Applicable Translations English Español ગુજરાતી हिन्दी தமிழ் 中文 Русский عربي

ඉස්ලාම් සියදිවි නසාගැනීමේ මෙහෙයුම් වලට ඉඩ දී ඒ සඳහා ප්රතිඵල වශයෙන් ස්වර්ගයේ කන්යාවියන් පිරිනමනු ලබනවා ද?

ජීවිතය දුන් තැනැත්තා ජීවිතය දෙනු ලැබූ තැනැත්තාට එය විනාශ කර ගන්නා මෙන් නියෝග කර තිබීමත් අහිංසක මිනිසුන්ගේ ජීවිත වරදක් නොමැතිව විනාශ කිරීමත් තර්කානුකූල නොවන්නකි. ඔහු මෙසේ පවසයි. "...තවද නුඹලා නුඹලාවම ඝාතනය නොකරනු..." (අන්-නිසා: 29) (166) කිසාස් නොහොත් සම ප්රතිචාර දැක්වීම, සතුරන්ගෙන් ආරක්ෂාවීම වැනි සාධාරණනීය හේතුවක් මත මිස ආත්ම ඝාතනය තහනම් කළ වෙනත් පාඨ ද සඳහන් වී ඇත. ආගම හෝ එහි අරමුණුවලට කිසිදු සම්බන්ධයක් නැති කණ්ඩායම්වල අවශ්යතා ඉටු කිරීම සඳහා ජීවිතය හානි කර ගැනීම හෝ මරණය ළඟා කර ගැනීම හෝ නොවිය යුතුය. එමෙන්ම එය මෙම උතුම් දහමේ කරුණා බවින් හා සදාචාරයෙන් එය ඉවත් වූවකි. ස්වර්ගයේ කන්යාවියන් ලබා ගැනීමේ පටු දැක්ම මත පමණක් පදනම් නොවිය යුතුය. ස්වර්ගය යනු එහි කිසිදු ඇසක් නොදුටු, කිසිදු කනක් නො ඇසූ, මිනිස් හදවතකට පරිකල්පනය කළ නොහැකි උයනකි. (අන්-නිසා: 29)

අද තරුණ තරුණියන් ආර්ථික තත්ත්වයන්ගෙන් පීඩා විඳීම සහ විවාහ වීමට උපකාර වන භෞතිකමය කරුණු ලබා ගැනීමට නොහැකි වීම නිසා මෙම නින්දිත ක්රියාවන්ට ප්රවර්ධනය කරන අයට, විශේෂයෙන් ඇබ්බැහි වූ සහ මානසික ආබාධවලින් පෙළෙන අයට ඔවුන් පහසුවෙන් ගොදුරු වේ. එමෙන්ම ප්රවර්ධකයින් ඒ අදහස විශ්වාස කළා නම්, තරුණයන් මේ කාර්යයට යවන්නට පෙර තමන්ගෙන්ම එය ආරම්භ කිරීම වඩාත් සුදුසුය.

ඉස්ලාමය කඩුවෙන් පැතිරුණේ ද?

කඩුව යන වචනය ශුද්ධ වූ අල් කුර්ආනයේ එක් වරක් හෝ සඳහන් වී නැත. ඉස්ලාම් ඉතිහාසය යුද්ධ නොදුටු ඉන්දුනීසියාව, ඉන්දියාව, චීනය වැනි රටවල් අද වන විට ඒවාහෙයහි බහුල ලෙස මුස්ලිම්වරු වාසය කරති. ඊට සාක්ෂි වන්නේ මුස්ලිම්වරුන් ජය ලබා ගත් රටවල අද දක්වා කිතුනු භක්තිකයින්, හින්දු භක්තිකයන් සහ වෙනත් අය සිටීමයි. මුස්ලිම් නොවන අය විසින් යටත් විජිත කරන ලද රටවල මුස්ලිම්වරුන් සිටින්නේ ස්වල්පයක් පමණි. කුරුස යුද්ධ සහ අනෙකුත් සංහාරයන් මෙන් ඒවා ජන සංහාරයේ යුද්ධ වූ අතර ඔවුන්ගේ විශ්වාසය වැලඳ ගැනීමට සමීපයෙන් හා දුරින් සිටින සියල්ලන්ට බල කළේය.

ජිනීවා විශ්ව විද්යාලයේ අධ්යක්ෂ Edouard Montet දේශනයකදී මෙසේ පැවසීය: "ඉස්ලාමය යනු සංවිධානාත්මක මධ්යස්ථාන වලින් කිසිදු දිරිගැන්වීමකින් තොරව තනිවම පැතිරෙන වේගයෙන් ව්යාප්තවන ආගමකි. මන්ද සෑම මුස්ලිම්වරයෙකුම ස්වභාවයෙන්ම මිෂනාරි වේ. මුස්ලිම්වරයකුට ශක්තිමත් විශ්වාසයක් ඇති අතර ඔහුගේ විශ්වාසයේ තීව්රතාවය ඔහුගේ හදවත සහ මනස අල්ලා ගනී. මෙය වෙනත් කිසිම ආගමකට නැති වෙනසකි. මේ හේතුව නිසා විශ්වාසය ගිලගත් මුස්ලිම්වරයෙකු ඔහු යන යන තැන සහ කොහේ ගියත් ඔහුගේ ආගම දේශනා කරන අතර, ඔහු සමඟ සම්බන්ධ වන සියලුම මිථ්යාදෘෂ්ටිකයින්ට දැඩි විශ්වාසයේ ආසාදනය සම්ප්රේෂණය කරන බව ඔබ දකිනු ඇත. විශ්වාසයට අමතරව, ඉස්ලාම් සමාජයට සහ ආර්ථික තත්ත්වයන් අනුකූල වේ. පරිසරයට අනුව හැඩගැසීමට සහ මෙම ශක්තිමත් ආගමට අවශ්ය දේ අනුව පරිසරය හැඩගස්වා ගැනීමට එයට අමුතු හැකියාවක් ඇත.” [167] 'අල්-හදීකා' විචක්ෂණ සාහිත්යයේ සහ වාචික ප්රඥාවේ එකතුව. සුලෙයිමාන් බින් සාලිහ් අල්-ඛරාෂි.