Applicable Translations हिन्दी தமிழ் English Español ગુજરાતી عربي

අල්ලාහ් තම ගැත්තන්ගෙන් එකවිට විනිශ්චය කර සිටිනුයේ කෙසේද?

අල්ලාහ් එක විට ඔවුනට පෝෂණ සම්පත් ලබා දෙන්නාක් මෙන් තම ගැත්තන්ගෙන් එකවර විනිශ්චය කරයි.

උත්තරීතර ඔහු මෙසේ පවසයි:

"නුඹලා මැවීම හෝ නුඹලා නැවත නැගිටුවීම හෝ එක් ආත්මයක් (මැවීම) මෙන් මිස නැත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්රාවකය; සර්ව නිරීක්ෂකය." (ලුක්මාන්: 28) (85) (ලුක්මාන්: 28)

මුස්ලිම්වරයෙකු ආත්ම සංක්රමණය (පුනරුත්පත්තිය) පිළිබඳ මූලධර්මය විශ්වාස නොකරන්නේ ඇයි?

විශ්වයේ සෑම දෙයක්ම මැවුම්කරුගේ පාලනය යටතේ පවතින අතර සියලු දැනුම සර්වඥතාව, මෙන්ම ඔහුගේ කැමැත්තට සියල්ල යටපත් කිරීමේ හැකියාව සහ බලය ඇත්තේ ඔහුට පමණි. සූර්යයා, ග්රහලෝක සහ මන්දාකිණි නිර්මාණයේ ආරම්භයේ සිටම අතිශය නිරවද්යතාවයකින් ක්රියා කර ඇති අතර, මෙම නිරවද්යතාවය සහ හැකියාව මිනිසාගේ නිර්මාණයට අදාළ වේ. මිනිස් සිරුරු සහ ආත්මයන් අතර පවතින සංහිඳියාව පෙන්නුම් කරන්නේ මෙම ආත්මයන් සතුන්ගේ ශරීරවල වාසය කිරීමට හෝ ශාක හා කෘමීන් අතර හෝ මිනිසුන් තුළ පවා සැරිසැරීමට (ආත්ම සංක්රමණය වීම) නොහැකි බවයි. බුද්ධියෙන් හා දැනුමෙන් අල්ලාහ් මිනිසා වෙන් කොට, ඔහුව පොළොවේ නියෝජිතයෙකු බවට පත් කර, ඔහුට අනුග්රහය දක්වා, ඔහුට ගෞරව කර, බොහෝ මැවීම්වලට වඩා ඔහුගේ තත්වය උසස් කළේය. මැවුම්කරුගේ ප්රඥාවෙන් හා යුක්තියෙන් මළවුන් කෙරෙන් නැවත නැඟිටුවනු ලබන දිනයේ මැවීම් අවදි කරවා ඔවුන්ගෙන් තනියම විනිශ්චය කරනු ඇත. ඔවුන්ගේ ඉරණම ස්වර්ගයට හෝ නිරයට හෝ වනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු යහපත් හා නරක ක්රියාවන් මනිනු ලබනු ඇත.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

“කවරෙක් අණුවක් තරම් ප්රීමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී.” (7) "කවරෙක් අණුවක් තරම් ප්රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී." (අස්-සල්සලා: 7,8) (86) (අස් සල්සලා: 7,8)

අල්ලාහ්ගේ නියත දැනුමෙහි ලියා ඇති පෙර නියමය හා තීන්දුව මත නියෝජනය වන ක්රියාවන් සඳහා අල්ලාහ් මිනිසුන්ගෙන් ප්රශ්න කර සිටිනුයේ ඇයි?

නිදසුනක් වශයෙන්, පුද්ගලයෙකුට සාප්පුවෙන් යමක් මිලදී ගැනීමට අවශ්ය වූ විට, පළමු පුතාව මෙම භාණ්ඩය මිලදී ගැනීම සඳහා යැවීමට තීරණය කරයි. එය මෙම පිරිමි ළමයා බුද්ධිමත් බවත් පියාට අවශ්ය දේ හරියටම මිලදී ගෙන එනු ඇති බවත් පියා කල්තියා දන්නා නිසාවෙනි. ඒ සමගම අනෙක් පිරිමි ළමයා තම සම වයසේ මිතුරන් සමඟ සෙල්ලම් කිරීමෙහි නිරත වන බවත් ඔහු මුදල් නාස්ති කරන බවත් පියා දැන සිටී. ඇත්ත වශයෙන්ම මෙය පියා ඔහු ගැන විනිශ්චය ගොඩනඟා ගත් උපකල්පනයකි.

පූර්ව නියමය දැකීම අපගේ තේරීමේ කැමැත්තට පටහැනි නොවේ. මන්ද අල්ලාහ් අපගේ අභිප්රායන් සහ තේරීම් පිළිබඳ ඔහුගේ සම්පූර්ණ දැනුම මත පදනම්ව අපගේ ක්රියාවන් පිළිබඳ ඔහු දන්නා බැවිනි. -පරමාදර්ශය ඇත්තේ ඔහුට ය.- ඔහු මිනිසුන්ගේ ස්වභාවය ගැන දනී. ඔහු අපව නිර්මාණය කළ තැනැත්තාය. අපගේ හදවත් තුළ ඇති යහපතට හෝ අයහපතට දක්වන කැමැත්ත ගැන ඔහු දනී. අපගේ අභිප්රාය ඔහු දනී. අපගේ ක්රියාවන් පිළිබඳව අධීක්ෂණය කරන්නාය. මෙම දැනුම ඔහු සතුව පදියම් වී තිබීම අපගේ තේරීමේ කැමැත්තට පටහැනි නොවේ. එය අල්ලාහ්ට නිරපේක්ෂ දැනුම ඇති බවත්, මිනිස් අපේක්ෂාවන් හරි සහ වැරදි වන බවත් දැන ගැනීමෙනි.

පුද්ගලයෙකුට අල්ලාහ් සතුටු නොවන ආකාරයෙන් ඔහුගේ කැමැත්තට ක්රියා කළ හැකි නමුත් ඔහුගේ හැසිරීම සර්වබලධාරිගේ කැමැත්තට පටහැනි නොවනු ඇත. මන්ද අල්ලාහ් ඔහුගේ මැවීම්වලට තෝරා ගැනීමේ නිදහස ලබා දී ඇති බැවිනි. නමුත් ඔවුන්ගේ ක්රියාවන් අකීකරු වූවත් තවමත් අල්ලාහ්ගේ කැමැත්ත තුළ සිටින අතර එයට පටහැනි විය නොහැක. මන්ද සර්වබලධාරි කිසිවෙකුට ඔහුගේ කැමැත්ත ඉක්මවා යාමට ඉඩක් ලබා දී නැත.

අප ප්රිය නොකරන දෙයක් පිළිගැනීමට අපගේ හදවතට බලපෑම් කිරීමට හෝ බල කිරීමට හෝ නොහැක. තර්ජනය කිරීම හා බිය ගැන්වීම යටතේ පුද්ගලයෙකුට අප සමඟ සිටීමට බල කළ හැකිය. නමුත් අපට ආදරය කිරීමට එම පුද්ගලයාට බල කළ නොහැක. ඕනෑම ආකාරයක බලකිරීමකින් දෙවියන් අල්ලාහ් අපගේ හදවත් ආරක්ෂා කර ඇත. අපගේ අභිප්රායන් සහ අපගේ හදවත් දරන දේ මත පදනම්ව ඔහු අපට වගවීම සහ විපාක ලබා දෙන්නේ එබැවිනි.