Applicable Translations English Español ગુજરાતી हिन्दी தமிழ் 中文 Русский عربي

ජීවිතයේ අරමුණ:

මෙලොව ජීවිතයේ ප්රධානතම අරමුණ කුමක් ද?

ජීවිතයේ ප්රධාන පරමාර්ථය වන්නේ ක්ෂණික සතුටක් භුක්ති විඳීම නොවේ; ඒ වෙනුවට, අල්ලාහ් හඳුනා ගැනීම හා ඔහුට නමස්කාර කිරීම තුළින් අභ්යන්තර තුළ සාමය ගැඹුරින් තහවුරු කිරීමයි.

මෙම දිව්යමය අරමුණ සාක්ෂාත් කර ගැනීම සදාකාලික සතුටට හා සැබෑ සතුටට හේතු වේ. එබැවින්, මෙය අපගේ මූලික ඉලක්කය නම්, මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඕනෑම ගැටලුවකට හෝ කරදරයකට මුහුණ දීම සුළුපටු වනු ඇත.

අපි මෙසේ හිතමු. සුඛෝපභෝගී ජීවිතය නිසා කිසිදා දුක් විඳ නැති, වේදනා විඳ නැති පුද්ගලයෙක් අල්ලාහ්ව අමතක කර ඇත. එමෙන්ම ඔහු කවර කරුණක් වෙනුවෙන් මවනු ලැබ ඇත්තේද එය ඉටු කිරීමට පවා අසමත් වී ඇත. මෙවන් පුද්ගලයකු දුෂ්කරතා සහ වේදනාවේ අත්දැකීම් ඔහුව අල්ලාහ් වෙතට ගෙන යන, තම ජීවිතයේ අරමුණ සාක්ෂාත් කරගත් අයකු සමග සසඳා බලන්න. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව, දුක් විඳීමෙන් අල්ලාහ් වෙතට මෙහෙයවන ලද පුද්ගලයා කිසිදා දුක් විඳ නැති එමෙන්ම ඔහුගේ සැප සම්පත් ඔහුගෙන් ඔහුව ඈත් කර තැබූ පුද්ගලයාට වඩා උතුම්ය.

සෑම මනුෂ්යයෙක්ම මේ ජීවිතයේ යම් අරමුණක් හෝ ඉලක්කයක් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරන අතර බොහෝ විට ඉලක්කය පදනම් වන්නේ ඔහු තුළ ඇති විශ්වාසය මතය. අපි ආගමේ සොයා ගන්නා නමුත් විද්යාවේ සොයා ගන්නට නැති කරුණ නම්, මිනිසා ඒ වෙනුවෙන් උත්සාහ කරන හේතුව හෝ සාධාරණීකරණයයි.

විද්යාව යනු මාධ්යයක් වන අතර අභිප්රාය හෝ අරමුණ පැහැදිලි කිරීමක් නොවේ. නමුත් මිනිසා නිර්මාණය වී ජීවය පැවතීමට හේතුව ආගම විස්තර කරයි. ඒ ගැන පැහැදිලි කරයි.

ආගමක් ඇදහීමේ දී පුද්ගලයෙකු වඩාත්ම බිය වන්නේ ජීවිතයේ සැප සම්පත් අහිමි වීමයි. මිනිසුන් අතර පවතින විශ්වාසය නම් ආගම අනිවාර්යයෙන්ම හුදකලා වීම බවත් ආගමෙන් අවසර දී ඇති දේ හැර අන් සියල්ල තහනම් බවත් ය.

බොහෝ දෙනා කළ වරද මෙයයි. එය ඔවුන් ආගමෙන් ඈත් කළේය. එම සංකල්පය නිවැරදි කිරීමට ඉස්ලාමීය ආගම පැමිණියේය. මූලිකව මිනිසාට සියල්ල අනුමතය, තහනම් කිරීම් සහ සීමාවන් අංකනය කෙරී ඇත. කිසිවෙකු ඒවාට එකඟ නොවනු ඇත යන්න එහි මූලධර්මය විය.

සමාජයේ සියලුම සාමාජිකයන් සමඟ ඒකාබද්ධ වීමට එම ආගම පුද්ගලයාට ඇරයුම් කරන අතර ආත්මයේ සහ ශරීරයේ අවශ්යතා සහ අන් අයගේ අයිතිවාසිකම් අතර සමතුලිතතාවයක් පවත්වා ගන්නා මෙන් ද ඉල්ලා සිටී.

ආගමෙන් ඈත්ව සිටින සමාජයන් මුහුණ දෙන විශාලතම අභියෝගයක් වන්නේ දුෂ්ට හා නරක මිනිස් හැසිරීම් සමඟ කටයුතු කරන්නේ කෙසේද යන වගයි. එවිට ඔබට සොයා ගත හැක්කේ විකෘති ආත්මයන් ඇති අයව වළක්වා ගැනීම සඳහා වඩාත්ම දරුණු දඬුවම් ක්රියාත්මක කිරීම පමණි.

"ඔහු වනාහි මරණය සහ ජීවය මැව්වේ ය. (මන්ද) නුඹලා අතරින් කවරෙකු ක්රියාවෙන් වඩාත් දැහැමි දැයි ඔහු නුඹලා ව පරීක්ෂා කරනු පිණිසය." (අල් මුල්ක්: 2) (87) (අල් මුල්ක්: 2)

ලෞකික ජීවිතයේ වටිනාකම කුමක්ද?

නව ක්රියාදාමයන් ජීවිතයට එළඹෙන විට ශ්රේණි සහ තරාතිරම් අනුව සිසුන් වෙන්කර හඳුනා ගැනීම සඳහා විභාගය සිදු කරන ලදී. විභාගය කෙටි වුවද, එය ඉදිරි නව ජීවිතය සඳහා ශිෂ්යයාගේ ඉරණම තීරණය කරයි. මෙලොව ජීවිතය ද එලෙසමය. එය කෙටි වුව ද මනුෂ්යයන් මරණින් මතු ජීවිතයට ළං වන විට ශ්රේණි හා තරාතිරම් අනුව වෙන් කිරීම සඳහා ඔවුනට එය විභාග හා පරීක්ෂණ නිවසක් වැනි ය. යමෙක් මෙලොවින් නික්මෙන්නේ ක්රියාවෙනි. ද්රව්යවලින් නික්මෙන්නේ නැත. මිනිසා මතුලොව ජීවිතය වෙනුවෙන් හා මතුලොවෙහි ප්රතිඵල අපේක්ෂා කරනු පිණිස මෙලොව ක්රියා කළ යුතු බව අවබෝධකර ගැනීම අනිවාර්යය වේ.

පුද්ගලයෙකුට සතුට සාක්ෂාත් කර ගත හැක්කේ කෙසේද?

පුද්ගලයකුට සතුට සාක්ෂාත් කර ගත හැකි වන්නේ අල්ලාහ්ට යටත් වීම ඔහුට කීකරු වීම ඔහුගේ තීන්දුව හා පෙරනියමය පිළිගැනීම තුළිනි.

බොහෝ අය විශ්වාස කරනුයේ සෑම දෙයක්ම සහජයෙන්ම අර්ථ විරහිතය. එබැවින් තෘප්තිමත් ජීවිතයක් ගත කිරීම සඳහා අපටම අර්ථයක් සොයා ගැනීමට අපට නිදහස තිබෙන බවයි. අපගේ පැවැත්මේ අරමුණ ප්රතික්ෂේප කිරීම ඇත්ත වශයෙන්ම ස්වයං රැවටීමකි. එය හරියට "අපි මේ ජීවිතයේ අරමුණක් ඇතැයි උපකල්පනය කරමු හෝ මවා ගනිමු." යැයි අපි අපටම කියාගන්නවාක් මෙනි, අපේ තත්ත්වය හරියට වෛද්යවරු, හෙදියන්, එහෙමත් නැත්නම් අම්මලා තාත්තලා හැටියට සෙල්ලම් කරන ළමුන්ගේ තත්ත්වය මෙනි. අපි අපේ ජීවිතයේ අරමුණ දැනගෙන මිස සතුට ළඟා කර ගත නොහැක.

පුද්ගලයකු ඔහුගේ කැමැත්තට එරෙහිව සුඛෝපභෝගී දුම්රියක තබා, එහි පළමු පන්තියේ සුඛෝපභෝගී සහ සුවපහසු අත්දැකීමක්, සුඛෝපභෝගීත්වයේ උච්චතම අවස්ථාවක් ලබා ගත්ත ද, ඔහුගේ සිත තුළ දෝලනය වන ප්රශ්න වලට උත්තර නොලබා මේ ගමනේදී ඔහුට සතුටක් ඇති වනුයේ කෙසේ ද? උදාහරණ වශයෙන් 'ඔබ කෝච්චියට නැග්ගේ කෙසේ ද?' මෙම චාරිකාවේ ඉලක්කය හා අරමුණ කුමක්ද? ඔය යන්නේ කොහේ ද? මේ ප්රශ්නවලට පිළිතුරු නැති නම්, ඔහු සතුටින් සිටිය හැක්කේ කෙසේද? ඔහු තමා සතු සියලු සැප සම්පත් භුක්ති විඳීමට පටන් ගත්තද, ඔහු කිසි විටෙකත් සැබෑ, අර්ථවත් සතුටක් අත්කර නොගනී. ඔහුට මේ ප්රශ්න අමතක කිරීමට මේ ගමනේ රසවත් කෑම ප්රමාණවත්ද? මේ ආකාරයේ සතුට තාවකාලික සහ ව්යාජ වනු ඇත. එය සාක්ෂාත් කරගත හැක්කේ මෙම වැදගත් ප්රශ්නවලට පිළිතුරු හිතාමතාම නොසලකා හැරීමෙන් පමණි. එය හරියටම බීමත්කම නිසා ඇති වන ව්යාජ ප්රීතියක් වැනි ය, එය එහි හිමිකරු විනාශය කරා ගෙන යයි. මේ අනුව, මෙම පැවැත්ම පිළිබඳ ප්රශ්නවලට පිළිතුරු සොයා ගන්නේ නම් මිස පුද්ගලයෙකුට සැබෑ සතුට ළඟා කර ගැනීම සාක්ෂාත් වන්නේ නැත.