පළමු පාඨය: "දහම තුළ කිසිදු බල කිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලි විය..." (අල්-බකරා: 256) (154) මෙය ශ්රේෂ්ඨ ඉස්ලාමීය මූලධර්මයක් සහතික කරයි. එනම් ආගම මත බල කිරීම තහනම් බවය. එසේම දෙවන පාඨයේ: "දේව ග්රන්ථ දෙනු ලැබූවන් අතරින් අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස නොකරන; අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් තහනම් කළ දෑ තහනම් නොකරන; සත්ය දහමට දහම් ගත නොවන අය සමඟ ඔවුන් යටහත් පහත් වී (ජිසියා) බදු තම අතින් දෙන තෙක් ඔවුන් සමඟ නුඹලා සටන් වදිනු." (අත්-තව්බා: 29) (155) එහි මාතෘකාව විශේෂිත වූවකි. අල්ලාහ්ගේ මාර්ගයට බාධා කරන්නන් හා අන් අය ඉස්ලාමයේ ඇරයුම පිළිගැනීම වළක්වන්නන් සමග සම්බන්ධ වෙයි. එබැවින් වාක්ය දෙක අතර සැබෑ පරස්පරතාවයක් නොමැත. (අල් බකරා: 256) (අත්-තව්බා: 29)
දේවත්වය විශ්වාස කිරීම යනු ගැත්තෙකු සහ ඔහුගේ ස්වාමියා අතර ඇති සම්බන්ධයකි. ඔහු එය කපා හරින්නේ කවදා ද එවිට ඔහුගේ කරුණ අල්ලාහ් වෙත යොමු කෙරේ. නමුත් ඔහුට එය විවෘතව ප්රකාශ කිරීමට අවශ්ය වූ විටෙක එය ඉස්ලාමයට එරෙහිව කටයුතු කිරීමට, එහි ප්රතිරූපය විකෘති කිරීමට සහ එය පාවා දීමට අවශ්ය වූ විටෙක, මිනිසා විසින් තබන ලද යුද්ධ නීතිවල එක් ප්රත්යක්ෂයක් වන්නේ එවැන්නෙකු මරා දැමීම අත් හළ නොහැකි වීමය. මෙය කිසිවෙකු විරුද්ධ වන කරුණක් නොවන්නේය.
ආගම (දේව විශ්වාසය) අත්හැර දැමීමේ සීමාව පිළිබඳ සැකය ස්ථාපිත කිරීමේ ගැටලුවට මුල, සියලු ආගම්වල වලංගු භාවය පිළිබඳ සැකයේ පසුවන්නන්ගේ කුතුහලයයි. මැවුම්කරු කෙරෙහි ඇති විශ්වාසය, ඔහුට පමණක් නමස්කාර කිරීම, සෑම අඩුපාඩුවකින්ම ඔහුව දුරස් කිරීම යනාදිය පිළිබඳ අවධානය යොමු කරමින් ඊට සමානව ඔහුගේ පැවැත්ම පිළිබඳ අවිශ්වාසය හෝ ඔහු මනුෂ්යයෙකුගේ හෝ ගලක ස්වරූපයෙන් නිරූපණය වීම හෝ ඔහුට පුතෙකු සිටින බවට ඇති විශ්වාසය දැරීමය. අල්ලාහ් ඊට වඩා බොහෝ ඉහළින් සිටියි. මේ මිත්යාවට හේතුව විශ්වාසයේ සාපේක්ෂතාවාදයයි. එනම් සියලුම ආගම් නිවැරදි විය හැකි බව විශ්වාස කිරීම. තර්ක ශාස්ත්රයේ හෝඩිය දන්නා අයට මෙය නිවැරදි නොවේ. දේව විශ්වාසය අදේවවාදයට හා අවිශ්වාසයට පටහැනි බව ස්වයංව පැහැදිලි වනු ඇත. මේ හේතුව නිසා, සත්යයේ සාපේක්ෂතාව ගැන පැවසීම නොසැලකිලිමත්කම සහ තාර්කික මෝඩකම බව මනා ප්රතිපත්තියක් ඇති අයකු වටහා ගනී. ඒ අනුව එකිනෙකට පරස්පර විශ්වාස දෙකක් එකට නිවැරදි යැයි සැලකීම නිවැරදි නොවේ.
මේ සියල්ල තිබියදීත්, තමන් මැනවින් දැන දැනත් සත්යයේ ආගමේ විශ්වාසය අත්හළ අය තම ප්රතික්ෂේපය ප්රසිද්ධියේ ප්රකාශ නොකළහොත් විශ්වාසය අත්හැරීමේ දණ්ඩනයට කිසිසේත් ඔහු නොවැටෙනු ඇත. නමුත්, ඔවුන්ට මාර්ගය විවෘත කරන ලෙස මුස්ලිම් ප්රජාවගෙන් ඉල්ලා, වගවීමකින් තොරව අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාට අවමන් සහගත ප්රකාශ පතුරුවා හැර, අන් අයව ද අවිශ්වාසයට සහ අකීකරුකමට පොළඹවයි නම් එවිට සලකා බලනු ලැබේ. නිදසුනක් වශයෙන් මහපොළොවේ වෙසෙන ඕනෑම රජෙකු තම පාලන දේශය තුළ තමන් පිළිනොගන්නා දෑ සිදුවන්නාක් මෙනි. එනම් ඔහුගේ ප්රජාවෙන් කෙනෙකු රජුගේ පැවැත්ම ප්රතික්ෂේප කිරීම හෝ ඔහුට හෝ ඔහුගේ පිරිවර අතරින් කෙනෙකුට අවමන් කිරීම හෝ පාලන බලය වැනි ඔහුගේ තනතුරට නොගැලපෙන දෑ ඔහුගේ පිරිවරින් කිසිවකු ආරෝපණය කිරීමය. එසේ නම්, රජවරුන්ගේ රජු, සියල්ලේ මැවුම්කරු සහ පාලකගේ තත්ත්වය කෙසේ නම් වනු ඇත් ද?
මුස්ලිම් කෙනෙක් කුෆ්ර් (දෙවත්වය ප්රතික්ෂේප කරන ක්රියාවක්) කළහොත් ඔහු විෂයයෙහි දණ්ඩ නීතිය ඍජුවම ක්රිරියාත්මක කරනු ලබන බව සමහරු සිතති. නිවැරැදි අදහස වනුයේ: නොදැනුවත්කම, ව්යාකූලත්වය, බලහත්කාරය සහ දෝෂය වැනි මූලික වශයෙන් කාෆීර් (දේව ප්රතික්ෂේපකයකු) වීම වැළැක්විය හැකි නිදහසට කරුණු ඇති බවයි. මේ හේතුව නිසා, බොහෝ දැනුමැති පුද්ගලයින් අවධාරණය කළේ, සත්යය දැනගැනීමේදී ව්යාකූලත්වයට පත්වීමේ හැකියාව ඇති නිසා විශ්වාසය අත්හළ තැනැත්තා පසුතැවිලි වී පාපක්ෂමාව ඉල්ලා සිටිය යුතු බවත්, විශ්වාසය අත්හළ විරුද්ධවාදී සටන්කාමී ද්රෝහියා පාපක්ෂමාව ඉල්ලා සිටීමෙන් ව්යතිරේක වන බවත්ය. [156]. "අල්-මුග්නී" හි ඉබ්නු කුද්දාමා
මුස්ලිම්වරු කුහකයන්ට පවා සැලකුවේ මුස්ලිම් ජාතිකයකුට සලකන අයුරින්මය. මුස්ලිම්වරුන්ගේ සියලුම අයිතීන් ඔවුන්ට ද සතු විය. ඒ අතර නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඔවුන් ගැන දැන සිටි අතර සහගාමියෙකු වන හුදයිෆා තුමාට ඔවුන්ගේ නම් දන්වා සිටියහ. කෙසේ වෙතත්, කුහකයින් ඔවුන්ගේ ප්රතික්ෂේපය විවෘතව ප්රකාශ කළේ නැත.
නබි මූසා (මෝසෙස්) සටන්කාමියෙකු වූ අතර දාවුද් (ඩේවිඩ්) ද සටන්කාමියෙකු විය. මෝසෙස් සහ මුහම්මද් (ඔවුන් සියලු දෙනාටම දේව ආශිර්වාදය ලැබේවා!) දේශපාලන හා ලෞකික කටයුතුවල පාලනය භාර ගත් අතර, ඔවුන් සෑම කෙනෙකුම මිථ්යාදෘෂ්ටික සමාජයෙන් නික්ම ගියේය. ඒ අනුව මූසා (මෝසෙස්) තම ජනතාව සමඟ ඊජිප්තුවෙන් නික්ම ගිය අතර, මුහම්මද් තුමාගේ නික්ම යෑම යාත්රිබ් වෙත විය. ඊට පෙර ඔහුගේ අනුගාමිකයින් අබිසීනියාවට සංක්රමණය වූවෝය. ඊට හේතුව ඔවුන් තම ආගම සමඟ පලා ගිය රටේ දේශපාලන හා හමුදා බලපෑමෙන් ගැලවීම සඳහා ය. ජේස් ක්රිස්තු තුමාගේ කැඳවුමේ වෙනසෙහි ස්වභාවය නම්, එය මිථ්යාදෘෂ්ටික නොවන අයට, එනම් යුදෙව්වන්ට විය. (එය මූසා සහ මුහම්මද්ට වඩා වෙනස් වූ පසුබිමකි. හේතුව ඔවුන්ගේ පරිසරය එනම් ඊජිප්තුව සහ අරාබි රටවල් මිථ්යාදෘෂ්ටිකයන් වූ බැවිනි), ඒ සමග වූ තත්වයන් වඩාත් දුෂ්කර හා වඩා අසීරු විය. මූසා (මෝසෙස්) සහ මුහම්මද් තුමාණන්ගේ කැඳවීම තුළින් අවශ්ය වූ වෙනෙස රැඩිකල් සහ විස්තීර්ණ වෙනසකි. එය මිථ්යාදෘෂ්ටිකවාදයේ සිට ඒකදේවවාදය දක්වා අති මහත් පිම්මකි.
මුහම්මද් නබිතුමාගේ කාලයේ සිදු වූ යුද්ධවලට ගොදුරු වූ සංඛ්යාව දහසකට වඩා වැඩි නොවීය. එය මිනිසුන්ගේ ආත්මාරක්ෂාව සහ ආක්රමණවලට ප්රතිචාර දැක්වීමක් හෝ ආගම සඳහා ආරක්ෂාවක් ලෙසින් විය. ආගමේ නාමයෙන් කරන ලද යුද්ධ නිසා සිදු වූ වින්දිතයන් සංඛ්යාව වෙනත් ආගම්වල අපට හමු වුව ද එය මිලියන ගණනකි.
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ දයාව, මක්කම ජයග්රහණය ලබා සර්ව බලධාරී අල්ලාහ් ඔහුට බලය දුන් දිනයේ "අද දයාවේ දිනයයි" යැයි එතුමා කළ ප්රකාශයෙන්ම පැහැදිලි විය. තවද එතුමා මුස්ලිම්වරුන්ට හානියක් කිරීමට කිසිදු උත්සාහයක් නොගන්නා ස්ථාවරයක කුරෙයිෂ්වරුන්ට පොදු සමාවක් නිකුත් කළේය. එතුමා අපයෝජනය කරුණාවෙන් ද හිංසාවට යහපත් සැලකිල්ලෙන් ද මුහුණ දුන්නේය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"තවද යහපත හා අයහපත සමාන නොවෙයි. වඩාත් අලංකාර දැයින් (අයහපත) වළක්වනු. එවිට ඔබ අතර හා ඔහු අතර සතුරුකමක් තිබුණ අය සමීප මිතුරෙකු මෙන් පත්වනු ඇත." (ෆුස්සිලත්: 34) (157) (ෆුස්සිලත්: 34)
'මුත්තකීන්' හෙවත් දේව හැඟීමෙන් කටයුතු කරන්නන්ගේ ගුණාංග පිළිබඳව උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"...තවද කෝපය මැඩ ගන්නන් වෙති. තවද මිනිසුනට සමාව දෙන්නන් වෙති. තවද අල්ලාහ් (මෙවැනි) දැහැමියන් ව ප්රිය කරන්නේය." (ආලු ඉම්රාන්: 134) (158) (ආලු ඉම්රාන්: 134)