විශ්වාසයේ මූලිකාංග:
අල්ලාහ් කෙරෙහි විශ්වාසය.: “අල්ලාහ් සෑම දෙයකම ස්වාමියා සහ පරමාධිපති බවත්, ඔහු පමණක් මැවුම්කරු බවත්, නමස්කාරය, නිහතමානිකම සහ යටහත් පහත්කමට සුදුස්සා ඔහු බවත්, ඔහු සතු පරිපූර්ණ ගුණාංගවලින් පිරිපුන් බවත් ස්ථිර විශ්වාසය සහ එය පිළිපදිමින් ක්රියා කළ යුතු අතරම සෑම අසම්පූර්ණභාවයකින්ම ඔහු ව පිවිතුරු කිරීමය." [70]. අබ්දුල් අසීස් අර්-රාජිහීගේ "සියාජුල් අකීදා අල් ඊමාන් බිල්ලාහ්" (පිටුව: 9)
දේව දූතයන් කෙරෙහි විශ්වාසය: ඔවුන්ගේ පැවැත්ම කෙරහි සහ ඔවුන් සර්වබලධාරී දෙවියන්ට කීකරු වන, ඔහුට අකීකරු නොවන ආලෝකයෙන් මවන ලද ජීවීන් බව විශ්වාස කිරීම.
දිව්ය ග්රන්ථ කෙරෙහි විශ්වාසය: සර්වබලධාරී අල්ලාහ් සෑම පණිවිඩකරුවෙකුටම පහළ කළ සෑම ග්රන්ථයක්ම මෙහි ඇතුළත් වේ. ඒවා අතරින් මූසා තුමාට පහළ කළ තෝරාව, (පරණ ගිවිසුම) ඊසා තුමාට පහළ කළ ඉන්ජීලය, (නව ගිවිසුම) දාවුද් තුමාට පහළ කළ සබූර්ය (ගීතාවලිය) ඉබ්රාහීම් සහ මොසස්ට පහළ කළ ලේඛන. (71) මුහම්මද් ට පහළ කළ අල් කුර්ආනය (මේ සියලු දෙනා හට අල්ලාහ්ගේ ආශිර්වාදය හිමි වේවා!) මෙම ග්රන්ථවල මුල් පිටපත්වල ඒකදේවවාදයේ පණිවිඩය අඩංගුය. එනම් මැවුම්කරු කෙරෙහි විශ්වාස කිරීම සහ ඔහුට පමණක් නමස්කාර කිරීමය. නමුත් විකෘති කිරීම් ඒවා තුළ ඇතුළු වී ඇති අතර අල්-කුර්ආනය සහ ඉස්ලාමීය නීතිය හෙළිදරව් කිරීමෙන් පසුව ඒවා වෙනස් කරන ලදී.
'නබිවරුන්' නොහොත් වක්තෘවරුන් සහ රසූල්වරුන් නොහොත් දිව්ය පණිවිඩකරුවන් කෙරෙහි විශ්වාසය.
අවසාන දවස විශ්වාස කිරීම: විනිශ්චය කිරීම සහ විපාක දීම සඳහා මළවුන් කෙරෙන් අල්ලාහ් මිනිසුන් අවදි කරන දිනය කෙරෙහි විශ්වාසය.
කද්ර් හෙවත් පූර්ව නියමය සහ කළා හෙවත් පූර්ව තීන්දුව පිළිබඳ විශ්වාසය: පූර්ව දැනුම හා තම ප්රඥාවට අනුව අල්ලාහ් තම මැවීම් සඳහා නියම කර ඇති පූර්ව නියමය විශ්වාස කිරීම.
මෙම විශ්වාසයෙන් පසුව 'ඉහ්සාන්' නම් නිලය පැමිණෙයි. එය ආගමේ ඉහළම මට්ටමයි. ඉහ්සාන් හි අර්ථය දූතයාණන්ගේ වචන වලින් මෙසේ පැහැදිලි වෙයි. "ඉහ්සාන්" යනු ඔබ අල්ලාහ්ව බලා සිටින සේ ඔහුට නමස්කාර කිරීමය. හේතුව ඔබ ඔහුව නොදුටුව ද සැබැවින්ම ඔහු ඔබ දෙස බලා සිටින බැවිනි. "හදීස් ජිබ්රීල්' මෙය බුහාරි තුමා වාර්තා කර ඇත. (4777) මුස්ලිම් තුමා ද මේ හා සමාන හදීසයක් වාර්තා කර ඇත. (9)
"ඉහ්සාන්" යනු භෞතික ප්රතිලාභ අපේක්ෂාවෙන් හෝ පුද්ගලයින්ගේ ප්රශංසාව හෝ ස්තුති බලාපොරොත්තුවෙන් තොරව අල්ලාහ්ගේ තෘප්තිය පමණක් සොයමින් සෑම කටයුත්තක්ම සහ ක්රියාවක්ම විධිමත්ව පරිපූර්ණ කිරීම සහ එය සාක්ෂාත් කර ගැනීම සඳහා සෑම උත්සාහයක්ම දැරීමය. එනම් අල්ලාහ් වෙත සමීප වීමේ චේතනාවෙන් ඔහුගේ තෘප්තිය පමණක් බලාපොරොත්තු වෙමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සුන්නාහ්වට අනුගත වී එය සාක්ෂාත් කර ගන්නා ආකාරයෙන් ක්රියාවන් ඉටු කිරීම ය. සමාජයන්හි 'මුහ්සිනූන්' හෙවත් දැහැමියෝ අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් ආගමික හා ලෞකික යහපත් ක්රියාවන්හි නිරත වී අනුන්ට අනුකරණය කිරීමට උපකාර වන සාර්ථක පරමාදර්ශී පුද්ගලයෝ වෙති. ඔවුන්ගේ දෑතින් සමාජවල සංවර්ධනය හා උන්නතිය, මිනිස් ජීවිතයේ සමෘද්ධිය සහ නිජබිම් සංවර්ධනය හා දියුණුව අල්ලාහ් සාක්ෂාත් කර ගනී.