක් නැමඳිය නොයුතු යැයි අණ කරනු ලැබ ඇත්තෝය. ඔහු හැර (නැමඳීමට සුදුසු) වෙනත් කිසිදු දෙවියෙක් නොමැත. මොවුන් (අල්ලාහ්ට) ආදේශ තබන දෑ වලින් ඔහු ඉතා පිවිතුරු ය." (අත්-තව්බා: 31) (170) (අත් තව්බා: 31)

වක්තෘවරුන් දෙවියන් ගැන ප්රකාශ කරන කරුණුවල ඔවුන්ගේ නිවැරදිභාවය ඉස්ලාමය තහවුරු කරයි. නමුත් පූජකයෙකුට හෝ සාන්තුවරයෙකුට නොවරදින බවක් හෝ හෙළිදරව්වක් හෝ නොමැත. පිහිට පැතීමේදී සහ ඉල්ලීමේදී දෙවියන් හැර වෙනත් අය වෙත යොමුවීම ඉස්ලාම් දහමෙහි සම්පූර්ණයෙන් තහනම් කරුණකි. එම ඉල්ලීම වක්තෘවරුන් තමන්ගෙන්ම ඉල්ලුව ද එලෙසමය. යමක් හිඟ තැනැත්තා එය ලබා දෙන්නේ නැත. තමාටම උදව් කිරීමට නොහැකි තත්ත්වයක, සර්වබලධාරී අල්ලාහ්ගෙන් සහ අන් අයගෙන් අයැදීම නින්දිත කරුණක් ලෙස සිතන තත්ත්වයක, පුද්ගලයෙකු අන් අයගෙන් උපකාර ඉල්ලා සිටින්නේ කෙසේද? රජු අතර සහ ඔහුගේ පොදු ජනතාව අතර පවතින ඉල්ලීම් සමාන කළ හැකිද?බුද්ධිය සහ තර්කය මෙම අදහස සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කරයි. තවද අල්ලාහ් හැර වෙනත් යමෙකුගෙන් ඉල්ලා සිටීම සෑම දෙයකටම හැකියාව ඇති අල්ලාහ්ගේ පැවැත්ම පිළිබඳ විශ්වාසය සමඟ පටලවා ගැනීමකි. එය ඉස්ලාමයට පටහැනි දේව ආදේශයකි. අතිමහත් පාපයකි.

දූතයාණන්ගේ මුවින් උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"අල්ලාහ් අභිමත කළේ නම් මිස මා වෙනුවෙන් යම් යහපතක් කිරීමට හෝ හානියක් කිරීමට හෝ මම බලය නොදරමි. ගුප්ද දෑ ගැන මා මැනවින් දැන සිටියේ නම් මා යහපත අධික වශයෙන් කරන්නට බලමි. තවද මට නපුර ස්පර්ෂ නොවනු ඇත. මා අවවාද කරන්නෙකු හා විශ්වාස කරන ජනයාට ශුභාරංචි දන්වන්නෙකු මිස වෙනත් කෙනෙකු නොවෙමි." (අල්-අඃරාෆ්: 188) (171) (අල්-අඃරාෆ්: 188)

තවදුරටත් මෙසේ පැවසීය:

“මම නුඹලා මෙන් මිනිසෙකු පමණි. නුඹලාගේ දෙවිඳුන් එකම දෙවිඳෙකු යැයි මා වෙත දන්වනු ලැබ ඇත. එහෙයින් කවරෙකු තම පරමාධිපතිගේ හමු ව අපේක්ෂා කරන්නේ ද ඔහු දැහැමි ක්රියාවන් සිදු කරත්වා! තම පරමාධිපතිට ගැතිකම් කිරීමෙන් කිසිවකුට ආදේශ නොකරත්වා ! යැයි (නබිවරය,) නුඹ පවසනු.” (අල්-කහ්ෆ්: 110) (172) (අල් කහ්ෆ්: 110)

“සැබැවින්ම දේවස්ථාන අල්ලාහ් සතුය. එබැවින් අල්ලාහ් සමග වෙනත් කිසිවකු ඔබ ඇරයුම් නොකරනු.” (අල්-ජින්: 18) (අල්-ජින්: 18)