Applicable Translations हिन्दी தமிழ் English Español ગુજરાતી عربي

ඉස්ලාමය ඉවසීම වෙත ඇරයුම් කරන්නේ ද?

ඉස්ලාමීය ආගම පදනම් වී ඇත්තේ ඇරයුම් කිරීම, ඉවසීම සහ යහපත් දැයින් තර්ක කීරීම මත ය.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"නුඹේ පරමාධිපතිගේ මාර්ගය වෙත ඥානයෙන් යුතු ව හා යහපත් උපදෙස් මගින් නුඹ ඇරයුම් කරනු. තවද වඩාත් යහපත් දැයින් ඔවුන් සමග නුඹ තර්ක කරනු. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ඔහුගේ මාර්ගයෙන් නොමග ගියවුන් පිළිබඳ ව මැනවින් දන්නාය. තවද ඔහු යහ මග ගියවුන් පිළිබඳ ව ද මැනවින් දන්නාය." (අන්-නහ්ල්: 125) (90) (අන්-නහ්ල්: 125)

ශුද්ධ වූ අල් කුර්ආනය දිව්ය ග්රන්ථවල අවසාන ග්රන්ථය වන බැවින් හා මුහම්මද් දූතයා වක්තෘවරුන්ගෙන් අවසාන තැනැත්තා වන බැවින්, අවසාන ඉස්ලාමීය පිළිවෙත සෑම කෙනෙකු ඉදිරියේම ආගමේ පදනම් සහ මූලධර්ම පිළිබඳව සංවාදයට සහ සාකච්ඡා කිරීමට මාර්ගය විවෘත කරයි. ආගමේ කිසිදු බලකිරීමක් නැතැයි යන මූලධර්මය ඉස්ලාමීය ආගම යටතේ සහතික කර ඇත. අන්යයන්ගේ පිවිතුරුභාවයට ගරු කිරීමේ සීමාවන් හා ඔවුන් ඔවුන්ගේ ආගමේ රැඳී සිටීම සහ ඔවුන්ට රැකවරණය සහ ආරක්ෂාව සැපයීම වෙනුවෙන් රාජ්යය වෙත ඔවුන්ගේ යුතුකම් ඉටු කිරීමේ සීමාවන් තුළ හොඳ ඉස්ලාමීය සහජ විශ්වාසයක් පිළිපැදීමට එය කිසිවෙකුට බල නොකරයි.

සඳහන් කළ පරිදි උදාහරණයක් ලෙස, උමරී ගිවිසුමේ, එනම් පාලක උමර් ඉබ්නු අල්-ඛත්තාබ් විසින් ලියන ලද ලේඛනයේ ක්රිස්තු වර්ෂ 638 දී මුස්ලිම්වරුන් එය යටත් කර ගත් විට ඊලිය්යා (ජෙරුසලම) වැසියන්ට ඔහු ඔවුන්ගේ පල්ලි සහ දේපළ සුරක්ෂිත කළේය. උමරී ගිවිසුම ජෙරුසලමේ ඉතිහාසයේ වැදගත්ම ලියවිල්ලක් ලෙස සැලකේ.

"අල්ලාහ්ගේ නාමයෙන්, උමර් ඉබ්න් අල්-ඛත්තාබ්ගෙන් ඊලියා නගරයේ ජනතාව වෙත. සැබැවින්ම ඔවුන් ඔවුන්ගේ රුධිරය, ඔවුන්ගේ දරුවන්, ඔවුන්ගේ වස්තුව සහ ඔවුන්ගේ පල්ලි සම්බන්ධයෙන් ඔවුහු සුරක්ෂිතව සිටිති. ඒවා කඩා බිඳ දමනු ලබන්නේ හෝ පදිංචි කරවනු ලබන්නේ හෝ නැත." [91]. ඉබ්නු අල්-බත්රීක්: අත්-තාරීක් අල්-මජ්මූ අලත් තහ්කීකි වත්-තස්දීකි: වෙළුම 2, පිටුව (147)

කලීෆා උමර් (රළියල්ලාහු අන්හු) තුමා මෙම ගිවිසුම නියම කරන අතරවාරයේ සලාතය සඳහා වන කාලය පැමිණියේය. කුලදෙටුවන් සොෆ්රෝනියස් ශුද්ධ සෙපුල්චර් දේවස්ථානයේ එතුමා සිටින තැන යාච්ඤා කිරීමට එතුමාට ඇරයුම් කළේය. නමුත් කලීෆා වරයා එය ප්රතික්ෂේප කර ඔහුට මෙසේ කීවේය.: 'මම එහි යාච්ඥා කළහොත් මුස්ලිම්වරුන් ඔබව අභිබවා යා හැකි යැයි මම බිය වෙමි.' දේවත්වය විශ්වාස කරන්නාගේ නායකයාණන් මෙහි සලාත් ඉටු කළ බව ඔවුහු පවසති.[92] තාරීක් අත්-තබරී, ව මුජීරුද් දීන් අල් අලීමී අල් මක්දිසී.

එමෙන්ම ඉස්ලාමය මුස්ලිම් නොවන අය සමඟ ඇති කර ගත් ගිවිසුම් සහ ප්රතිඥා වලට ගරු කරයි, ඒවා ඉටු කරයි, නමුත් ගිවිසුම් සහ ප්රතිඥා කඩ කරන්නන් හා ද්රෝහීන් සමඟ දැඩි ලෙස කටයුතු කරන අතරම මුස්ලිම්වරුන්ට මෙම වංචාකරුවන්ට පක්ෂපාතී වීම තහනම් කර ඇත.

"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාට පෙර දේව ග්රන්ථය දෙනු ලැබූ අය අතරින් නුඹලාගේ දහම විහිළුවට හා සෙල්ලමට ගත් අය ව හා දේවත්වය ප්රතික්ෂේප කළවුන් ව නුඹලා භාරකරුවන් ලෙස නොගනු. තවද නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් වූයෙහු නම් අල්ලාහ්ට බිය බැතිමත් වනු." (අල්-මාඉදා: 57) (93) (අල්-මාඉදා: 57)

මුස්ලිම්වරුන් සමඟ සටන් කර ඔවුන්ව ඔවුන්ගේ නිවෙස්වලින් නෙරපා හරින ද්රෝහීන්ට පක්ෂපාතී නොවීම සම්බන්ධයෙන් ශුද්ධ වූ අල් කුර්ආනය බොහෝ ස්ථානවල පැහැදිලිව හා ප්රස්ද්ධියේ සඳහන් කර ඇත.

“දහම සම්බන්ධව නුඹලා සමග සටන් නොවදින, තවද නුඹලාගේ නිවෙස් වලින් නුඹලා ව පිටුවහල් නොකරන අය සමග යහ අයුරින් කටයුතු කිරීමටත් ඔවුන් වෙත සාධාරණීය අයුරින් කටයුතු කිරීමටත් අල්ලාහ් නුඹලා නොවැළැක්වීය. සාධාරණීය ලෙසින් කටුයුතු කරන්නන්හට නියත වශයෙන්ම අල්ලාහ් ප්රිය කරයි.” (8) "නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාව වළක්වනුයේ දහම සම්බන්ධව නුඹලා සමග සටන් වැද නුඹලාගේ නිවෙස් වලින් නුඹලා පිටුවහල් කොට නුඹලා ව පිටුවහල් කිරීමට උරදුන් අය සමඟ නුඹලා මිතුරුකම් පෑමය. තවද කවරෙකු ඔවුන් මිතුරන් ලෙස ගන්නේ ද ඔවුහුමය අපරාධකරුවෝ." (අල්-මුම්තහිනා: 8,9) (94) (අල්-මුම්තහිනා: 8,9)

ශුද්ධ වූ කුර්ආනය ජේසු තුමාගේ සහ මෝසෙස් තුමාගේ සමූහයා අතර ඔවුන්ගේ යුගයේ සිටි ඒකදේවවාදීන් අගය කිරීමට ලක් කරයි.

"ඔවුහු (සියල්ලෝ ම) එක සමාන නොවූහ. දේව ග්රන්ථය ලත් ජනයා අතුරින් (යහ මාර්ගයේ) ස්ථීර ව සිටින සමාජයක් ද විය. ඔවුහු රාත්රී කාලයේ සුජූද් (හිස නමා නමස්කාර) කරමින් අල්ලාහ්ගේ වැකි පාරායනය කරති." (113) "තවද ඔවුහු අල්ලාහ් ව ද පරමාන්ත දිනය ද විශ්වාස කරති. තවද යහපත විධානය කරති. අයහපතින් වළක්වාලති. දැහැමි කටයුතු වල යුහුසුලු ව යෙදෙති. තවද ඔවුහු දැහැමියන් අතරින් වෙති." (ආලු ඉම්රාන්: 113, 114) (95) (ආලු ඉම්රාන්: 113, 114)

"තවද නියත වශයෙන් ම දේව ග්රන්ථ හිමි අය අතුරින් අල්ලාහ් ව ද නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ද ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ද අල්ලාහ්ට යටහත් පහත් ව විශ්වාස කරන අය සිටිති. අල්ලාහ්ගේ වදන් වෙනුවට ඔවුහු අල්ප මිලක් නොගනිති. ඔවුන්ගේ ප්රතිඵල ඔවුන්ගේ පරමාධිපති අබියසින් ඔවුනට හිමි(වන්නේ)ය. නියත වශයෙන් ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය." (ආලු ඉම්රාන්: 199) (96) (ආලු ඉම්රාන්: 199)

"නියත වශයෙන්ම විශ්වාස කළ වුන් ද යුදෙව් වූවන් ද කිතුනුවන් ද සාබිඊන් වරුන් (නබිවරුන්ව අනුගමනය කළ අය) ද ඔවුන් අතුරින් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළ අය ට තම පරමාධිපති අබියසින් වූ ඔවුන් ගේ ප්රතිඵල ඔවුන ට ඇත. ඔවුන ට (මරණින් මතු ජීවිතය පිළිබඳ ව) කිසිදු බියක් නොමැත. තව ද ඔවුහු (මෙලොව අත හැර ගිය දෑ පිළිබඳ ව) දුක ට පත්වන්නේ ද නැත." (අල්-බකරා: 62) (97) (අල්-බකරා: 62)