Applicable Translations हिन्दी தமிழ் English Español ગુજરાતી عربي

මුහම්මද් නබි තුමා ජෙරුසලමට ළඟා වී ස්වර්ගයට ගොස් එදිනම රාත්රියේ ආපසු පැමිණියේ කෙසේද?

මානව තාක්ෂණය එකම මොහොතේ ලෝකයේ සෑම ප්රදේශයකටම මිනිස් කටහඬ සහ රූප ලබා දී ඇත. එසේනම් මීට වසර 1400කට පෙර මනුෂ්ය වර්ගයාගේ මැවුම්කරුට ආත්මයෙන් සහ ශරීරයෙන් තම නබිතුමා ඉහළට ඔසවා ගත නොහැකි වේ ද?[151]? නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අල්-බුරාක් නම් ජීවියාගේ පිට මත නැග ගමන් ගත්තේය. අල්-බුරාක් යනු: බූරුවෙකුට වඩා උස කොටළුවෙකුට වඩා කුඩා සුදු වර්ණ ජීවියෙකි. උගේ කුර උගේ පා කෙළවරවල තබා ඇත, එයට සෑදලයක් සහ පහනක් ඇත. නබිවරු ඒ මත ගමන් කර ඇත. (බුහාරි සහ මුස්ලිම්).

අපගේ ප්රත්යක්ෂයට වඩා උසස්, අප දන්නා සියලු නීතිවලට වඩා වෙනස් වූ දිව්ය බලයේ සහ කැමැත්තේ චතුරභාවයට අනුකූලව ඉස්රා සහ මිරාජ්ගේ ගමන සිදු විය. ඒවා ලෝ හිමිපාණන්ගේ බලයේ සලකුණු සහ සාක්ෂි වේ. ඔහු මෙම නීති පනවා ස්ථාපිත කළේය.

මුහම්මද් නබි තුමා අයිෂා තුමියව කුඩා වියේදී විවාහ කරගත්තේ ඇයි?

සහීහ් අල්-බුහාරි (නබි වදන් අතර වඩාත්ම විශ්වාසදායක පොත) හි දූතයා කෙරෙහි ඇති ආඉෂා තුමියගේ දැඩි ආදරය ගැන කථා කරනු අපට හමු වේ. ඇය කිසි විටෙකත් මෙම විවාහය ගැන පැමිණිලි නොකළ බව අපට පෙනී යයි.

පුදුමය නම්, එකල දූතයාගේ සතුරෝ මුහම්මද් නබි තුමාට දරුණුම චෝදනා එල්ල කළ අතර එතුමා කවියෙකු හා පිස්සෙකු බව පවසා සිටියෝය. කිසිවෙකු මෙම කතාවට එතුමාව විවේචනය කළේ නැත. වර්තමානයේ ඇතැම් ද්වේශ සහගත පුද්ගලයින් හැර වෙනත් කිසිවෙකු ඒ ගැන සඳහන් කර නැත. රජවරුන් ලාබාල වියේදී විවාහ වූ බව ඉතිහාසයේ සඳහන් වන බැවින් මේ කතාව එක්කෝ එකල මිනිසුන් අතර තිබූ සාමාන්ය කටයුතුවලින් එකක් විය හැක. කිතුනු විශ්වාසයට අනුව මරිය තුමිය ජේසු තුමාව ගැබ් ගැනීමට පෙර විවාහ ගිවිසගත් අවස්වථාවේ ඇය නව වැනි වියේ පසුවූවාය. ආඉෂා තුමිය දූතයාණන් සමග විවාහ ගිවිස ගත් වයස ද එයට ආසන්න විය. එසේත් නැතහොත් එය වයස අවුරුදු අටේදී විවාහ වූ එකොළොස්වන සියවසේ එංගලන්තයේ ඉසබෙලා රැජිනගේ සහ වෙනත් අයගේ සිද්ධියට සමානය.[152]. ඇත්තෙන්ම නබිතුමාගේ විවාහයේ සිද්ධිය ඔවුන් සිතූ ආකාරයට සිදු නොවීය. http://muslimvilla.smfforfree.com/index.php...https://liguopedia.wordpress.com/.../19/agnes-de-france/...

බනු කුරයිළා යුදෙව්වන් සමූල ඝාතනය කිරීම අමානුෂික ලෙස සලකනු ලබන්නේ නැද්ද?

බනූ කුරෙයිළා යුදෙව්වන් ගිවිසුම කඩ කළ අතර, මුස්ලිම්වරුන් තුරන් කිරීම සඳහා බහුදේවවාදීන් සමඟ සන්ධානගත වූවෝය. ඒ අනුව ඔවුන් ඝාතනය කිරීමට ඔවුන්ගේ කුමන්ත්රණයම හැරුණේය. එය ඔවුන්ගේ පිළිවෙතහි අඩංගු රාජද්රෝහීත්වය සහ ගිවිසුම් කඩකිරීම් සඳහා මරණ දඬුවම ඔවුනට මුළුමණින්ම අදාළ වූ තැනකය. දේව දූතයා ඔවුන්ගේ කටයුතුවල පාලනය කරන්නේ කවුරුන්ද යන්න තෝරා ගැනීමට ඔවුනට ඉඩ දුන් පසු, -ඔහු දූතයාගේ සහගාමීන් අතරින් කෙනෙකි- ඔහු ඔවුන්ගේ නීතියේ අඩංගු සම ප්රතිචාර දැක්වීමේ (මරණ දඬුවමේ) නීතිය ඔවුන් වෙත ක්රියාත්මක කළේය.[153]. "තාරීකුල් ඉස්ලාම්" (2/307-318)

අද එක්සත් ජාතීන්ගේ නීති මගින් ද්රෝහීන්ට සහ ගිවිසුම කඩ කරන්නන් හට දෙන දඬුවම කුමක්ද? ඔබ සහ ඔබේ පවුලේ සියලු දෙනා මරා දමා ඔබේ මුදල් කොල්ලකෑමට කණ්ඩායමක් නැඹුරු වී ඇතැයි සිතන්න? ඔබ ඔවුනට සිදු කරන්නේ කුමක් ද? බනූ කුරෙයිළා යුදෙව්වන් ගිවිසුම කඩ කර, මුස්ලිම්වරුන් තුරන් කිරීම සඳහා බහුදේවවාදීන් සමඟ සන්ධානගත විය. එසේ නම්, එම අවස්ථාවේදී මුස්ලිම්වරුන් තම ආරක්ෂාව සඳහා කුමක් කළ යුතු ද? තර්කයේ සරල අර්ථයෙන්, ඒ සම්බන්ධයෙන් මුස්ලිම්වරු ඔවුන් සමග එසේ කටයුතු කළේ තමන්ව ආරක්ෂා කර ගැනීම සඳහා වන අයිතියයි.