Applicable Translations हिन्दी தமிழ் English Español ગુજરાતી عربي

අවසාන අනාගතවක්තෘ:

මුහම්මද් නබිතුමා කවු ද? ඔහුගේ දූත පණිවිඩයේ සත්යතාව සඳහා සාක්ෂි මොනවා ද?

මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වන එතුමා: මුහම්මද් බින් අබ්දුල්ලා බින් අබ්දුල් මුත්තලිබ් බින් හාෂීම් වේ. මක්කමේ ජීවත් වූ අරාබි ගෝත්රයක් වන කුරෙයිෂ් ගොත්රයෙන් පැවත එන අතර එය ඉස්මඊල් බින් ඉබ්රාහිම්ගේ පරම්පරාවෙන් පැවත එන්නකි.

පැරණි ගිවිසුමේ සඳහන් පරිදි, දෙවියන් ඉස්මායෙල්ට ආශීර්වාද කිරීමටත්, ඔහුගේ පරම්පරාවෙන් ශ්රේෂ්ඨ සමාජයක් බිහි කිරීමටත් පොරොන්දු විය.

"මම ඉෂ්මායෙල් ගැනත් ඔබේ බස් ඇසීමි. බලව, ඔහුට ආශීර්වාද කෙළෙමි, ඔහු සඵලකරමින් අතිශයින් වැඩිකරන්නෙමි; ඔහුට දාව අධිපතීන් දොළොස් දෙනෙක් උපදින්නෝය, මම ඔහු මහත් ජාතියක් කරන්නෙමි."[136]. (පැරණි ගිවිසුම, උත්පත්ති 17:20).

ඉස්මාඊල් ආබ්රහම්ගේ නීත්යානුකූල පුත්රයෙකු බවට මෙය විශාලතම සාක්ෂියකි. (පැරණි ගිවිසුම, උත්පත්ති 16:11).

"ඇයට ඔහු මෙසේ පැවසීය: ස්වාමීන්වහන්සේගේ දූතයා බලව, ඔබ ගර්භිණීව සිටියි, පුත්රයෙකු වදන්නීය; ස්වාමීන්වහන්සේ ඔබේ පීඩාව ඇසූ හෙයින් ඔහුට ඉෂ්මායෙල් යන නාමය තබන්න." [137]. (පැරණි ගිවිසුම, උත්පත්ති 16:3).

"ආබ්රම් කානාන් දේශයෙහි දස අවුරුද්දක් වාසය කළ පසු ආබ්රම්ගේ භාර්යාව වූ සාරයි තමාගේ දාසීවූ මිසරීය හාගර් ගෙන තමාගේ පුරුෂයා වූ ආබ්රම්ට භාර්යාවක් කොට පාවාදුන්නාය." [138].

මුහම්මද් නබිතුමා උපත ලැබුවේ මක්කමේය. එතුමාගේ පියා එතුමා ඉපදීමට පෙර මිය ගියේය. පසුව එතුමාගේ මව ද එතුමාගේ ළඳරු වියේදීම මිය ගිය අතර එතුමාගේ සීයා එතුමාව බලා කියා ගත්තේය. පසුව එතුමාගේ සීයා ද මිය ගිය අතර එතුමාගේ මහප්පා එතුමාගේ භාරකාරත්වය දැරුවේය.

එතුමාණෝ අවංකභාවයෙන් හා විශ්වසනීයභාවයෙන් ප්රසිද්ධයට පත්ව සිටියහ. එතුමාණෝ ජාහිලියා (අඥාන) වැසියන් සමඟ ඇසුරු නොකළ අතර ඔවුන් සමඟ කෙළි ලොල් හෝ නැටුම් ගැයුම් හෝ මත්පැන් පානය වැනි නොමනා ක්රියාවල නිරත නොවූහ. එතුමා එය අනුමත කළේ ද නැත. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා නමස්කාර කිරීම සඳහා මක්කම (හිරා ගුහාව) අසල කන්දකට යාමට පටන් ගත්තේය. පසු ව එම ස්ථානයේ එතුමා වෙත දිව්ය පණිවිඩය පහළ විය. අල්ලාහ් වෙතින් මලක්වරයකු එතුමා වෙත පැමිණ, එම මලක්වරයා එතුමාට: කියවන්න, කියවන්න යැයි පැවසීය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ලියන්න කියවන්න දැන සිටියේ නැත. එවිට නබි තුමා: මා කියවන්න දන්නා කෙනෙක් නොවෙමි -එනම් කියවීමට මට හසල හැකියාවක් නැත.- යැයි පවසා සිටියහ. නැවත වාරයක් එම මලක්වරයා එම ඉල්ලීම කළේය. එවිට ද එතුමා මා කියවන්න දන්නා කෙනෙක් නොවෙමි යැයි පැවසූහ. එම මලක්වරයා දෙවන වරට එම ඉල්ලීම කොට එතුමාණන්ට වෙහෙස දැනෙන තරමට එතුමා ව දෑතින් වෙළා ගත්තේය. පසුව එතුමා මා කියවන්න දන්නා කෙනෙක් නොවෙමි -එනම් කියවීමට මට හසල හැකියාවක් නැත යන්නයි- යැයි පැවසූහ. තුන්වැනි වතාවේ ඔහු එතුමාට මෙසේ පැවසීය: "මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු." (1) "ඔහු මිනිසා ව ලේ කැටියෙන් මැව්වේය." (2) "අති ගෞරවනීය නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු."(3) "ඔහු වනාහි පෑනෙන් ඉගැන් වීය." (4) "ඔහු මිනිසාට තමන් නොදැන සිටි දෑ ඉගැන්වූයේය." (අල්-අලක්: 1-5) (139). (අල්-අලක්:1-5)

එතුමාගේ අනාවැකියේ සත්යතාව පිළිබඳ සාක්ෂි:

එතුමාගේ චරිතාපදානයේ අපට එය හමු වේ. එතුමා අවංක හා විශ්වසනීය පුද්ගලයකු ලෙස හඳුන්වනු ලැබූහ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"තවද මීට පෙර කිසිදු ධර්ම ග්රන්ථයක් ඔබ පාරායනය කරමින් නොසිටියෙහිය. ඔබේ දකුණතින් එය ඔබ නොලිව්වෙහිය. එසේ වී නම් අසත්යයේ නිරත ව සිටින්නන් සැක පහළ කරන්නෝමය." (අල්-අන්කබූත්: 48) (140) (අල්-අන්කබූත්: 48)

දූතයාණන් කවර කරුණක් වෙත ඇරයුම් කළේ ද එය ක්රියාත්මක කරන්නන් අතරින් පළමුවැන්නා එතුමා විය. එම ක්රියාවන් තුළින් එතුමාගේ වචනය සනාථ විය. එතුමා ඇරයුම් කරන දෑ සඳහා ලෞකික ප්රතිලාභ පැතුවේ නැත. එබැවින් එතුමා දිළිඳු, ත්යාගශීලී, දයානුකම්පිත, නිහතමානීව ජීවත් වූ අතර, එතුමා මිනිසුන් අතර වඩාත්ම පරිත්යාගශීලී හා වඩාත්ම සරල උත්තමයෙකු විය.උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"අල්ලාහ් මඟ පෙන් වූ අය ඔවුහුය. එබැවින් ඔවුන් ලැබූ මඟ පෙන්වීම අනුව නුඹ ද එය පිළිපදිනු. ඒ වෙනුවෙන් මම නුඹලාගෙන් කිසිදු කුලියක් නොඉල්ලමි. එය ලෝවැසියනට උපදෙසක් මිස වෙනෙකක් නැතැයි (නබිවරය!) නුඹ පවසනු." (අල්-අන්ආම්: 90) (141) (අල්-අන්ආම්: 90)

තවද එතුමා තම වක්තෘභාවයේ අවංකභාවය පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කළේය. එය ඔවුන්ගේ භාෂාවෙන් පැමිණි ශුද්ධ වූ අල් කුර්ආනයේ වාක්යවලින් අල්ලාහ් එතුමාට පිරිනැමූ දෑ තුළිනි. එය මිනිස් කථාවට වඩා උසස් තත්ත්වයේ තබන ලද කතාවකි. කථිකත්වයකි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

“අල් කුර්ආනය ගැන ඔවුහු පරිශීලනය කළ යුතු නොවේ ද? එය අල්ලාහ් නොවන කෙනෙකු වෙතින් වී නම් එහි ඔවුහු පරස්පරයන් බොහෝමයක් දකිනු ඇත.” (අන්-නිසා: 82) (142) (අන්-නිසා: 82)

“එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසන්නෝ ද? (නබිවරය !) නුඹ පවසනු. එසේ නම් නුඹලා ගොතන ලද එවැනිම පරිච්ඡේද දහයක් ගෙන එනු. තවද නුඹලා සත්යවාදීන් ව සිටියෙහු නම්, අල්ලාහ්ගෙන් තොර ව (ඒ සඳහා) නුඹට හැකි අය කැඳවා ගනු.” (හූද්: 13) (143) (හූද්: 13)

"ඔබට ඔවුහු පිළිතුරු නොදුන්නේ නම් එවිට දැන ගනු! නියත වශයෙන්ම ඔවුන් අනුගමනය කරනුයේ ඔවුන්ගේ ආශාවන්ය. අල්ලාහ් වෙතින් වූ මගපෙන්වීම හැර දමා තම ආශාවන් පිළිපදින්නාට වඩා නොමග ගිය අය කවරෙකු ද? නියත වශයෙන්ම අල්ලාහ් අපරාධකාරී ජනයාට යහ මග පෙන්වන්නේ නැත." (අල්-කසස්: 50) (144) (අල්-කසස්: 50)

තවද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පුත් ඉබ්රාහිම්ගේ මරණය හේතුවෙන් සූර්යය ග්රහණය වූ බවට මදීනාවේ ජනයා අතර කටකතා පතුරුවා හරින විට, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔවුනට දේශනාවක් පැවැත්වූහ. අද දක්වාම සූර්යග්රහණ පිළිබඳ අසංඛ්යාත මිථ්යා විශ්වාසයන් ප්රකාශ කරන සෑම කෙනෙකුටම ප්රයෝජනවත් වන පරිදි පණිවිඩයක් ප්රකාශ කළහ. ශතවර්ෂ දාහතරකට පෙර එතුමාණෝ පැහැදිලිව හා විස්තරාත්මකව මෙසේ පැවසූහ.

"ඉර සහ සඳ අල්ලහාගේ සංඥා දෙකකි, ඒවා කිසිවෙකුගේ මරණයෙන් හෝ ජීවිතයෙන් ග්රහණය නොවේ, එබැවින් ඔබ එය දුටුවහොත්, අල්ලාහ්ව සිහිපත් කර යාච්ඤා කිරීමට ඉක්මන් වන්න." [145] (සහීහ් අල් බුහාරි)

ඔහු ව්යාජ වක්තෘවරයෙකු නම්, ඔහුගේ අනාගත වක්තෘත්වය මිනිසුන්ට ඒත්තු ගැන්වීමට ඔහු මෙම අවස්ථාවෙන් ප්රයෝජන ගන්නට තිබුණි.

ඔහුගේ අනාවැකියේ සාක්ෂි අතර පැරණි ගිවිසුමේ ඔහුගේ විස්තර සහ ඔහුගේ නම මෙසේ සඳහන් වේ.

"ඔබ අකුරු නොදන්න කෙනෙකුට එය දුන් විට, “මට කියවන්න දන්නේ නැහැ” කියා ඔහු කියයි." (146) (පරණ ගිවිසුම, යෙසායා 29:12).

දැනට පවතින පරණ තෙස්තමේන්තුව සහ නව තෙස්තමේන්තුව යන පොත් දෙකෙහි විකෘතිතා පැවතීම නිසා ඒවා අල්ලාහ්ගෙන් වන බව මුස්ලිම්වරු විශ්වාස නොකළත්, ඒ දෙකටම නිවැරදි මූලාශ්රයක් ඇති බව විශ්වාස කරති. ඒවා තව්රාත් (තෝරාව) සහ ඉන්ජීලය (ශුභාරංචිය). (එය අල්ලාහ් තම අනාගතවක්තෘවරුන් මෝසෙස් සහ යේසුස් තුමන්ලාට හෙළි කළ දෑ වේ.) එමනිසා, පැරණි ගිවිසුමේ සහ නව ගිවිසුමේ පොත්වල දෙවියන් වහන්සේගෙන් ලැබුණු දේ සොයාගත හැකිය. මුස්ලිම්වරු විශ්වාස කරන්නේ මෙම අනාවැකිය සත්ය නම් එය මුහම්මද් නබිතුමා ගැන කතා කර ඇති බවයි. එය සැබෑ තෝරාවෙහි නටබුන් වලින් එකකි.

මුහම්මද් නබි තුමා ඇරයුම් කළ පණිවිඩය නම් නිර්මල විශ්වාසයයි. එනම් (එක් දෙවියකු කෙරෙහි විශ්වාසය සහ නැමදුමෙහි ඔහු ඒකීයත්වයට පත් කිරීමයි.) එය ඔහුට පෙර සිටි සියලුම වක්තෘවරුන්ගේ පණිවිඩය වන අතර ඔහු එය සියලු මිනිසුන් වෙත ගෙන ආවේය. එය ශුද්ධ වූ කුර්ආනයේ සඳහන් පරිදිය:

"අහෝ ජනයිනි! සැබැවින්ම මම නුඹලා සියලු දෙනා වෙත වූ අල්ලාහ්ගේ ධර්ම දූතයා වෙමි. අහස් හා පොළොවේ ආධිපත්යය ඔහු සතුය. ඔහු හැර නැමදුමට වෙනත් සුදුස්සෙකු නොමැත. ඔහු ජීවය දෙයි. තවද මරණයට පත් කරයි. එබැවින් නුඹලා යහමඟ ලැබිය හැකි වනු පිණිස අල්ලාහ් ව ද ඔහු හා ඔහුගේ වදන් විශ්වාස කරන ඔහුගේ දූත උම්මි (ශාක්ෂරතාව නොදන්නා) නබිවරයාව ද විශ්වාස කරනු. තවද ඔහුව අනුගමනය කරනු." (අල්-අඃරාෆ්: 158) (147) (අල් අඃරාෆ්:158)

මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ක්රිස්තු තුමාව මහිමයට පත් කළ පරිදි මිහිපිට කිසිවෙකු එතුමාව මහිමයට පත් කර නැත.

දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) මෙසේ පැවසූහ. මම මෙලොවෙහි හා මතුලොවෙහි මුළු මිනිස් වර්ගයා අතරින් මරියතුමියගේ පුත් ඊසා (ජේසු)ට වඩාත් සමීප වෙමි. ඔවුන්: අල්ලාහ්ගේ දූතයාණනි, ඒ කෙසේ ද? යැයි විමසා සිටියෝය. එවිට එතුමා: නබිවරුන්ගේ මව්වරු විවිධ වුවු ද දේව විශ්වාසයේ ඔවුහු සහෝදරයෝ වෙති. ඔවුන්ගේ ආගම ද එකකි, අප අතර (ඊසා හා මා අතර) වෙනත් නබිවරයකු නොමැත.(148) (සහීහ් මුස්ලිම්)

මුහම්මද් නබි තුමාගේ නමට වඩා ( 4 වතාවක් වෙනුවට 25 වතාවක්) මෙසියස්, ජේසුස් තුමාගේ නම අල්-කුරානයේ සඳහන් වේ.

අල්-කුර්ආනයේ සඳහන් කරුණුවලට අනුව ලෝකයේ කාන්තාවන්ට වඩා ඊසා තුමාගේ මව වූ මරියා තුමිය ශ්රේෂ්ඨත්වයට පත් කරන ලදී.

එලෙසම අල් කුර්ආනය තුළ නමින් සඳහන් කර ඇති එකම තැනැත්තිය මරියම් තුමියයි.

ආර්යාව මරිය තුමියගේ නමින් අල් කුර්ආනයේ සම්පූර්ණ සූරාවක්ම ඇත. (149) www.fatensabri.com 'කිතාබු අයිනින් අලල් හකීකා'. ෆාතින් සබ්රි.

මෙය එතුමාගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සත්යතාවයට හොඳම සාක්ෂියකි. එතුමා බොරු වක්තෘවරයෙකු වී නම්, එතුමා තම භාර්යාවන්ගේ, මවගේ හෝ දියණියන්ගේ නම් සඳහන් කරනු ඇත. එතුමා බොරු වක්තෘවරයෙකු වී නම් ඔහු ජේසුස් ක්රිස්තුස් තුමාව මහිමයට පත් කිරීමට හෝ එතුමා කෙරෙහි විශ්වාසය මුස්ලිම්වරුන්ගේ විශ්වාසයේ මූලික අංගයක් බවට හෝ පත් නොකරනු ඇත.

මුහම්මද් නබිතුමා සහ වර්තමාන ඕනෑම දේවගැතිවරයෙකු අතර සරල සංසන්දනයක් කිරීමෙන් එතුමාගේ අවංකභාවය අපට වැටහෙනු ඇත. එතුමා මුදල්, කීර්තිය හෝ ඕනෑම පූජක තනතුරක් සම්බන්ධයෙන් ඔහුට ලබා දුන් සියලු වරප්රසාද ප්රතික්ෂේප කළේය, එබැවින් එතුමා දේවත්වය විශ්වාස කරන්නන්ගේ පාපකම්වලට පාපොච්චාරණය කිරීමට හෝ සමාව දීමට හෝ කැමති නොවීය. ඒ වෙනුවට, එතුමා තම අනුගාමිකයන්ට කෙළින්ම මැවුම්කරු වෙත හැරෙන ලෙස අණ කළේය.

එතුමාගේ වක්තෘ භාවය නිරූපණය කිරීමේ දී ලොකුම සාධකයක් නම් එතුමාගේ ඇරයුම පැතිරීම, මිනිසුන් එය පිළිගැනීම සහ අල්ලාහ් එතුමාට සාර්ථකත්වය වෙත ආශිර්වාද කර තිබීමයි. මිනිස් ඉතිහාසයේ ව්යාජ අනාවැකි කියන්නෙකුට අල්ලාහ් කිසි විටෙකත් සාර්ථකත්වය නියම කර නැත.

ඉංග්රීසි දාර්ශනික තෝමස් කාලයිල් (1881-1795) මෙසේ පැවසීය: “මෙම යුගයේ ඕනෑම ශිෂ්ට සම්පන්න පුද්ගලයෙක් ඉස්ලාම් ආගම බොරුවක්, මුහම්මද් තුමා රැවටිලිකාරයෙක් යනාදී තමා සිතන දේට සවන් දීම මහත් ලැජ්ජාවකි. එවැනි විකාර සහ ලැජ්ජා සහගත කියමන් පැතිර යාමට එරෙහිව අපි අරගල කළ යුතු වේ. මක්නිසාද යත්, එම දූතයා ලබා දුන් පණිවිඩය, අපව මැවූ දෙවියන් විසින් මවන ලද අප වැනි මිලියන දෙසීයක් පමණ මිනිසුන්ට සියවස් දොළහක් පුරා දීප්තිමත් පහනක් විය. අනික බොරු මිනිහෙක් ආගමක් නිර්මාණය කොට එය පතුරවා හැරීමේ හැකියාව සහෝදර ඔබ දැක තිබේ ද? දෙවියන් මත දිවුරා පවසමි. එය පුදුමයකි. ව්යාජ මිනිසෙකුට ගඩොල් ගෙයක්වත් සෑදිය නොහැක. හුණු, සිමෙන්ති, වැලි සහ ඒ හා සමාන ගුණාංග ගැන ඔහු නොදන්නේ නම්, ඔහු නිවසක් ගොඩනඟන්නේ කෙසේ ද? ඒ වෙනුවට එය සුන්බුන් කන්දක් සහ ද්රව්ය මිශ්ර කඳුවැටියක් පමණක් වනු ඇත. ඔව්, ආත්ම මිලියන දෙසීයක් වාසය කිරීමට සියවස් දොළහක් එහි කුළුණු මත රැඳී සිටීම වටින්නේ නැත. නමුත් එහි කුළුණු කඩා වැටීමට එය සුදුසු ය. පසුව එය කිසි විටෙකත් නොතිබූ ලෙස විනාශ වේ."[150]. කිතාබ් 'අල් අබ්තාල්'