Applicable Translations हिन्दी தமிழ் English Español ગુજરાતી عربي

මුස්ලිම්වරයාගේ විශ්වාසය තුළ පෙර පණිවිඩකරුවන් කෙරෙහි විශ්වාසය අත්යවශ්ය ද?

කිසිදු භේදයකින් තොරව අල්ලාහ් මනුෂ්ය වර්ගයා වෙත එවන ලද සියලුම දූතයින් කෙරෙහි විශ්වාස කිරීම මුස්ලිම්වරුන්ගේ විශ්වාසයේ මූලිකාංගයකි. එය නොමැතිව ඔහුගේ විශ්වාසය වලංගු වන්නේ නැත. කවර හෝ දහම් දූතයෙකු හෝ අනාගතවක්තෘවරයෙකු ප්රතික්ෂේප කිරීම ආගමේ මූලික කරුණු වලට පටහැනි වේ. ධර්ම දූතයින්ගේ මුද්රාව වූ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පැමිණීම ගැන අල්ලාහ්ගේ සියලුම නබිවරුන් ශුභාරංචි දන්වා ඇත. විවිධ ජන සමූහයන් අතරට යවන ලද ශුද්ධ අල් කුර්ආනයේ ඔවුන්ගේ නම් සඳහන් වක්තෘවරුන් සහ පණිවිඩකරුවන් ගණනාවක්ම වෙති. (උදාහරණ ලෙස නූහ් (නෝවා), ඉබ්රාහීම් (ආබ්රහම්), ඉස්මාඊල් (ඉස්මයිල්), ඉස්හාක් (ඊසාක්), යඃකූබ් (යාකොබ්), යූසුෆ් (ජෝසප්), මූසා (මෝසෙස්), දාවුද් (ඩේවිඩ්), සුලෙයිමාන් (සලමොන්), ඊසා (ජේසුස්) ආදී...) එසේ, නම් සඳහන් නොකළ තවත් අය ද සිටිති. හින්දු ආගමේ සහ බුද්ධාගමේ (රාම, ක්රිෂ්ණ සහ ගෞතම බුදුන් වැනි) සමහර නායකයින් අල්ලාහ් විසින් එවන ලද වක්තෘවරුන් වීමේ හැකියාව බැහැර නො කළ අදහසක් වන නමුත් ඒ පිළිබඳව ශුද්ධ වූ කුර්ආනයෙහි කිසිදු සාක්ෂියක් නොමැත. මේ හේතුව නිසා මුස්ලිම්වරු ඒවා විශ්වාස නොකරති. ජන සමූහයන් තම වක්තෘවරුන් විශුද්ධ කර අල්ලාහ් වෙනුවට ඔවුන්ට නමස්කාර කරන විට විශ්වාසයන් අතර වෙනස්කම් මතු විය.

"ඔබට පෙර දහම් දූතවරු සැබැවින්ම අපි එව්වෙමු. ඔවුන් අතුරින් අපි ඔබ වෙත කතා විස්තර කළ අය වෙති. තවද ඔබ වෙත අපි කතා විස්තර නොකළ අය ද වෙති. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව කිසිදු සාධකයක් ගෙන ඒමට කිසිදු දහම් දූතයකුට නොවීය. අල්ලාහ්ගේ නියෝගය පැමිණි විට යුක්තිසහගත ව තීන්දු කරනු ලැබීය. එහි දී වැරදි කළවුන් පරාජිත වුහ." (ගාෆිර්: 78) (73) (ගාෆිර්: 78)

“දහම් දූතයා තම පරමාධිපතිගෙන් තමන් වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ව විශ්වාස කළේය. විශ්වාස කළවුන් ද (විශ්වාස කළෝය.) සියල්ලෝම අල්ලාහ්ව ද ඔහුගේ දේව ග්රන්ථ ද ඔහුගේ දහම් දූතයින්ව ද විශ්වාස කරති. ඔහුගේ රසූල්වරුන් අතුරින් කිසිවෙකු අතර හෝ අපි වෙනස්කම් ඇති නොකරන්නෙමු. තවද අපි සවන් දුනිමු. අවනත වූයෙමු අපගේ පරමාධිපතියාණනි, ඔබෙන් සමාව පතන්නෙමු. තවද යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය යැයි ඔවුහු පැවසුවෝය.” (අල්-බකරා: 285) (74) (අල් බකරා: 285)

“අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තව ද අප වෙත පහළ කළ දෑ ද ඉබ්රාහීම් ඉස්මාඊල් ඉස්හාක් යඃකූබ් හා අස්බාත් (හෙවත් ඔවුන් ගේ පරපුර) වෙත පහළ කළ දෑ ද මූසා හා ඊසා වෙත පිරිනමනු ලැබූ දෑ ද තම පරමාධිපතිගෙන් නබි වරුන් ට පිරිනමනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතුරින් කිසිවෙකු ව අපි වෙන් නොකළෙමු තව ද අපි ඔහු ට අවනත වූවෝ වෙමු.” යැයි නුඹලා පවසනු." (අල්-බකරා: 136) (අල්-බකරා: 136)