අපේ කාලයේ බොහෝ දෙනෙක් ආලෝකය කාලයෙන් පිටත බව විශ්වාස කළ අතර, මැවුම්කරු කාලය සහ අවකාශයේ නීතියට යටත් නොවන බව පිළිගත්තේ නැත. ඉන් අදහස් කරන්නේ සර්වබලධාරී අල්ලාහ් සියල්ලට පෙර හා සියල්ලට පසු බව හා සර්වබලධාරි අල්ලාහ් ඔහුගේ කිසිදු මැවීමක් විසින් වට කර නොමැති බව ය.
සම්බන්ධිත අණු, එකිනෙකින් වෙන් වූ විට, එකම අවස්ථාවේදීම එකිනෙකා සමඟ දිගටම සන්නිවේදනය කරන බව බොහෝ අය විශ්වාස කළ නමුත් මැවුම්කරු, ඔහුගේ ගැත්තන් යන ඕනෑම තැනක ඔහුගේ ගැත්තන් සමඟ සිටියි යන සංකල්පය පිළිගත්තේ නැත. ඔහු බුද්ධිය නොදැක ඔහුට එය ඇති බව විශ්වාස කළ නමුත් අල්ලාහ් දැකීමෙන් තොරව ඔහුව විශ්වාස කිරීම ප්රතික්ෂේප කළේය.
බොහෝ දෙනෙක් ස්වර්ගය සහ අපාය විශ්වාස කිරීම ප්රතික්ෂේප කළ අතර, ඔහු නොදුටු වෙනත් ලෝකවල පැවැත්ම පිළිගත්හ. ද්රව්ය විද්යාව ඔහුට පැවසුවේ මිරිඟුව වැනි මුලින් නොමැති දේවල් විශ්වාස කර තහවුරු කරන ලෙසයි, ඔහු මෙය විශ්වාස කර පිළිගනී. නමුත් මරණ අවස්ථාවේදී භෞතික විද්යාව සහ රසායන විද්යාව මිනිසුන්ට පොරොන්දු වූ පරිදි කිසිදු ප්රයෝජනයක් ගෙන දෙන්නේ නැත.
පොත දන්නා පමණින් ලේඛකයාගේ පැවැත්ම ප්රතික්ෂේප කළ නොහැක, ඒවා ආදේශක නොවේ. විද්යාව විශ්වයේ නියමයන් සොයාගත් නමුත් ඒවා සකස් කළේ නැත. ඒවා සකස් කර ඇත්තේ මැවුම්කරුය.
දේවත්වය විශ්වාස කරන්නන් අතර ද භෞතික විද්යාව සහ රසායන විද්යාව පිළිබඳ ඉහළ උපාධි ඇති අය සිටින නමුත් ඔහු මෙම විශ්වීය නීති පිටුපස ශ්රේෂ්ඨ මැවුම්කරුවෙකු සිටින බව වටහා ගනී. භෞතිකවාදීන් විශ්වාස කරන භෞතිකවාදී විද්යාව සොයාගෙන ඇත්තේ දෙවියන් විසින් නිර්මාණය කරන ලද නීති වේ. නමුත් විද්යාව කිසිසේත් මෙම නීති නිර්මාණය කළේ නැත. දෙවියන් විසින් නිර්මාණය කරන ලද මෙම නීති නොමැතිව විද්යාඥයින්ට අධ්යයනය කිරීමට කිසිවක් සොයාගත නොහැකිය. ඒ සමගම දේව විශ්වාසය මෙලොවෙහි හා මතුලොවෙහි දේව විශ්වාසීන්ට ප්රයෝජනවත් වනු ඇත. එය ඔවුන්ගේ මැවුම්කරු කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය වැඩි කරන විශ්ව නීති ඔවුන් දැන ගැනීමෙන් හා ඉගැන්වීම තුළිනි.
පුද්ගලයෙකුට දරුණු ඉන්ෆ්ලුවෙන්සා ආසාධනය වූ විටෙක හෝ අධික උණක් ඇති වූ විටෙක, ඔහුට බීමට වතුර වීදුරුවකට අත තැබිය නොහැකිය. එසේනම් ඔහු තම මැවුම්කරු සමඟ ඇති සබඳතාව අත්හැරිය හැක්කේ කෙසේද?
විද්යාව නිරන්තරයෙන් වෙනස් වන අතර නව සොයාගැනීම් මගින් පෙර පැවති න්යායන් අභිබවා යන බැවින් විද්යාව පමණක් සම්පූර්ණයෙන් විශ්වාස කිරීම ගැටළුවකි. අපි විද්යාවට ගන්නා සමහර දේවල් තවමත් න්යායික වේ. විද්යාවෙන් සොයාගත් සියල්ල ස්ථාවර හා නිවැරදි යැයි අප උපකල්පනය කළද, අපට තවමත් ගැටලුවක් ඇත. එනම් වර්තමානයේ විද්යාව සොයා ගන්නා තැනැත්තාට සියලු කීර්ති නාම පිරිනමා නිමවුම්කරු නොසලකා හැරීමයි. නිදසුනක් වශයෙන්, යමෙකු කාමරයකට ඇතුළු වී අලංකාර, හොඳින් නිමවා ඇති චිත්රයක් සොයාගෙන, එම සොයාගැනීම ගැන මිනිසුන්ට පැවසීමට පිටතට යනවා යැයි සිතමු. සිතුවම සොයාගත් මිනිසා සෑම කෙනෙකු විසින්ම අගය කරන අතර වඩාත් වැදගත් ප්රශ්නය ඇසීමට අමතක කරයි: "එය පින්තාරු කළේ කවුද?" යන්නයි. ස්වභාවධර්මයේ සහ අභ්යවකාශයේ නියමයන් පිළිබඳ විද්යාත්මක සොයාගැනීම් ගැන පැහැදීමක් ඇති මිනිසුන් මෙම නීති නිර්මාණය කළ තැනැත්තාගේ නිර්මාණශීලිත්වය අමතක කරන නිසා ඔවුන් කරන්නේ ද එයමය.
භෞතික දැනුමෙන් පුද්ගලයෙකුට මිසයිලයක් ගොඩනගා ගත හැකිය. නමුත් උදාහරණයක් ලෙස මෙම විද්යාව සමඟ ඔහුට කලාත්මක සිතුවමක අලංකාරය විනිශ්චය කළ නොහැක. දේවල්වල වටිනාකම තක්සේරු කළ නොහැක. හොඳ සහ නරක ගැන අපට හඳුනා දෙන්නේ නැත. භෞතික දැනුමෙන් වෙඩි උණ්ඩවලින් මැරෙන බව අපි දනිමු. නමුත් ඒවා අනුන් මරා දැමීම සඳහා පරිහරනය කිරීම වැරදියි යන වග අපි නොදනිමු.
ප්රසිද්ධ භෞතික විද්යාඥ ඇල්බට් අයින්ස්ටයින් මෙසේ පවසයි: "විද්යාව ආචාර ධර්ම මූලාශ්රයක් විය නොහැක. විද්යාව සඳහා ආචාරධාර්මික පදනම් ඇති බවට සැකයක් නැති නමුත් ආචාර ධර්ම සඳහා විද්යාත්මක පදනම් ගැන කතා කළ නොහැක. විද්යාවේ නීති සහ සමීකරණවලට ආචාරධර්ම යටත් කිරීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක වී ඇති අතර ඉදිරියටත් අසාර්ථක වනු ඇත."
සුප්රසිද්ධ ජර්මානු දාර්ශනිකයෙකු වන ඉමැනුවෙල් කාන්ට් මෙසේ පවසයි: “දෙවියන්ගේ පැවැත්ම පිළිබඳ සදාචාරාත්මක සාක්ෂිය යුක්තියේ අවශ්යතා අනුව ස්ථාපිත කරන ලදී. මන්ද යහපත් මිනිසාට විපාක ලැබිය යුතු අතර, නපුරු මිනිසාට දඬුවම් ලැබිය යුතු බැවිනි. සෑම දෙයක්ම දරාගෙන සිටින උසස් ප්රභවයක් ඉදිරියේ මිස මෙය සිදු නොවේ. මිනිසා තමා කළ දෙයට වග කිව යුතු අතර, සාක්ෂිය පදනම් වී ඇත්තේ ගුණය සහ සතුට ඒකාබද්ධ කිරීමේ හැකියාව මත ය. මන්ද සියල්ල දන්නා සහ සර්වබලධාරී වන ලෝකෝත්තරයාණන් ඉදිරියේ මිස ඒවා ඒකාබද්ධ කළ නොහැක, ස්වභාවධර්මයට ඉහළින් ඇති මෙම උත්තරීතර සහ පවතින මූලාශ්රය දෙවියන් වහන්සේ නියෝජනය කරයි.
යථාර්ථය නම්, ආගම යනු වගකීමකි; අනිවාර්යය කටයුත්තකි. එය හෘද සාක්ෂිය අවදි කරවන අතර සෑම ලොකු කුඩා කාරණයකදීම තමා තමාටම වගකිව යුතු බව දේවත්වය විශ්වාස කරන්නාගෙන් ඉල්ලා සිටී. දේවත්වය විශ්වාස කරන්නා තමාට මෙන්ම තම පවුලට, තම අසල්වැසියාට සහ ආගන්තුකයාට පවා වගකිව යුතු අතර, ඔහු හේතු සාධක ක්රියාත්මක කර දෙවියන් කෙරෙහි විශ්වාසය තබයි, මෙය අබිං වලට ඇබ්බැහි වූවන්ගේ එක් ලක්ෂණයක් යැයි මම නොසිතමි [43]. අබිං යනු හෙරොයින් නිෂ්පාදනය සඳහා භාවිතා කරන පොපි ශාකයෙන් නිස්සාරණය කරන ලද මත් ද්රව්යයකි.
ජනයා අතර සැබෑ ලෙස අබිංවලට ඇබ්බැහි වූ තනැත්තා තුළ අදේවවාදය මිස දේව විශ්වාසය නැත. අදේවවාදය තම අනුගාමිකයින් භෞතිකවාදයට කැඳවා, ආගම ප්රතික්ෂේප කරන්නට සළස්වා වගකීම් සහ යුතුකම් පැහැර හැරීමට සළස්වා ඔවුන්ගේ මැවුම්කරු සමඟ ඔවුන්ගේ සම්බන්ධතාවය කොන් කර, ප්රතිවිපාක නොතකා, ඔවුන් ජීවත් වන මොහොත භුක්ති විඳීමට ඔවුන්ව පොළඹවන බැවිනි. දිව්යමය අධීක්ෂකයෙකු හෝ ගිණුම් බලන්නෙකු නොමැති බවත්, නැවත නැඟිටීමක් හෝ ගිණුමක් නොමැති බවත් විශ්වාස කරමින් ඔවුන් ලෞකික දඬුවම් වලින් ආරක්ෂිත තත්වයක ඔවුන් කැමති දේ කරති. ඇත්තටම එය ඇබ්බැහි වූවන් ගැන විස්තරයක් නොවේද?