ජිහාද් (අරගලය) යනුවෙන් අදහස් කරනුයේ පාපකම්වලින් වැළකීමේ දී තම ආත්මය කැප කිරීමය. ගැබ්ගැනීමේ වේදනාව විඳ දරා ගනිමින් මවගේ ගර්භණී අරගලය, අධ්යයන කටයුතුවල දී ශිෂ්යාගේ අරගලය, තම ධනය, ආත්ම ගරුත්වය හා තම දහම ආරක්ෂා කරන්නාගේ අරගලය, නිරාහාරව උපවාසයේ නිරත වීම සහ නියමිත වේලාවට යාඥා කිරීම වැනි නැමදුම් ක්රියාවන්හි නොසැලී සිටීම පවා ජිහාඩ් (අරගල) වර්ගයක් ලෙස සැලකේ.
'ජිහාද්' යන්නෙහි අරුත අහිංසක සහ සාමකාමී මුස්ලිම් නොවන මිනිසුන් ඝාතනය කිරීම යන්නෙන් ඇතැමුන් තේරුම් ගෙන ඇති ආකාරයෙන් නොවන බව අපට පෙනී යයි.
ඉස්ලාමය ජීවිත අගය කරයි. එබැවින් සාමකාමී මිනිසුන්ට සහ සිවිල් වැසියන්ට එරෙහිව සටන් කිරීමට අවසර නැත. යුද්ධයේදී පවා දේපළ, ළමයින් සහ කාන්තාවන් ආරක්ෂා කළ යුතු සේම, මියගිය අයව විකෘති කිරීමට හෝ විරූපී කිරීමට හෝ අවසර නැත. එය ඉස්ලාමයේ සදාචාරය නොවේ.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
“දහම සම්බන්ධව නුඹලා සමග සටන් නොවදින, තවද නුඹලාගේ නිවෙස් වලින් නුඹලා ව පිටුවහල් නොකරන අය සමග යහ අයුරින් කටයුතු කිරීමටත් ඔවුන් වෙත සාධාරණීය අයුරින් කටයුතු කිරීමටත් අල්ලාහ් නුඹලා නොවැළැක්වීය. සාධාරණීය ලෙසින් කටුයුතු කරන්නන්හට නියත වශයෙන්ම අල්ලාහ් ප්රිය කරයි.” (8) "නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාව වළක්වනුයේ දහම සම්බන්ධව නුඹලා සමග සටන් වැද නුඹලාගේ නිවෙස් වලින් නුඹලා පිටුවහල් කොට නුඹලා ව පිටුවහල් කිරීමට උරදුන් අය සමඟ නුඹලා මිතුරුකම් පෑමය. තවද කවරෙකු ඔවුන් මිතුරන් ලෙස ගන්නේ ද ඔවුහුමය අපරාධකරුවෝ." (අල්-මුම්තහිනා: 8,9) (159) (අල්-මුම්තහිනා: 8,9)
"ඒ හේතුවෙන් සැබැවින්ම ප්රාණ ඝාතනයක් හේතුවෙන් හෝ මහපොළොවේ කලහකාරී තත්ත්වයක් හේතුවෙන් හෝ මිස කවරෙකු යම් ආත්මයක් ඝාතනය කළේ ද ඔහු මුළු මිනිස් සමූහයා ඝාතනය කළා හා සමානය.තවද කවරෙකු එය (ආත්මය) ජීවත් කරවන්නේ ද ඔහු මුළු මිනිස් සමූහයා ජීවත් කළා හා සමානය යැයි ඉස්රාඊල්ගේ දරුවනට නියම කළෙමු. තවද අපගේ දූතවරු පැහැදිලි සාධක සමඟ සැබැවින්ම ඔවුන් වෙත පැමිණියෝය. අනතුරු ව ඔවුන් අතුරින් බොහෝ දෙනා ඉන් පසුවද මිහිතලයේ සීමාව ඉක්මවා කටයුතු කරන්නන් වූහ." (අල්-මාඉදා: 32) (160) (අල් මාඉදා: 32)
මුස්ලිම් නොවන අය වර්ග හතරෙන් එකකට අයත් වේ:
'මුස්තඃමින්' හෙවත් රැකවරණය පතන්නා: ඔහු ආරක්ෂාව පිරිනමනු ලබන තැනැත්තාය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"ආදේශ කරන්නන් අතරින් කවරෙක් හෝ නුඹගෙන් රැකවරණය පැතුවේ නම් එවිට ඔහු අල්ලාහ්ගේ වදනට සවන් දෙන තෙක් නුඹ ඔහුට රැකවරණය දෙනු. පසුව ආරක්ෂිත ස්ථානයක් වෙත නුඹ ඔහුව ළඟා කරනු. හේතුව නියත වශයෙන්ම ඔවුන් නොදන්නා පිරිසක් බැවිනි." (අත්-තව්බා: 6) (161) (අත්-තව්බා: 6)
'මුආහද්' හෙවත් ගිවිසගත් තැනැත්තා: එනම් මුස්ලිම්වරුන් ඔහු සමඟ සටන් කිරීම අත්හරින බවට පොරොන්දු දෙනු ලැබූ තැනැත්තා.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"ඔවුන් ගිවිසගත් පසු, ඔවුන්ගේ ගිවිසුම කඩ කොට නුඹලාගේ දහමෙහි ඔවුන් නිග්රහ කළේ නම්, එවිට නුඹලා දේව ප්රතික්ෂේපිත නායකයින් සමඟ සටන් වදිනු. නියත වශයෙන්ම ඔවුනට කිසිදු ගිවිසුමක් නොමැත. (එය) ඔවුන් වැළකී සිටිය හැකි වනු පිණිසය." (අත්-තව්බා: 12) (162) (අත්-තව්බා: 12)
දිම්මි: දිම්මා යනු ගිවිසුමකි. දිම්මි වාසීන් යනු බදු ගෙවීමට, නියමිත කොන්දේසි මත ඔවුන්ගේ ආගමේ රැඳී සිටීමට සහ ඔවුන්ට රැකවරණය සහ ආරක්ෂාව සැපයීමට මුස්ලිම්වරුන් සමඟ ගිවිසුම් ඇති කරගත් මුස්ලිම් නොවන උදවියයි. එය ඔවුන්ගේ හැකියාව අනුව ගෙවනු ලබන සුළු මුදල් ප්රමාණයකි. එය අය කරනු ලබනුයේ හැකියාව ඇති උදවියගෙන් පමණි. එනම් කාන්තාවන්, ළමයින් සහ බුද්ධි හීනයන්ගෙන් නොව සටන් කිරීමට ශක්තිය ඇති නිදහස් වැඩිහිටි පිරිමින්ගෙනි. 'සාගිරූන්' පහත් වූවන් යනු දේව නීතියට යටහත් පහත් වූවෝ වෙති. අද මිලියන ගණනක් ගෙවන බද්දට සියලුම පුද්ගලයින් ඇතුළත් වන අතර විශාල මුදල් ප්රමාණයක් වැය කිරීමෙන් ඔවුන්ගේ කටයුතු රජය විසින් රැකබලා ගැනීම සඳහා ඔවුහු මෙම ධනාත්මක නීතියට යටත් වෙති.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"දේව ග්රන්ථ දෙනු ලැබූවන් අතරින් අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස නොකරන; අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් තහනම් කළ දෑ තහනම් නොකරන; සත්ය දහමට දහම් ගත නොවන අය සමඟ ඔවුන් යටහත් පහත් වී (ජිසියා) බදු තම අතින් දෙන තෙක් ඔවුන් සමඟ නුඹලා සටන් වදිනු." (අත්-තව්බා: 29) (163) (අත්-තව්බා: 29)
'මහාරිබ්' හෙවත් යුද්ධ ප්රකාශ කරන්නා: ඔහු මුස්ලිම්වරුන්ට එරෙහිව සටන් ප්රකාශ කළ තැනැත්තාය. මෙම පුද්ගලයාට ගිවිසුමක්, වගවීමක් හෝ ආරක්ෂාවක් හෝ නැත. ඔවුන් ගැන සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි:
"අර්බුදයක් නොපවතින තෙක්, එමෙන්ම දහම මුළුමනින්ම අල්ලාහ් සතු වන තෙක් නුඹලා ඔවුන් සමග සටන් කරනු. නමුත් ඔවුන් වැළකුණේ නම් එවිට නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳ ව සුපරික්ෂාකාරීය." (අල්-අන්ෆාල්: 39) (164) (අල්-අන්ෆාල්: 39)
යුද්ධ ප්රකාශ කරන කණ්ඩායම සමග සටන් කිරීම පමණක් අප වෙත පැවරී ඇති අතර ඔවුන් මරා දමන්නට අල්ලාහ් නියෝග කළේ නැත. සටන් කිරීම හා මරා දැමීම අතර විශාල වෙනසක් ඇත. මෙහි සටන් කිරීම යන්නෙන් අදහස් කරන්නේ යුද්ධයේ දී සටන් වදින සටන්කරුවා අතර සහ ආත්මාරක්ෂාව සඳහා සටන් කරන සටන්කරුවෙකු අතර පවතින ගැටුමයි. මෙය මිනිසා විසින් සාදන ලද සියලුම නීතිවල නියම කර ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"තවද නුඹලා සමඟ සටන් කරන්නන් සමඟ නුඹලා ද සටන් කරනු. නුඹලා සීමාව ඉක්මවා නොයනු. සැබැවින් අල්ලාහ් සීමාව ඉක්මවා කටයුතු කරන්නන් ව ප්රිය නොකරන්නේය." (අල්-බකරා: 190) (165) (අල්-බකරා: 190)
මුස්ලිම් නොවන ඒකදේවවාදීන්ගෙන් අපට නිතර අසන්නට ලැබෙන්නේ අල්ලාහ් හැර දෙවි කෙනෙක් නැතැයි කියන ආගමක් මිහිමත පවතින බව ඔවුන් විශ්වාස නොකළ බවයි. එමෙන්ම මුස්ලිම්වරුන් මුහම්මද්ට නමස්කාර කරන බවත්, ක්රිස්තියානීන් ක්රිස්තුන් වහන්සේට නමස්කාර කරන බවත්, බෞද්ධයන් බුදුන් අදහන බවත්, පෘථිවියේ ඔවුන් සොයා ගන්නා ආගම් ඔවුන්ගේ හදවතේ ඇති දේට නොගැලපෙන බවත් ඔවුන් විශ්වාස කළෝය.
බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටි ඉස්ලාමීය ජයග්රහණවල වැදගත්කම මෙහිදී අපට පෙනේ. අන්යයන්ගේ පූජනීයත්වයට ගරු කිරීම, තම ආගමේ රැඳී සිටිමින් ඔවුන්ට ආරක්ෂාව සහ රැකවරණය සැපයීම, රාජ්යයට තම යුතුකම් ඉටු කිරීම සහ ආගම තුළ බලහත්කාරයෙන් තොරව සීමා තුළ පමණක් ඒකදේවවාදයේ පණිවිඩය ලබාදීම එහි අරමුණයි. ඊජිප්තුව,ඇන්ඩලූසියාව සහ තවත් බොහෝ රටවල් ජයග්රහණය ලැබීමේ දී සිදු වූයේ ද මෙයයි.