Applicable Translations हिन्दी தமிழ் English Español ગુજરાતી عربي

නිවැරදි ආගම වෙන්කර හඳුනාගත හැක්කේ කෙසේද?

මූලික කරුණු තුනකින් සැබෑ ආගම අනෙකුත් දැයින් වෙන්කර හඳුනාගත හැකිය[44]: The Myth of Atheism නම් පොතෙන් අනුවර්තනය කරන ලදී. ආචාර්ය. අම්ර් ෂරීෆ්. සංස්කරණය ක්රි.ව 2014

මෙම ආගමේ පවතින මැවුම්කරුගේ හෝ දෙවියන්ගේ ගුණාංග.

ධර්ම දූතයා හෝ නබිතුමාණන්ගේ ගුණාංග.

දිව්ය පණිවිඩයේ අන්තර්ගතය.

දිව්ය පණිවිඩය හෝ ආගම මැවුම්කරුගේ අලංකාරය සහ තේජස පිළිබඳ විස්තරයක් සහ පැහැදිලි කිරීමක් මෙන්ම ඔහු ගැන හැඳින්වීමක් සහ ඔහුගේ පැවැත්ම පිළිබඳ සාක්ෂි අඩංගු කර ගත්තක් විය යුතුය.

"(නබි මුහම්මද්!) පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීයය. (1) අල්ලාහ් ස්වාධීනය. (2) ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය. (3) තවද ඔහුට සමාන කිසිවෙකු නොවීය. (අල්-ඉක්ලාස්: 1-4) (45) (අල් ඉක්ලාස්: 1-4)

"ඔහුය අල්ලාහ්. ඔහු වනාහි ඔහු හැර වෙනත් කිසිදු දෙවිඳෙකු නොමැත. ගුප්තය හා දෘශ්යමාන දෑ පිළිබඳ සර්ව ඥානීය. ඔහු අපරමිත දයාන්විත ය; අසමසම කරුණාන්විතය." (22) "ඔහුමය ඒකීය දෙවිදාණන් වන අල්ලාහ්. ඔහු හැර අන් දෙවියෙක් නොමැත. ඔහු අධිපති ය, අතිපාරිශුද්ධ ය, (අඩුපාඩුවලින්) සුරක්ෂිත ය, අභය සලසන්නා ය, ආරක්ෂකයා ය, අතිබල සම්පන්න ය, බල පරාක්රම ය, අතිගාම්බීර ය, ඔවුන් ආදේශ කරන (සියලු) දැයින් ඒකීය දෙවිදාණන් වන අල්ලාහ් අතිපිවිතුරු ය." (23) ඔහු අල්ලාහ්ය. මැවුම්කරුය. උත්පාදකය. මූර්තිකරුය. ඔහුට අලංකාර නාමයන් ඇත. අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු සුවිශුද්ධ කරති. තවද ඔහු සර්ව බලධාරීය; මහා ප්රඥාවන්තය." (අල්-හෂ්ර්: 22-24) (46) (අල්-හෂ්ර්: 22-24)

පණිවිඩකරුගේ සංකල්පය සහ ඔහුගේ ගුණාංග ගත් කල්හි, සැබැවින්ම එය ආගම හෝ දිව්ය පණිවිඩය සම්බන්ධයෙන්: ( පහත සඳහන් ආකාරයට පැහැදිලි කරයි.)

1- මැවුම්කරු දූතයා සමඟ සන්නිවේදනය කළ ආකාරය එය පැහැදිලි කරයි.

"තවද මම නුඹ ව (නබිවරයකු වශයෙන්) තෝරා ගත්තෙමි. එහෙයින් හෙළිදරව් කරනු ලබන දෑට නුඹ සවන් දෙනු." (තාහා: 13) (47) (තාහා: 13)

2- අල්ලාහ් ගැන දැනුම් දීම සම්බන්ධයෙන් නබිවරුන් සහ දූතවරුන් වගකිව යුතු බව පැහැදිලි කරයි.

"අහෝ රසූල්වරය! නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ දන්වා සිටින්න..." (අල්-මාඉදා: 67) (48) (අල් මාඉදා 67)

3- ධර්ම දූතවරුන් පැමිණ ඇත්තේ මිනිසුන් ඔවුන්ට නමස්කාර කිරීමට නොව, අල්ලාහ්ට පමණක් නමස්කාර කිරීම සඳහා මිනිසුන්ට ඇරයුම් කිරීම සඳහා බව පැහැදිලි කරයි.

"කෙනෙකුට ධර්ම ග්රන්ථය ද ප්රඥාව ද නබිත්වය ද පිරිනමා තිබියදී, ඉන් අනතුරු ව අල්ලාහ්ව හැර දමා මටම දාසයින් වී සිටිනු යැයි ජනයාට පැවසීමට කිසිදු මිනිසෙකුට බලයක් නැත. එහෙත් දේව ග්රන්ථය නුඹලා උගන්වමින් සිටින බැවින් ද නුඹලා ඉගෙන ගනිමින් සිටින බැවින් ද නුඹලා ගැඹුරු ප්රඥාවෙන් යුත් විද්වතුන් වනු. (යැයි ඔහු පවසනු ඇත)" (ආලු ඉම්රාන්: 79) (49) (ආලු ඉම්රාන්: 79)

4- නබිවරුන් සහ ධර්ම දූතවරුන් සීමිත මානව පරිපූර්ණත්වයේ උච්චතම ස්ථානය හොබවන බව එය තහවුරු කරයි.

“සැබැවින්ම, ඔබ අති ශ්රේෂ්ඨ ගුණාංගයන් මතය.” (අල් කලම් :4) (50) (අල් කලම්: 4)

5- ධර්ම දූතවරුන් මිනිසා සඳහා වන මානව ආදර්ශය නියෝජනය කරන බව එය තහවුරු කරයි.

"අල්ලාහ් හා අවසන් දිනය අපේක්ෂා කරමින් සිටින, අල්ලාහ් ව අධික වශයෙන් මෙනෙහි කරන අයට සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් තුළ අලංකාර ආදර්ශයක් විය." (අල්-අහ්සාබ්: 21) (51) (අල්-අහ්සාබ්: 21)

නබිවරු සල්ලාලයන්, මිනීමරුවන්, අඥානයින් සහ ද්රෝහීන් වෙතැයි එහි මූලාශ්ර අපට පවසන ආගමක් හෝ එහි නරකම අර්ථයෙන් දේශද්රෝහීත්වය ගැන එහි මූලාශ්ර පූර්ණ ලෙස දන්වා සිටින ආගමක් හෝ පිළිගත නොහැක.

දිව්ය පණිවිඩයේ අන්තර්ගතය සම්බන්ධයෙන් ගත් කල, එය පහත සඳහන් කරුණු වලින් සංලක්ෂිත විය යුතුය:

1- මැවුම්කරු දෙවියන්ව හඳුන්වා දීම.

සත්ය ආගම දෙවියන්ගේ මහිමයට නොගැලපෙන ගුණාංග හෝ ඔහුගේ බලය හීන කරන, එනම් ඔහු ගලක හෝ සතෙකුගේ ස්වරූපයෙන් පැමණීම, ඔහු උපත ලැබ තිබීම හෝ ඔහු දාව කිසිවකු උප ලැබීම ඔහුගේ මැවීම් අතරින් කිසිවකුට හෝ ඔහු සමානයෙකු වීම වැනි ගුණාංග වලින් විස්තර නොකරයි.

"ඔහු වැනි කිසිවකුත් නොමැත. තව ද ඔහු සර්ව ශ්රාවක හා සර්ව නිරීක්ෂක වේ." (අෂ්-ෂූරා: 11) (52) (අෂ්-ෂූරා: 11)

"අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්ම ඇත්තා ය. මද නින්ද හෝ (තද) නින්ද හෝ ඔහු ව ග්රහණය නොකරයි. අහස් හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහුගේ අනුමැතියෙන් මිස ඔහු අබියස මැදිහත් වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නේය. ඔහු අභිමත කළ පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ග්රහණය නොකරති. ඔහුගේ අසුන අහස් හි හා මහපොළොවෙහි ව්යාප්ත ව ඇත. ඒ දෙක ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නොවේ. තව ද ඔහු අති උත්තරීතර ය. සර්ව බලධාරී ය." (අල්-බකරා: 255) (53) (අල් බකරා: 255)

2- පැවැත්මේ ඉලක්කය සහ අරමුණ පැහැදිලි කිරීම.

"ජින් වර්ගයා හා මිනිස් වර්ගයා මා නැමදීමට මිස අන් කිසිවක් උදෙසා මම නොමැව්වෙමි." (අද්-දාරියාත්: 56) (54) (අද් දාරියාත්: 56)

“මම නුඹලා මෙන් මිනිසෙකු පමණි. නුඹලාගේ දෙවිඳුන් එකම දෙවිඳෙකු යැයි මා වෙත දන්වනු ලැබ ඇත. එහෙයින් කවරෙකු තම පරමාධිපතිගේ හමු ව අපේක්ෂා කරන්නේ ද ඔහු දැහැමි ක්රියාවන් සිදු කරත්වා! තම පරමාධිපතිට ගැතිකම් කිරීමෙන් කිසිවකු ආදේශ නොකරත්වා ! යැයි (නබිවරය,) නුඹ පවසනු.” (අල්-කහ්ෆ්: 110) (55) (අල් කහ්ෆ්: 110)

3- ආගමික සංකල්ප මානව හැකියාවන්ගේ සීමාවන් තුළ තිබිය යුතු වීම.

"අල්ලාහ් නුඹලාට පහසු ව ප්රිය කරයි. අපහසුතාව ඔහු ප්රිය නොකරයි..." (අල්- බකරා: 185) (56) (අල් බකරා: 185)

"අල්ලාහ් කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස වෙනත් කිසිවක් පටවන්නේ නැත. එය ඉපැයූ දෑ එයටය. එයට එරෙහිව ඉපැයූ දෑ ද එයටය." (අල් බකරා: 286) (57) (සූරා අල්-බකරා 286).

"(නීති රීති) සැහැල්ලු කිරීමටත් අල්ලාහ් අපේක්ෂා කරයි. තවද මිනිසා දුර්වලයෙකු ලෙස මවනු ලැබ ඇත." (අන්-නිසා: 28) (58) (අන්-නිසා: 28)

4- ඉදිරිපත් කරන සංකල්ප සහ උපකල්පනවල වලංගුභාවය පිළිබඳ බුද්ධිමය සාක්ෂි ඉදිරිපත් කිරීම.

දිව්ය පණිවිඩය එය සමඟ පැමිණි කරුණුවල වලංගුභාවය විනිශ්චය කිරීම සඳහා අපට පැහැදිලි සහ ප්රමාණවත් බුද්ධිමය සාක්ෂි ලබා දිය යුතුය.

ශුද්ධ වූ කුර්ආනය තාර්කික සාක්ෂි සහ සාධක ඉදිරිපත් කිරීමෙන් සෑහීමකට පත් නොවූ අතර, බහුදේවවාදීන්ට සහ අදේවවාදීන්ට ඔවුන් පවසන කරුණුවල වලංගුභාවය පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කරන ලෙස අභියෝග කළේය.

"යුදෙව්වෙකු ව හෝ කිතුනුවෙකු ව හෝ සිටි අය මිස වෙන කිසිවෙකු ස්වර්ග උයන ට පිවිසෙන්නේ නැතැ යි ඔවුහු පැවසූහ. එය ඔවුන් ගේ මනඃකල්පිතය යි. (නබිවරය) නුඹලා සත්යවාදීන් ව සිටියෙහු නම් නුඹලා ගේ සාධක ගෙන එන්නැ යි පවසනු." (අල්-බකරා:111) (59) (අල්-බකරා:111)

"තවද කවරෙකු අල්ලාහ් සමග වෙනත් දෙවියකු ඇරයුම් කරන්නේ ද ඔහුට කිසිදු සාධකයක් නොමැත. එහෙයින් ඔහුගේ විනිශ්චය ඔහුගේ පරමාධිපති අබියසය. නියත වශයෙන්ම දේවත්වය ප්රතික්ෂේප කරන්නන් ජය නොලබනු ඇත." (අල්-මුඃමිනූන්: 117) (60) (අල්-මුඃමිනූන්: 117)

"අහස්හි හා මහපොළොවේ කුමක් ඇත්තේ දැයි නුඹලා අධීක්ෂණය කර බලනු. තවද විශ්වාස නොකරන ජනයාට සංඥාවන් හා අවවාදයන් ප්රයෝජනවත් නොවනු ඇතැයි (නබිවරය!) නුඹ පවසනු." (යූනුස්: 101) (61) (යූනුස්: 101)

5- දිව්ය පණිවිඩය මගින් ඉදිරිපත් කරන ආගමික අන්තර්ගතයන් අතර පරස්පරතාවයක් නොතිබිය යුතුය.

“අල් කුර්ආනය ගැන ඔවුහු පරිශීලනය කළ යුතු නොවේ ද? එය අල්ලාහ් නොවන කෙනෙකු වෙතින් වී නම් එහි ඔවුහු පරස්පරයන් බොහෝමයක් දකිනු ඇත.” (අන්-නිසා: 82) (62) (අන්-නිසා: 82)

"ඔහු වනාහි නුඹ වෙත ධර්ම ග්රන්ථය පහළ කළේය. එහි පැහැදිලි තීන්දු සහගත වැකි ඇත. ඒවා ධර්ම ග්රන්ථයේ මූලය යි. තව ද අනෙක් ඒවා විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත වැකි ය. එබැවින් තම හදවත් තුළ ව්යාකූලත්වය ඇත්තන් වූ කලි ඔවුන් කලහකම් කිරීමේ අපේක්ෂාවෙන් ද, එහි අර්ථ විකෘති කිරීමේ අපේක්ෂාවෙන් ද එයින් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත දෑ අනුගමනය කරති. එහි යථාර්ථය අල්ලාහ් හා ගැඹුරු ඥානය ඇත්තවුන් හැර වෙන කිසිවෙකු නොදන්නේය. තවද අපි එය විශ්වාස කළෙමු. සියල්ල අපගේ පරමාධිපති වෙතිනි යැයි ඔවුහු පවසති. බුද්ධිමත් අය හැර වෙනත් කිසිවෙක් මෙනෙහි කරන්නේ නැත." (ආලු ඉම්රාන්: 7) (63) (ආලු ඉම්රාන්: 7)

6- ආගමික මූලාශ්ර මානව සදාචාරාත්මක සහජ නීතියට පටහැනි නොවිය යුතුය.

“එහෙයින් ඔබ ඔබේ මුහුණ දහම වෙත අවංක ව ස්ථාපිත කරනු. (එය) මිනිසා ඒ මත මැවූ අල්ලාහ්ගේ ස්වභාව ධර්මයයි. අල්ලාහ්ගේ මැවීමට කිසිදු පෙරළීමක් නොමැත. එය ඍජු ධර්මයයි. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා එය නොදනිති.” (අර්-රූම්: 30) (64) (අර් රූම්: 30)

"නුඹලාට (මේවා) පැහැදිලි කිරීමටත්, නුඹලාට පෙරවූවන්ගේ පිළිවෙත නුඹලාට පෙන්වා දීමටත්, නුඹලාට සමාව දීමටත් අල්ලාහ් අපේක්ෂා කරයි. තවද අල්ලාහ් සර්ව ඥානීය; සර්ව ප්රඥාවන්තය." (26) "තවද අල්ලාහ් නුඹලාට සමාව දීමටත් අපේක්ෂා කරයි. නමුත් මනෝ ආශාවන් අනුගමනය කරන්නවුන්, නුඹලා සම්පූරණයෙන්ම (නොමඟට)නැඹුරු වීම අපේක්ෂා කරති." (අන්-නිසා: 26-27) (65) (අන්-නිසා: 26-27)

7- ආගමික සංකල්ප භෞතික විද්යාවේ සංකල්පවලට පටහැනි නොවිය යුතුය.

“නියත වශයෙන්ම අහස් හා පොළොව එකට තිබුනි. පසු ව අපි ඒ දෙක වෙන් කළ බවත් තවද ජීවමාන සෑම දෙයක්ම ජලයෙන් ඇති කළ බවත් ප්රතික්ෂේප කළවුන් නොදුටුවෝ ද? එහෙයින් ඔවුහු විශ්වාස කළ යුතු නොවේ ද?” (අල්-අන්බියා: 30) (66) (අල් අන්බියා: 30)

8- එය මිනිස් ජීවිතයේ යථාර්ථයෙන් හුදකලා නොවිය යුතු අතර ශිෂ්ටාචාරයේ ප්රගතිය සමඟ වේගයෙන් ගමන් කළ යුතුය.

"තම ගැත්තන්හට හෙළි කළ අල්ලාහ්ගේ අලංකාරය හා පෝෂණයන්ගෙන් වූ යහපත් දෑ තහනම් කර ගන්නා කවරෙකු දැයි (නබිවරය !) නුඹ පවසනු. මෙය මෙලොව ජීවිතයේ ද විශේෂයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ද විශ්වාස කළවුනට සතු වූවකි. දැනුම ඇති පිරිසට මෙම සංඥාවන් අපි පැහැදිලි කරනුයේ එලෙසය." (අල්: අඃරාෆ්: 32) (67) (අල් අඃරාෆ්: 32)

9- සියලුම කාල සහ ස්ථාන සඳහා වලංගු විය යුතුය.

"...අද දින මම ඔබලාට ඔබලාගේ දහම පරිපුර්ණ කළෙමි. තව ද මාගේ දායාදය ද ඔබලාට පරිපූර්ණ කළෙමි. ඉස්ලාමය ඔබලාට දහමක් ලෙස මම තෝරා ගතිමි..." (අල්-මාඉදා: 3) (68) (අල් මාඉදා: 3)

10- දිව්ය පණිවිඩයේ විශ්වීයත්වය පැවතිය යුතුය.

"අහෝ ජනයිනි! සැබැවින්ම මම නුඹලා සියලු දෙනා වෙත වූ අල්ලාහ්ගේ ධර්ම දූතයා වෙමි. අහස් හා පොළොවේ ආධිපත්යය ඔහු සතුය. ඔහු හැර නැමදුමට වෙනත් සුදුස්සෙකු නොමැත. ඔහු ජීවය දෙයි. තවද මරණයට පත් කරයි. එබැවින් නුඹලා යහමඟ ලැබිය හැකි වනු පිණිස අල්ලාහ් ව ද ඔහු හා ඔහුගේ වදන් විශ්වාස කරන ඔහුගේ දූත උම්මි (ශාක්ෂරතාව නොදන්නා) නබිවරයාව ද විශ්වාස කරනු. තවද ඔහුව අනුගමනය කරනු." (අල්-අඃරාෆ්: 158) (අල් අඃරාෆ්:158)